දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මට දැන් 96 යි තාම අවිවාහකයි - ඒවුණාට වයස 30 ශක්තියක් දැනෙනවා -ආචාර්ය එඩිවින් ආරියදාස
Homeගොසිප්

මට දැන් 96 යි තාම අවිවාහකයි - ඒවුණාට වයස 30 ශක්තියක් දැනෙනවා -ආචාර්ය එඩිවින් ආරියදාස

PropellerAds

• ඔබේ හඳහනට අනුව මහා සෙනෙවියෙක් වන බව කියලා තිබුණා. මම ඉපදුණේ ගාල්ලේ උණවටුනේ. 1922.12.03. උඳුවප් පෝය යෙදුණු ඉරිදා සවස 5.00. මම උපන්නේ මේෂ...

ගුවන් යානයත් සමග අතුරුදන් වූ උපාලි විජයවර්ධන තවම රහසිගතව ජීවත් වෙනවාද ?
තරුණියට පහරදී මුහුණ සපා කා රන්මාලය කොල්ල කාලා
මදුෂ් 'ලොකු පුතා' පියා අභාවයෙන් තුන් මාසේ වෙනුවෙන් පන්සලට පූජා කළ බිල්ඩිම

• ඔබේ හඳහනට අනුව මහා සෙනෙවියෙක් වන බව කියලා තිබුණා.

මම ඉපදුණේ ගාල්ලේ උණවටුනේ. 1922.12.03. උඳුවප් පෝය යෙදුණු ඉරිදා සවස 5.00. මම උපන්නේ මේෂ ලග්නයෙන්. ඒ කාලේ මාස තුන හතරකට වරක් ජ්‍යොතිෂඥයෙක් ගෙදරට එනවා. පුංචි කාලයේ මගේ වේලා
පත්කඩය බැලූ හැම කෙනෙක් ම පාහේ කිව්වේ මම සෙනෙවියෙක් වෙනවා කියලා. ජනකාන්ත චරිතයක් යන්නට තමයි මෙසේ සෙනෙවියෙක් කියා කීවේ. පුංචි කාලේ මට ආදරය, කරුණාව, උපරිමයෙන් ලැබුණා. මම පවුලේ බාලයා, වැඩිහිටි අයියලා තුන්දෙනයි, අක්කලා දෙන්නයි. .


• ඔබේ අනාගතය, ඒකාන්තයෙන් සරු වෙන බවට ගුරුවරු පවා ඉඟි පළ කළා.

ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් තමයි පාසල් අධ්‍යාපනය හැදෑරුවේ. සිංහල - බෞද්ධ මිශ්‍ර පාඨමාලාවන් එහිදී ඉගෙන ගත්තා. මගේ කුළුපඟ පාසල් මිත්‍රයකුගේ යොමු කිරීමට බොන් කැකෝ කියලා ජ්‍යොතිෂඥයෙක් හමුවුණා. ඔහු කීවා මම ලෝකේ ප්‍රසිද්ධ වෙන කෙනෙක් වෙනවා කියලා. මගේ මිතුරු සුසිරිපාලයි මමයි මේ කතාවට ඉමක් කොනක් නැතුව හිනා වුණා. මම පුංචි කාලේ ඉඳලා හොඳ මිතුරු පිරිසක් ඇසුරු කළා.

මුනිදාස සමරසිංහ, ආතර් විජේරත්න, සුසිරිපාල, අනඳපිය කුඩාතිහි වගේ අය අපි එකට එකතු වුණාම කථා කරන්නෙ ඕපාදූප නෙමෙයි. අලුත් පොත්පත් අලුත් දෑ වගේ අරුත්බර දේවල්. පුංචි කාලෙත් සිංහල, ඉංග්‍රීසි පොත් කියෙව්වා. මම පාසල් යන කාලෙත් ඔබ්සර්වර්, සිළුමිණ, පුවත්පත් තිබුණා. එහි ප්‍රහේළිකා පුරවන්න මම කැමැතියි.

දවසක් ගුරුවරයෙක් පන්තියේ ළමයින්ගෙන් අනාගතයේ කවුරුන් වෙනවද කියලා ඇහුවම මම කීවා පුවත්පත් කර්තෘ කෙනෙක් වෙනවා කියලා. අනිත් ළමයින් මට හිනා වුණා. කොහොම වුණත් ඒ කාලෙදි සිළුමිණ, ඔබ්සර්වර් පුවත්පත් කියවලා මා විශාල දැනුමක් ලබාගත්තා.‍

• සරසවි අධ්‍යාපනය ලැබීම ජීවිත දෛව රේඛාව සුබ දිශානතියක් කරා යොමු කළා.
ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් තමයි විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබුණේ. පාසලෙන් සරසවියට තේරුණු 14 දෙනෙක් පසුකාලීනව ආචාර්ය උපාධිය ලැබුවා. මම ලිපියක් ලීවා මහින්දයේ පුදුම උපදවන අවුරුද්ද කියලා. අපි සරසවි අධ්‍යාපනය ලබන කාලයේ, අන්තර්ජාල, ටෙලිවිෂන් ස්මාර්ට් ෆෝන් කිසිවක් නැහැ. ඒත් අපි ශාස්ත්‍රයට දැක්වූ ළැදියාව, කැපවීම පුදුම තරම්. අපි විශ්ව විද්‍යාලයට යන්න පෙර යුනිවසිටි කොලේජ් තිබුණේ ලන්ඩන් විශ්වවිද්‍යාලය හා බද්ධ වෙලා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඇරැඹුවාම වසර 1945 එහි ප්‍රථම උපාධිධාරින් වුණේ අපි තමයි. ඒ කාලයේ උපකුලපති වුණේ අයිවර් ජෙනින්ස්.



• ජීවිතයේ 96 වැනි සැතපුම් කණුව පසුකරන ඔබ තවමත් ක්‍රියාශීලීයි. එදිනෙදා කටයුතු සිදුකරගන්නේ තනිවමයි. අවිවාහක යෝගයක් හඳහනේ පිහිටලා තිබුණද?


විවාහය ප්‍රමාද වෙනවා කියලා තමයි සඳහන් වුණේ. දැන් වුණත් මට විවාහයක අඩුපාඩුවක් නොදැනෙන තරමට හැමකෙනාගෙන් ම ආදරය ලැබෙනවා.

පුංචි කාලයේ දෙමවුපියන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන් ආදරය, රැකවරණය, සෙනෙහස නොඅඩුව ලැබුණා. සමහර විට මා විවාහ වුණා නම් මේ තරමට ඥාන ගවේෂණයේ නොයෙදෙන්න ඉඩ තිබුණා. ගෙදර අය මට විවාහ වෙන්න කියලා බල කළෙත් නැහැ.

විවාහ නොවුණාය කියලා මට ජීවිතයේ කිසිම අඩුපාඩුවක් දැනෙන්නෙ නැහැ. ඒ තරමට මා සතුටින් සැහැල්ලුවෙන් ඉන්නේ. මට කවුරුත් තරහ කාරයෝ නැහැ. එදිනෙදා වැඩ කටයුතුවල යෙදිලා ගෙදර එද්දී මහ රෑ වුණත් හැමදාම උදේ 6.00 ට මම ඇහැරෙනවා. මම මස් වර්ග කන්නෙ නෑ. පුංචි කාලේ ඉඳලාම පළා වර්ග වලට තමයි කැමැති. වයස අවුරුදු 30 කෙනකුටත් වඩා ශක්තියක් මට තියෙනවා. බෞද්ධ දර්ශනයට ගොඩක් ළැදියි. හැකි උපරිම අයුරින් බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරනවා. .



• ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට හේතුව දෛවයද? කැපවීම, උත්සාහය, උනන්දුව වගේ ගුණාංග ද?

සියල්ලක්ම කීවොත් නිවැරැදියි. මගේ ජීවිතයේ ඉරණම දෝලනය වන ආකාරය දෛවයේ අපූරුවට ලියැවිලා තිබුණා. මගේ හස්ත රේඛා වලිනුත් ඒ බව තවදුරටත් ගම්‍ය වෙනවා. ඒ වගේ ම මම ක්‍රමානුකූල ජීවිතයකට හැඩ ගැසිලා තියෙන්නේ. ගතවෙන හැම තත්පරෙන් ම ඵලදායි ලෙස දැනුම උකහා ගන්න දැනුම කාටත් බෙදාදෙන්න වැය කරනවා.

කවුරුන් කෙරේ වුණත් මෛත්‍රිය පතුරවනවා ජීවත්වෙන්න ශක්තිය තියන කෙනාව කුඩා කාලේ වනගහනයක ගිහින් දැම්මත් මොන විදිහකින් හරි දිවි රැකෙනවා.

දෛවය, පරිසරය, වාසනා ගුණය, උත්සාහය මේ හැම දෙයක් ම කෙනකුගේ සාර්ථකත්වයට එක සේ හේතු සාධක වෙනවා. උදාවෙන හැම දවසක් ම මට අලුත් දවසක්.

දෙස්, විදෙස් රටවල සංචාරය කරමින් මා අපමණ දැනුම් සම්භාරයක් එක් රැස් කරගෙන තියෙනවා. තවමත් දැනුම් පිපාසය සංසිදී නැහැ. ඒත් වත්මන් දරු පරපුර, වැඩිහිටියන්, මේ ගතවෙන අගනා කාලයෙන් නියම ඵල ප්‍රයෝජන නොගැනීම නම් කනගාටුවට කරුණක්. තමන්ගේ දෛව රේඛාව ජයග්‍රහණය කරා මෙහෙයවිය හැක්කේ තමාටමයි.”


සටහන - නිශානී හේරත් බන්නැ­හැක 
සේයාරූ - රුවන් ද සිල්වා
සිළුමිණ - රසඳුන


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මට දැන් 96 යි තාම අවිවාහකයි - ඒවුණාට වයස 30 ශක්තියක් දැනෙනවා -ආචාර්ය එඩිවින් ආරියදාස
මට දැන් 96 යි තාම අවිවාහකයි - ඒවුණාට වයස 30 ශක්තියක් දැනෙනවා -ආචාර්ය එඩිවින් ආරියදාස
http://ift.tt/2prMKpV
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/96-30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/96-30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy