දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නඩු 5 ක් ඇති ‘එස්.එෆ්. ලොක්කා’ මැයි 09දා තෙක් රිමාන්ඩ්
Homeගොසිප්

නඩු 5 ක් ඇති ‘එස්.එෆ්. ලොක්කා’ මැයි 09දා තෙක් රිමාන්ඩ්

PropellerAds

කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ වසරකට අධික කාලයක් අඛණ්ඩව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි මහාධිකරණයෙන් දැඩි අප කොන්දේස...

මෛත්‍රී රනිල් සැරයටියෙන් යනෙනතුරා ජාතික ආණ්ඩුවේ (සඳුදා කාටූන්)
මහින්ද රාජපක්‍ෂට මරණ දඬුවම දිය යුතුයි – ජවිපෙ මන්ත්‍රී නලින් හේවගේ
පවුලේ වැඩසටහනට අතුල අමායා දියණිය සමග

කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ වසරකට අධික කාලයක් අඛණ්ඩව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි මහාධිකරණයෙන් දැඩි අප කොන්දේසි මත මුදාහැර සිටින අතරතුර මූල්‍ය ආයතනයකට අයත් සුඛෝපභෝගී ජීප් රථයක් පැහැර ගැනීම
සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා මැයි මස 9 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (27දා) නියෝග කෙළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සංජීව මහනාම මහතාට තවදුරටත් නියෝග කරනු ලැබීය.
ජීප් රථයක් පැහැර ගැනීම සහ ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීම යන චෝදනා මත සැකකාර එස්.එෆ්. ලොක්කා අධිකරණයට ඉදිරිපත් කෙරිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බී වාර්තාවක් මඟින් මහාධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර පොලිසිය සඳහන් කෙළේ මූල්‍ය ආයතනයකට අයත් සුඛෝපභෝගී ජීප් රථයක් පසුගිය 21දා පැහැර ගැනීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරු පොලිසියට අවශ්‍යව සිටි බවයි.

ඔහු අත්අඩංගුට ගැනීමට මෙහෙයුමක් දියත් කළ බවද සඳහන් කළ පොලිසිය දින කිහිපයක් සැඟව සිට වෑන් රථයකින් හොර රහසේ පැන යෑමට තැත් කළ අවස්ථාවේ සැකකරු අනුරාධපුර, දහයියාගම හන්දියේදී අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාගේ සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගත් බවද කීවේය.

පසුව සැකකරුගෙන් දීර්ඝව කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පැහැර ගත් බවට සැක කෙරෙන ජීප් රථය මිහින්තලේ කුරුන්දන්කුලම ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකිවූ බවත් එම ජීප් රථයේ වටිනාකම රුපියල් ලක්‍ෂ එකසිය පනහ ඉක්මවනු ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සතුව ජීව අත්බෝම්බයක්ද තිබුණ බව අධිකරණයට සැල කළ පොලිසිය මෙම සැකකරු වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු බවද කීය. එම අපරාධයට අදාළව මෙම සැකකරු වසරකට අධික කාලයක් අඛණ්ඩව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිට අනුරාධපුර මහාධිකරණය මඟින් දැඩි ඇප කොන්දේසි මත මුදා හැර සිටියදී මෙම ජීප් රථය පැහැර ගෙන ඇති බවද අධිකරණයට කියා සිටි පොලිසිය මේ තුළින් සැකකරු අනුරාධපුර ගරු මහාධිකරණය මඟින් පෙර පනවා ඇති ඇප කොන්දේසි මුළුමනින්ම කඩ කර ඇති බවද කීවේය.

සැකකරුට එරෙහිව තවත් ජීව අත්බෝම්බ සිද්ධියකට අදාළ නඩුවක්ද පුද්ගලයකු කැපීමේ සිද්ධියකට අදාළ නඩුවක්ද පහරදීමේ සිද්ධියකට අදාළ නඩුවක්ද අධිකරණය හමුවේ පවතින බවද පොලිසිය අධිකරණයට සැල කළේය. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක එච්.එම්. යසරත්න සහ සැරයන් ජයසේකර (1917) යන මහත්වරුන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කීවේය. සැකකරු වෙනුවෙන් නීතිඥ ඉඳුනිල් හෙට්ටිආරච්චි මහතා පෙනී සිටියේය.

අනුරාධපුර - ආනන්ද කරුණාදාස,
- මහේෂ් විජේසුරිය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නඩු 5 ක් ඇති ‘එස්.එෆ්. ලොක්කා’ මැයි 09දා තෙක් රිමාන්ඩ්
නඩු 5 ක් ඇති ‘එස්.එෆ්. ලොක්කා’ මැයි 09දා තෙක් රිමාන්ඩ්
http://ift.tt/2p9ZqDP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/5-09.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/5-09.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy