දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එක වසරේ දරුවන් 4,500කට ඔටිසම්
Homeගොසිප්

එක වසරේ දරුවන් 4,500කට ඔටිසම්

PropellerAds

පාසල්වල පළමුවැනි ශේ්‍රණියට සෑම වර්ෂයකම ඇතුළත් කරන දරුවන් අතරින් 4,500ක පමණ සංඛ්‍යාවක් ඔටිසම් රෝගයෙන් පෙළෙන බවට ඇස්තමේන්තු කළ හැකි යැයි ළමා...

කරුණා අම්මාන් අත්අඩංගුවට
ලංකාවේ මස් කෑම අඩුවී මාළු පරිභෝජනය ඉහළ ගිහින්
නත්තල් සීයා හොරෙන් ඇවිත් හමුවුනේ කාවද (අඟහ. කාටූන්)
පාසල්වල පළමුවැනි ශේ්‍රණියට සෑම වර්ෂයකම ඇතුළත් කරන දරුවන් අතරින් 4,500ක පමණ සංඛ්‍යාවක් ඔටිසම් රෝගයෙන්
පෙළෙන බවට ඇස්තමේන්තු කළ හැකි යැයි ළමා මානසික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය හා කොළඹ වෛද්‍ය පීඨයේ ජේ‍යෂ්ඨ කථිකාචාරිනී සුදර්ශි සෙනෙවිරත්න පැවැසුවාය.

ලෝක ඔටිසම් දිනය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී ඊයේ (26දා) පැවැති මාධ්‍ය හමුවේදී ඊට සහභාගි වූ ළමා මානසික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුද එය අනුමත කළහ.

ඔටිසම් රෝගය යනු දරුවකුගේ මොළය වර්ධනයේ සිදුවන වෙනස්කම් නිසා හටගන්නා රෝගයක්
බවත් වත්මන් ශ්‍රී ලංකාවේ සෑම ළමයින් 93 දෙනකුගෙන්ම එක් අයකුට ඔටිසම් තත්ත්වය ඇතැයි අධ්‍යයනවලින් අනාවරණය වී තිබෙන බව විශේෂඥ මනෝ වෛද්‍ය, ළමා හා යොවුන් මානසික රෝග විශේෂඥ වෛද්‍ය ස්වර්ණ විජේතුංග සඳහන් කළාය.

ලෝක තත්ත්වය අනුව සෑම ළමයින් 110කින් එක අයකුටම ඔටිසම් තත්ත්වය ඇතැයි සොයාගෙන තිබෙන බවත් පිරිමි ළමයින්ට රෝගය වැලඳීමට ඇති හැකියාව තුන් හතර ගුණයකින් වැඩි බවත් සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරිය එම රෝගයේ ප්‍රධාන ලක්ෂණ නම් සමාජ සබඳතා අවම වීම, කථනය ප්‍රමාද වීම, කතා කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ ගැටලු, සංවේදනය පිළිබඳ අඩු වැඩිවීම්, සෙල්ලම් බඩු වෙනස් ආකාරයෙන් භාවිත කිරීම. පරිසරය හඳුනාගැනීමට නොහැකිව ක්‍රියා කිරීම යනාදිය බවත් එවැනි ලක්ෂණ කුඩා කල සිටම දැනගත හැකි බවට පැවැසුවාය.

මේ සඳහා ඔෟෂධ නැති බව සදහන් කළ විශේෂඥ වෛද්‍යවරිය රෝගය හඳුනාගත් පසු කථන පුහුණුව හා බුද්ධිය දියුණු කිරීමේ ප්‍රතිකාර ඉක්මනින්ම ආරම්භ කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකි බව අවධාරණය කළාය.
ඔටිසම් රෝගය ඇතුළු ළමා මානසික රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා දෙන ළමා මානසික සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීම මෙවැනි දරුවන් සඳහා විශේෂ අවධානයකින් අධ්‍යාපනයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ කටයුතු කිරීම මෙන්ම අදාළ සෑම අංශයක්ම ඒකාබද්ධ වැඩපිළිවෙළක නිරත වීම අත්‍යවශ්‍ය බව මෙහිදී අවධාරණය කෙරිණි.

(දයා පෙරේරා)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එක වසරේ දරුවන් 4,500කට ඔටිසම්
එක වසරේ දරුවන් 4,500කට ඔටිසම්
http://ift.tt/2q8nTaQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/4500.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/4500.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy