දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මං වයස 16 න් පස්සේ බර්ත්ඩේ සමරල නෑ - ගයාත්‍රි ඩයස්
Homeගොසිප්

මං වයස 16 න් පස්සේ බර්ත්ඩේ සමරල නෑ - ගයාත්‍රි ඩයස්

PropellerAds

 මේ සැරේ අවුරුද්දට ගෙදර වගේ අනිවාර්යෙන්ම, අපි හැම අවුරුද්දෙම ගෙදර තමා ඉන්නේ.  දැන් අවුරුද්දට මොන විදියටද ලෑස්තිවෙන්නේ ? ඇත්තටම ,පො...

රාවණා ඇල්ලේ අවදානම් කලාපය තරණය කරන්නට ගොස් ප‍්‍රංශ තරුණියක් මරුට
ගෝඨා වෙනුවෙන් ගම්මංපිල චන්ද්‍රිකාට එරෙහිව නඩු මගට
පොකමන් ගෝ නිසා පෙම්වතියට පෙම්වතා අහිමි වෙයි


 මේ සැරේ අවුරුද්දට ගෙදර වගේ


අනිවාර්යෙන්ම, අපි හැම අවුරුද්දෙම ගෙදර තමා ඉන්නේ.


 දැන් අවුරුද්දට මොන විදියටද ලෑස්තිවෙන්නේ ?


ඇත්තටම ,පොඩි අය ඉන්න නිසා අවුරුද්ද කියලා දෙයක් අපි සිතන්න ඕන නේ.නැත්නම් ඉතිං තියෙන කාර්යබහුලත්වයත් එක්ක අවුරුද්ද කියලා වෙනම සමරන්න පුළුවන් හැකියාවක් නැහැ. නමුත් සාමාන්‍ය විදියට චාරිත්‍ර ඉටු කරමින් අලුත් අවුරුද්ද සමරන්න තමා හිතාගෙන ඉන්නේ.

 ගයත්‍රී,අවුරුද්දට කැවිලි එහෙම හදලා ඇති නේද?

අනේ නැහැ. ඇත්තටම කැවිලි හදන්න වුණේ නැහැ. අම්මලා හදන කැවිලි වලින් ටික ටික මටත් ලැබෙනවා.ඉතිං මම සාමාන්‍ය විදියට කිරිබත් හදලා, නැකතට කරන වැඩ ටික කරනවා.

 ඒ කියන්නේ ගයත්‍රී ගොඩක් කාර්යබහුලයි.

ඔව්.අප්‍රේල් මාසේ 6,7 එක දිගටම වැඩ. ඒ නිසා කැවිලි හදන්න වෙලාවක් නැහැ.

 මතක් කරමු නේද අතීතයේ අලුත් අවුරුද්ද එක්ක කාලය ගත කළ හැටි?

අපි කොළඹ ජිවත්වන නිසාද කොහෙද,ඉස්සර වගේ අවුරුද්ද කියන දේ හරියට කෙරෙන්නේ නැහැ කියලා මට දැනේනේ. නමුත් ඉතිං සාමාන්‍ය විදියට අපේ බබාලා එක්ක ගමේ යනවා හැමදාම අවුරුද්දට. ගමට ගිහින්, ගමේ දේවල් එක්ක අවුරුදු සමරනවා. ගිය අවුරුද්දේ අපි හිස තෙල් ගාන්න ගමේ ගියා. මේ පාරත් අපි ගමේ යනවා.

 ගයත්‍රී පොඩි කාලේ මොන විදියටද අවුරුද්ද සැමරුවේ?

ඉස්සර අවුරුද්ද හරිම සුන්දරයි වගේ දැනෙනවා. ඒ කාලේ අපි අවුරුද්ද කියන දේ හොඳට සැමරුවා. චිත්ත ගවුම් ඇඳගෙන,ඔන්චිලි පැදපු, සෙල්ලම් කළ කාලයක් තිබුණා. අපි ඒ දවස එනතුරු බලාගෙන හිටියා. අද ඒ වරප්‍රසාද දරුවන්ට නැහැ. ඒ කාලයේ අවුරුද්දේ තිබුණු සුන්දරත්වය දැන් නැහැ.ඉස්සර නම් අවුරුද්ද කියලා දෙයක් දැනුණා. දැන් නම් ඒක නිකන් දවසක් විතරක් බවට පත්වෙලා කියලා දැනෙනවා.

 ඔබ හිතන විදියට සැබෑ අවුරුද්ද කියන්නේ ?

හිතේ දුකක් නැතිව,සතුටින් හැමෝමත් එක්කම සමගියෙන්, ආදරයෙන් ඉන්න පුළුවන් නම් ඒක තමා සැබෑ අවුරුද්ද. ඒකට දිනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපිට චාරිත්‍ර කියලා දෙයක් තියෙනවා. ඒ දේවල් එක්කයි මේ හැම දෙයක්ම බැඳිලා තියෙන්නේ. මේ මම දකින සැබෑ අලුත් අවුරුද්ද.

 හැම අලුත් අවුරුද්දක්ම ගයත්‍රිට ගොඩක් සුවිශේෂී නේද?

ඔව් ඔව්. මගේ b’day එක 16 වෙනිදට තියෙන නිසා සුවිශේෂීයි. හැබැයි ඉතින් එදාට යාළුවෙක්වත් කොලඹ නැහැ. ගොඩක් දෙනෙක් ගමේ ගිහින් නේ. හැබැයි මම b’ day එක සමරන කෙනෙක් නෙමෙයි. මගේ first and last b’ day එක සමරුවේ මට අවු.16 දී. සමහර අයට නම් surprize party ලැබෙනවා නේ. මට එහෙම එකකවත් කවදාවත් ලැබිලා නැහැ. මට එහෙම දෙන්න යාළුවොත් නැහැ. මට ගොඩක් යාළුවෝ නැහැ. එහෙම ඉන්න අයට ඒ වගේ chances තියෙන්නේ. මට එහෙම නැහැ.

 ඔබට ඉන්නේ දියණිවරුම දෙන්නෙක්. අම්මා කෙනෙක් විදියට ලොකු වගකීමක් ඔබට තියෙනවා.

ඔව් ඒක ඇත්තටම කවදාවත් අමතක කරන්න පුළුවන වගකීමක් නෙමෙයි. මම ගොඩක් අඩු වයසින් විවාහ වෙලා බබාලා දෙන්නෙක් ලැබුණ කෙනෙක්. දියණියන් දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් කියන්නේ ඔවුන්ව හොඳින් රැකබලාගත යුතු කෙනෙක්. ඔවුන්ට ඇයගේ ආරක්ෂාව, සහය, ආදරය සියල්ල නිතරම ලැබිය යුතුයි. ඒ වගකීම ගැන හොදින් දන්නා කෙනෙක් මම.

 ආදරණිය දියණියන් දෙන්නා ගැන අම්මා ගොඩක් ආඩම්බරයි වගේ.


ඔව්. ඒ දෙන්නම ඉගෙනීමේ කටයුතු හොදින් කරගෙන යනවා. ලොකු දුවට දැන් අවු. 17 ක් වෙනවා. දැන් එයා උසස් අධ්‍යාපනය සදහා කැනඩා යන්න ඉන්නවා. මාසෙකින් විතර එයා යනවා. චුටි බබා දැන් 6 වසරේ. එයා Royal Insititute එකේ ඉගෙන ගන්නවා. දෙන්නම හරිම හොඳයි. හොඳ හැදියාවක් තියෙන දරුවෝ දෙන්නෙක් මට ඉන්නවා.අම්මා කෙනෙක් විදියට ඒක මට ලොකු සතුටක්.

 දෙන්නගෙන් එක්කෙනෙක්වත් කලා ක්ෂේත්‍රයට එන්න කැමැත්තක් නැද්ද?

ඒ දෙන්නට ලොකු කැමැත්තක් නැහැ. අපේ කිසිම අකැමැත්තක් නැහැ .අපි කැමැතියි ඒ දෙන්නා කලා ක්ෂේත්‍රයට එනවට. පොඩි එක්කෙනා නම් ළඟදී සිනමා නිර්මාණයකට දායක වුණා.ඒක ළඟදීම රිලීස් වෙනවා. ලොකු දුව, පොඩි කාලේදී නම් ‘පුංචි හපන්නු’ , ‘පුංචි වීරයෝ’ වගේ ටෙලි නිර්මාණයන් සඳහා රංගනයෙන් දායක වුණා. එයා වැඩියෙන්ම කැමැති ගීත ගායනා කරන්න. ඉදිරි කාලයේදී එයාගේ ගායන හැකියාව තුළින් ඉදිරියට ඒවි.


ඡායාරූප - ෂාන් රූපස්සර
(අනුග්‍රහය - රසඳුන - සිළුමිණ)


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මං වයස 16 න් පස්සේ බර්ත්ඩේ සමරල නෑ - ගයාත්‍රි ඩයස්
මං වයස 16 න් පස්සේ බර්ත්ඩේ සමරල නෑ - ගයාත්‍රි ඩයස්
http://ift.tt/2oVMNwI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/16_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/16_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy