දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පණ අදිද්දි කිසිවක් කරේ නෑ පස් ඉවත් කරන යන්ත්‍ර ගෙනාවෙ පැය 13 කින් - මීතොටමුල්ලේ හංගපු කතාව
Homeගොසිප්

පණ අදිද්දි කිසිවක් කරේ නෑ පස් ඉවත් කරන යන්ත්‍ර ගෙනාවෙ පැය 13 කින් - මීතොටමුල්ලේ හංගපු කතාව

PropellerAds

මියගිය අය පණ අදිද්දි කිසිවක් කරේ නෑ පස් ඉවත් කරන යන්ත්‍ර ගෙනාවෙ පැය 13 කින් විශාල පිරිසක් බව දැනදැනත් මුලදී මරණ 1 ක් කියා සුළු සිද්ධියක...

මහින්දගේ වැරදුණ නැකත හැදුවේ කවුදැයි සුමනේ අසයි (සඳුදා කාටූන්)
මේ දින 50 නොතිබුණා නම් මේ රට ඉතුරුවෙන්නෙ නෑ- බැසිල්
මෛත්‍රීගෙන් රනිල්ට ආයුබෝවන් පමණයි (video)

මියගිය අය පණ අදිද්දි කිසිවක් කරේ නෑ
පස් ඉවත් කරන යන්ත්‍ර ගෙනාවෙ පැය 13 කින්

විශාල පිරිසක් බව දැනදැනත්
මුලදී මරණ 1 ක් කියා සුළු සිද්ධියක් ලෙස පෙන්නුවා

මීතොටමුල්ලේ හංගපු කතාව



රටම කළඹමින් පසුගියදා මීතොටමුල්ල කුණුකන්ද අවට සිද්ධවූ නිවාස ජීවිත හානිය සුළු සිද්ධියක් ලෙස මුලදී සඟවන්නට රජය ක්‍රියා කළ බවත් සිද්ධියෙන් පැය 13 වනතුරු පණ අදින අය ගලවාගන්නට පස් අදින යන්ත්‍රයක් හෝ ගෙන්වන්නට කිසිදු නියෝගයක් ලැබී තිබුනේ නැති බවත් එසේ කළේ නම් අඩු තරමේ ජීවිත විනාශය තවත් අඩු කරගන්නට හැකියාව තිබුණ බවත් 2011 වසරේ සිට කොලොන්නාව කුනුකන්දට එරෙහිව සටන් වදින කැදවුම්කරු නීතිඥ නුවන් බෝපගේ මාධ්‍ය වෙත දන්වා තිබේ. ඔහු පවසන පරිදි එක් එක් අය දේශපාලන වාසි ගන්නට
උත්සාහ කළත්
මෙම සිද්ධියට පැවති රජයන් දෙකම වගකිව යුතු බවයි. දේශපාලනඥ හිතවතුන් මිලියන ගණන් වාසි ලබන ටෙන්ඩර වලට කුණු ඉවත්කිරීමේ කොන්ත්‍රාත්තු ලබාගෙන පසුගිය රජය යටතේ ජනතා විරෝධය නොතකමින් මෙහි කසල දැමීම ඇරඹූ බවත් එම මුදල් තණ්හාව නිසා ප්‍රමිතියකින් තොරව පරිසරය හෝ ජනතාව ගැන නොතකා කුණුකන්දක් නිර්මාණය වූ බවයි.
ඔහු මේ ගැන දක්වා තිබෙන අදහස් මෙසේය.

“2011 වසරේ සිට මේ ස්ථානයෙ කුනු දමන එකට එරෙහිව මීතොටමුල්ල ගම්වාසින් උද්ඝෝෂණ 15කට වැඩිය කළා. මහින්ද රාජපක්ෂ පාලනය එදා කදුලු ගෑස් ගැහුවා. ඉන්පස්සෙ මේ රනිල් මෛත්‍රි ආන්ඩුව කළේත් උද්ඝෝෂනයට කදුලු ගෑස්, ජල ප්‍රහාර එල්ල කළ එකයි. එදා අපට ගහන්න එවපු පොලිසිය, හමුදාව දැන් මේ කුනුකන්දට යටවෙච්ච දරුවන්ගෙ මළසිරුරු කෑලි අහුලන්නත් මෙතනට එවලා තියෙනවා.මේ කුනුකන්ද දේශපාලකයන්ට මුදල් ආකරයක්. කොළඹ නගර සභාවෙ මිලියන 600 කුනු ටෙන්ඩරය ඡන්දෙන් පත්වුණු උන් මිලියන 800ට විකුණලා මිලියන 200ක් බෙදාගත්තා. අපේ දරුවො අපේ පවුල්වල සාමාජිකයෝ දැන් මේ කුනුකන්දට යටවෙලා.
පහුගිය 2015 පෙබරවාරි මාසෙ අගමැති රනිල් වික්‍රමසිංහ අපට සාකච්ඡාවක් දීලා පොරොන්දු වුණේ මේ ප්‍රශ්නය  මාස 6කින් විසදනවා කිව්වා.නමුත් කළේ නෑ.
ඒ නිසා අපි කියනවා මහින්දලා, රනිල්ලා, මෛත්‍රිපාලලා මේ මිනිමැරුම් සම්බන්ධව චෝදනාවට ලක්කරනවා. ඔවුන් වගකිවයුතු මිනිමැරැම් මේවා.
මරික්කාර්ලා දුමින්ද සිල්වලා වාගේ ප්‍රාදේශීය නායකයො දේශපාලන වාසි ලබාගත්තා. මේ දක්වා විවිධ වාසි නිසා කල්බැලූ පාලකයන්ට කියනවා නුඹලා දැන් ඉල්ලා අස් වියයුතුයි.
14 වෙනිදා හවස 1.00ට සිදුවීම වුනේ. ඒ එක්කම බේරෙන්න පුලුවන් මිනිස්සු එතැනින් ඉවත්වුනේ ඇදගෙන හිටිය අදුමින්. නමුත් තවත් මිනිස්සු, දරුවො යට වුණා. රෑ 2.00 වෙනකම් මේ යටවුණ සුන්බුන් ඉවත්කරන්න කවුරුත් යෙදෙවුවෙ නෑ. හමුදාව, පොලිසිය 500ක් විතර සන්නද්ධව ඇවිත් හිටියට නියෝග දෙනකම්ම මොකුත් කලේ නෑ. සවල් අරගෙන ගමේ අය බලාගෙන හිටියා තමන්ගෙ අසල්වැසියො, ඥාතියො බේරගන්න. අන්තිමේට කිසිම පියවරක් නොගන්න නිසා මිනිස්සු කුනු කන්ද හාරන එක්ස්කැවේටර් එක බලෙන් අරගෙන හාරන්න පටන් ගත්තෙ. අපි කියනවා මේ මිනිමැරුම්වලට වගකිවයුතු උන් දැන් වතුර බෙදන්න, සහනාධාර දෙන්න එන්න එපා. දැන් අපේ පවුල් වැනසිලා ඉවරයි. දැන් මොනවටද සහන දෙන්න එන්නෙ.
සමහර මාධ්‍ය කිව්වෙ සුලු කඩා වැටීමක්, එක මරණයක් විතරයි කියලා.
මේ කුනුකන්දට එරෙහිව සටන් කළ කීර්තිරත්න මහත්තයගෙ දුවයි, බෑනයි, මිනිපිරියගෙයි සිරුරු කෑලි දැන් ගොඩ ගත්තා. මේ විපත වෙයි කියලා නෙවෙයි, නමුත් කුනුකන්ද අයින් කරන්න කියලා සටන් කරපු අපිත් එක්ක පෝස්ටර් ගහපු මනුස්සයාට එහෙම වුණා. ඒ වගේම අපිත් එක්ක සටන් කරපු සමහර මිනිස්සු මේ කුනුකන්දට යටවෙලා ඉවරයි.
මෙහි ඉන්නෙ ස්ථිර පදිංචිකරුවන්.සමහර ජනමාධ්‍ය ආයතනමේ අයට අනවසර පදිංචිකරුවො කියලා ඉතාම නින්දිත ප්‍රචාරයක් ගෙනයනවා. ප්‍රාදේශීය ලෙක්ම් නිවේදන එව්වලු අයින් වෙන්න කියලා. එහෙම කිසිදම දෙයක් වෙලා නෑ. කිව්වත් මෙතනින් යන්න පුලුවන්ද. මේ අපි කනුකන්දක් ළගට ඇවිත් පදිංචි වුනා නෙවෙයි. මේ කුනු කන්දයි බලෙන් ගෙනල්ලා දැම්මෙ.
මීට අවුරුදු දෙකකට ගෙවල් කැඩීමේ අවදානමක් තිබුනා. ඒ වෙලාවෙ ලක්ෂ 15ක් දුන්නා ඉවත් වෙන්න කියලා.මේ පොලොව අඩි 40ක් උඩට ඇවිත් නිවාස යටවුණාම මේ වනවිට සමාගම් 60ක් වාර්තා ඉදිරිපත් කලා මේක යට තියෙන්නෙ මිලියන 200ක කුට්ටියක්.මේ කුනුකන්ද පවත්වානෙ යන්නයි මේ ගමේ පදිංචි මිනිස්සු එලවන්න උත්සාහ කළේ. එ්කට අපි විරුද්ධයි.“

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පණ අදිද්දි කිසිවක් කරේ නෑ පස් ඉවත් කරන යන්ත්‍ර ගෙනාවෙ පැය 13 කින් - මීතොටමුල්ලේ හංගපු කතාව
පණ අදිද්දි කිසිවක් කරේ නෑ පස් ඉවත් කරන යන්ත්‍ර ගෙනාවෙ පැය 13 කින් - මීතොටමුල්ලේ හංගපු කතාව
http://ift.tt/2oQfn1z
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/13_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/13_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy