ඉරුදින පුවත්පත ප්‍රකාශයට පත් කරන ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම විසින් පෙබරවාරි 28 දින සිට එම පුවත්පතේ කර්තෘ විමලනාත් වීරරත්න මහතාගේ සේව...
ඉරුදින පුවත්පත ප්‍රකාශයට පත් කරන ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම විසින් පෙබරවාරි 28 දින සිට එම පුවත්පතේ කර්තෘ විමලනාත් වීරරත්න මහතාගේ සේවය අවසන් කරනු ලැබ ඇත. ඔහු සේවයෙන් පහකිරීම සදහා කිසිදු සාධාරණ හේතු දැක්වීමක් කර නොමැති අතර පූර්ව දැනුම්දීමක් හෝ යම් විමර්ශනයක් සිදුකොට නොමැත.
එබැවින් මෙරට පවතින කම්කරු නීති අනුව මෙම සේවයෙන් පහකිරීම නීති විරෝධී මෙන්ම අයුක්ති සහගතද වේ. ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම ආයතනයේ සේවකයන්ට හිමි විය යුතු ජනවාරි මාසයේ වැටුප පවා සම්පූර්ණයෙන් ලබා දී නැති බවද සේවය කළ කාලයට අදාළ සේවක අර්ථසාධක අරමුදල් හෝ සේවක භාරකාර අරමුදල් වාරික ගෙවා නැති බවද වාර්තා වන බැවින් එම සමාගම බරපතළ ලෙස කම්කරු නීති උල්ලංඝනය කරන ආයතනයක් බව පැහැදිලිව පෙනේ. තම සේවකයින්ගේ අවම අයිතීන් පවා ලබා නොදෙන මෙවැනි සමාගම්වලට සමාජ වගකීමක් සහිත පුවත්පත් කර්මාන්තයේ යෙදිය හැකිද යන්න ගැටලුවකි.
ජනමාධ්‍ය හිමිකාරී සමාගම් විසින් මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. බොහෝ මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන්ට මාධ්‍ය සංවිධානවලට සම්බන්ධවීමට පවා අවසර ලබාදෙන්නේ නැත. සමාජයේ පොදු යහපත, සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් සහ අනෙකුත් මාධ්‍ය සේවකයින් මුහුණදෙන මෙම වෘත්තීය ගැටලු පිළිබදව පුළුල් ලෙස සාකච්ඡා කිරීමටත් ඔවුන්ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනීසිටීමටත් ජාතික මාධ්‍ය සංසදය කටයුතු කරනු ඇත. මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින් මුහුණදෙන මෙම වෘත්තීය ගැටලු හා පොදු අභියෝගවලට මුහුණදීම සඳහා ජාතික මාධ්‍ය සංසදය සමග එක්වන ලෙස සියලු මාධ්‍යවේදීන්ගෙන් සහ මාධ්‍ය සේවකයින්ගෙන් ජාතික මාධ්‍ය සංසදය ඉල්ලා සීටී.
විමලනාත්ත වීරරත්න මහතා වහාම යළි සේවයේ පිහිටුවන ලෙසත් සේවක මර්දනය වහාම නවත්වන ලෙසත් ජාතික මාධ්‍ය සංසදය ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ පාලන අධිකාරියට බලකර සිටී.
ස්තූතියි, මෙහෙයුම් කමිටුව වෙනුවෙන්,
මන්දනා ඉස්මයිල් අබේවික්‍රම
COMMENTS