ෆේස්බුක් අන්තර්ජාලයට මුදාහැර වසර 13 ක් තුළදී මෙම බිලියන 02 සම්පූර්ණ කිරීමට සමත් වී තිබේ. 2004 වසරේ ආරම්භ කළ ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවිය...
ෆේස්බුක් අන්තර්ජාලයට මුදාහැර වසර 13 ක් තුළදී මෙම බිලියන 02 සම්පූර්ණ කිරීමට සමත් වී තිබේ. 2004 වසරේ ආරම්භ කළ ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවිය 2012 ඔක්තෝබර් මාසයේදී පළමු බිලියනය සම්පූර්ණ කිරීමට සමත් වූ අතර එය දෙගුණයක් දක්වා වර්ධනයවීමට ගතවී ඇත්තේ වසර 5 කට අඩු කාලසීමාවකි.
ෆේස්බුක් සමාගම පවසන්නේ මේ වනවිට ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් අවම වශයෙන් මසකට වරක් හෝ ෆේස්බුක් පරිශීලනය කරන බවයි.
මෙම වර්ධනය හේතුවෙන් පසුගිය මාසයේදී එම සමාගම කොන්ත්‍රාත් පදනම මත අලුතින් සේවකයන් 3000 ක් බඳවාගැනීමට ද කටයුතු කළේය.
COMMENTS