දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සෙන්කෝලය හැදූ පියතිලකට එය ස්පර්ශ කරන්න කතානායක අවසරය ලද මොහොත
Homeගොසිප්

සෙන්කෝලය හැදූ පියතිලකට එය ස්පර්ශ කරන්න කතානායක අවසරය ලද මොහොත

PropellerAds

කැරට් 20 රත්‍රං වලින් සෙන්කෝලය හැදූ පියතිලකට එය ස්පර්ශ කරන අවසරය කතානායක කරු පිරිනමයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සෙන්කෝලය ගැන බොහෝ අය ...

T20 - ඕස්ට්‍රෙලියානු ඉනිම 168 කට අවසන්වේ
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර විස්සයි20 තරගය LIVE
පුටින් නිසා ට්‍රම්ප් ප්‍රෙග්නන්ට් වුණැයි වැලන්ටයින් දවසේ ඇමරිකාවේ ප්‍රචාරණ

කැරට් 20 රත්‍රං වලින් සෙන්කෝලය
හැදූ පියතිලකට එය ස්පර්ශ කරන අවසරය

කතානායක කරු පිරිනමයි


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සෙන්කෝලය ගැන බොහෝ අය අසා ඇත. පාර්ලිමේන්තු සභාව ගෞරවනීය ලෙස අරඹන්නේ සෙන්කෝලය ස්ථානගත කිරීමෙන් පසුවය.
ඇතැම් මැතිඇමතිවරු සභාවට බාධා කරන්නට මෙය ඔසවා ගෙනගිය අවස්ථාද වරින් වර වාර්තාවී තිබේ.
පාර්ලිමේන්තුවේ බලය සංකේතවත් කරන වත්මන් සෙන්කෝලය 1949 දී බ්‍රිතාන්‍ය රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දුන් එකකි. ඉන් පෙර 1972 දක්වා භාවිතා වූයේ ලංකාවේ කලාකරුවෙකු නිර්මාණය කළ සෙන්කෝලයකි.
සෙනෙට් සභා සෙන්කෝලය ලෙස හඳුන්වන එය දැන්
කෞතුක වස්තුවක් ලෙස ඉතා සුරක්ෂිතව තැන්පත් කර ඇත.  එය කාටවත් ස්පර්ශ කරන්නට අවසරයක් නැත.
මෙම සෙන්කෝලය තැනූවේ  විශිෂ්ට රන්කරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ රඹුක්කන දොඹේමඩ පදිංචි ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා විසිනි. ඔහු දැන් 88 වන වියේ පසුවන අයෙකි. තමා එදා කළ නිර්මාණය ස්පර්ශ කරන්නටවත් වරම් නැති නිසා කාලයක් තිස්සේ ඒ ගැන සිතමින් ඔහු ළතැවී තිබේ. මේ ගැන කතානායක කරු ජයසූරිය මහතාට ආරංචි ලැබුණ පසුව ඔහුට අහිමිව තිබුණ අවස්ථාව ලබා දිය යුතු නොවේදැයි කල්පණා කර ඔහුට එය නැවත පඍීක්ෂා කරන්නට අවස්ථාවක් පසුගියදා ලබා දුණි.

1956 දී තමන්ට ලබා දුන් සැලැස්ම අනුව අගල් 52 කින් දිගින් යුතුව ඇත් දලයකට  කැරට් 20 රන් පවුම් 45 කින් හා  රිදී රාත්තල් 3 ½ කින් කැටයම් දමා පච්චවඩම්, නිල් මැණික් සහ නවවරම් මාණික්‍යයන් ඔබ්බවා මෙය නිම කළ බව ඔහු පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය දශක 07 සම්පූර්ණ වීමට ආසන්න මේ අවස්ථාවේ පියතිලක මහතාට විශේෂ භෝජන සංග්‍රහයක් සහ තුඩු පඬුරුද පිරිනමමින් මෙම අපූරු අවස්ථාව උදා කර දී තිබූ අතර ඒ සඳහා ඔහු සිය දරු මුණුපුරන් සමග පැමිණියේය.මෙම අතිශය සම්භාවනීය සංකේතය අසලටවත් සමීප වීමට එදා මෙදා තුර ඔහුට වරම් හිමි නොවී තිබියදී දෑත, දෙපය හොදින් වාරු තිබුණු සමයේ තමා විසින් කළ නිර්මාණය ස්වකීය දරු මුණුබුරන් කැටුව විත් යළි ස්පර්ශ කර බැලීමට ඔහුට හැකි විය.
මෙම සෙන්කෝලයේ උඩ කොටස පෙති අටකින් සමන්විත පත්මයක් මත පිහිටි උල් හැඩයට ඇති පච්චපඩියම් මාණික්‍යයකින් සෑදු ඔටුන්නකින් ගෝලය පුන්කලසක හැඩරුවින් සමන්විත වේ. ගෝලය වටා ඇති රැලිවලින් අනුරාධපුරයේ සඳකඩ පහණ මූර්තිමත් කෙරේ. එයට පහළින් ලංකාවේ රක්ත හා නීල මාණික්‍යයන් ඔබ්බවා තිබේ.  සෞරග්‍රහ මණ්ඩලයේ නව ග්‍රහයන් පිළිබිඹු වන සේ පහත කවයෙහි නවරත්න මාණික්‍යයන් සවි කර ඇත.  සෙන්කෝලය කොටස් 45 කට ගැලවිය හැකි පරිදි එක් රහස් ඇණයකින් සවි කර ඇති බවත් එම රහස් ඇණය ගැන දන්නේ තමා පමණක් බවත් පියතිලක මහතා පවසයි.  එහි මුළු බර රාත්තල් හතර හමාරක් වන අතර,   එහි යෂ්ටිය වටේට එවකට සෙනෙට් සභාවේ ලාංජනයෙහි “සංතින්ද්‍රියෝච නිපකෝච” යන පාලි පාඨය සඳහන්ව තිබූ බව ඔහු පවසා ඇත.
ශ්‍රී ලංකාවේ කලාකරුවෙකු විසින් නිර්මිත එකම සෙන්කෝලය සෙනෙට් සභා සෙන්කෝලය තැනූ නිර්මාණකරු එය යළි දැක අපමණ සතුටට පත්ව තිබේ.






Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෙන්කෝලය හැදූ පියතිලකට එය ස්පර්ශ කරන්න කතානායක අවසරය ලද මොහොත
සෙන්කෝලය හැදූ පියතිලකට එය ස්පර්ශ කරන්න කතානායක අවසරය ලද මොහොත
http://ift.tt/2mzdDFz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_926.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_926.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy