දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුව මස් සමඟ හසුවූ කොස්තාපල් වරයාගේ අබිරහස් මරණය
Homeගොසිප්

මුව මස් සමඟ හසුවූ කොස්තාපල් වරයාගේ අබිරහස් මරණය

PropellerAds

මුව මස් සමඟ හසුවූ කොස්තාපල් වරයාගේ අබිරහස් මරණය මුවමස් තොගයක් සමඟ වන ජිවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මුදා හරින ලද 30 හැවිරිදි පොල...

ජපුරෙ කථිකාචාර්ය බීමත්ව පැදවූ රථයේ හැපී කාන්තාවක මරුට
අමල් අයියාට වුන දෙයින් පස්සේ මට ගීත ගායනයෙන් සමුගන්න හිතුනා - දමිත් අසංක
උසස් පෙළ සිසුන්ට 2019දි ටැබ් දෙන්න කැබිනට් අනුමැතිය

මුව මස් සමඟ හසුවූ කොස්තාපල් වරයාගේ
අබිරහස් මරණය


මුවමස් තොගයක් සමඟ වන ජිවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මුදා හරින ලද 30 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයකු අබිරහස් ලෙස මියයාමේ සිද්ධියක් වාර්තාවේ.
මියගොස් ඇත්තේ කරුවලගස්වැව පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් නාලක චතුරංග හෙට්ටිආරච්චි (72657) (අවු.30) නමැති කරුවලගස්වැව, කුඩා මැදවච්චිය පදිංචි එක්දරු පියෙකි.
මියගොස් ඇති පොලිස් නිලධාරියා වසර කිහිපයකට පෙර
හදිසි අනතුරකට ලක්ව සිටින ආබාධිතයකු බැවින් ඔහුට සාමාන්‍ය රාජකාරි පමණක් පැවැරීමට උසස් නිලධාරීන් කටයුතු කර තිබී ඇත.

පසුගිය 10 වැනිදා සවස රාජකාරි අවසන් කර ඇති පොලිස් කොස්තාපල්වරයා නිවෙසට ගොස් සිටියදී එදින රාත්‍රියේ වන ජීවි නිලධාරීන් විසින් කළ වැටලීමකදී පොලිස්

කොස්තාපල්වරයාගේ නිවෙසේ තිබී මුව මස් කිලෝ ග්‍රෑම් 15යි ග්‍රෑම් 600ක්ද ඒ ආසන්නයේ පිහිටි ඔහුගේ සහෝදරයාගේ නිවෙසේ තිබී මුව මස් කිලෝ ග්‍රෑම් 11යි ග්‍රෑම් 800ක්ද සොයාගෙන ඇත. පසුව පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ සහෝදරයාද, තවත් අයකුද අත්අඩංගුවට ගෙන ඇත. වැටලීම කළ නිලධාරීන් ඔවුන් කරුවලගස්වැව පිහිටි වන ජීවී කාර්යාලයට කැඳවාගෙන ගොස් ඇත.
පොලිස් කොස්තාපල්වරයාව එදිනම රාත්‍රියේ ඇප මත මුදා හැර ඇති වන ජීවී නිලධාරීන් ඔහුගේ සහෝදරයා සහ අනෙක් පුද්ගලයා පසුදින (11දා) අලුයම මුදා හැරීමට කටයුතු කර ඇත.

පෙරේදා (11දා) අලුයම නිවෙසේ මුළුතැන් ගෙය අසල කොස්තාපල්වරයා බිම වැටී සිටියදී ඔහුගේ පවුලේ අයට හමුවී ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇත. මේ සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කර ඇත.
පොලිස් කොස්තාපල්වරයා බිම වැටී සිටි ස්ථානයට ආසන්නයෙන් පැරැණි කෘමි නාශක බෝතලයක්ද පොලිස් කොස්තාපල්වරයාට අයත් බව කියන ජංගම දුරකතනයක්, මුදල් පසුම්බියක් සහ යතුරුපැදියක්ද තිබී හමුවී ඇත. කොස්තාපල්වරයාගේ මුවෙන් කිසිදු කෘමිනාශක දුගඳක් වහනය නොවන බව විමර්ශන කටයුතු සිදුකරන නිලධාරීහු කියති.

පුත්තලම වැඩබලන මහෙස්ත්‍රාත් ෆසාල් අබුතාර් මහතා පෙරේදා (11දා) සවස සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන ලදී. අනතුරුව මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පුත්තලම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළේය. ඒ අනුව මළ සිරුර පුත්තලම මූලික රෝහල වෙත ගෙන යෑමට පොලිස් නිලධාරීන් කටයුතු කරන ලදී.
පොලිස් කොස්තාපල්වරයා මියගොස් ඇත්තේ කුමන ආකාරයකටද යන්න මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිසිය කියයි.
කරුවලගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

(නාත්තණ්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත , කරුවලගස්වැව - එස්.ලියනාරච්චි, හලාවත _ ඔස්ටින් ෆ්‍රැන්සිස්)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුව මස් සමඟ හසුවූ කොස්තාපල් වරයාගේ අබිරහස් මරණය
මුව මස් සමඟ හසුවූ කොස්තාපල් වරයාගේ අබිරහස් මරණය
http://ift.tt/2mYBq69
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_704.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_704.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy