දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පේරාදෙණි කෘෂි නවක වධකාගාර ජ්‍යෙෂ්ඨයින් - විකෘති කාම මානසික රෝගීන් බවට සැක
Homeගොසිප්

පේරාදෙණි කෘෂි නවක වධකාගාර ජ්‍යෙෂ්ඨයින් - විකෘති කාම මානසික රෝගීන් බවට සැක

PropellerAds

පේරාදෙණි කෘෂි නවක වධකාගාර ජ්‍යෙෂ්ඨයින්  විකෘති කාම මානසික රෝගීන් බවට සැක ජංගම දුරකථනවල සිසුන්ගේ නිරුවත් ඡායාරූප පසුගියදා ආන්දෝලනයක් ඇ...

දුමින්දයි චමින්දයි පල්ලෙකැලේ හිරගෙදරට අනෙක් අය වැලිකඩට
නිවසක ලෑලි ගලවා දෙදරු මවක දෙස බලා සිටි තරුණයා පොලිසියට
මහින්ද කොළඹදී යාඥාවක

පේරාදෙණි කෘෂි නවක වධකාගාර ජ්‍යෙෂ්ඨයින් 
විකෘති කාම මානසික රෝගීන් බවට සැක
ජංගම දුරකථනවල සිසුන්ගේ නිරුවත් ඡායාරූප


පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ නවක සිසුන් අට දෙනකු විශ්වවිද්‍යාලයෙන් පිටත ‍කුලියට ගත් ස්ථානයක නවක වදයට ලක්කිරීමේ සංසිද්ධිය මේ වනවිට කිසියම් පිරිසකගේ මානසික ගැටලුවක් ලෙස හඳුනාගත හැකි ලක්ෂණ රැසක් පෙන්නුම් කර තිබෙනවා.
මහපොළ අරමුදලින් අමාරුවෙන් ජීවත්වන සිසුන් මාසයකට රුපියල් 10000 බැගින් වියදම් කරමින් නවක වධකාගාරයක් සඳහා කුලී පදනමින් නිවසක් වෙන්කර තැබීමම ඔවුන් කිසියම් අවශ්‍යතාවයක් සපුරාගැනීමේ ආබාධ සහිත උවමනාවක් වෙනුවෙන්
ක්‍රියාකර ඇතිය යන්න ඒත්තු ගන්වන අතර ඊයේ මේ සම්බන්ධ නඩු විභාගයේදී හෙළි වූයේ සිද්ධියේ සැකකාර පිරිමි සිසුන් සතුව තිබූ ජංගම දුරකතන 12ක් තුළ පළමු වසර සිසුන් 8 දෙනාගේ විවිධ ලිංගික ඉරියව් සහිත ඡායාරූප රාශියක් අන්තර්ගතව ඇති බවයි.ඒවා ඒ ආකාරයට ගබඩා කිරීම කවර උවමනාවකට සිදු කළාද යන්නද ගැටලුකාරී වී තිබේ.


පසුගියදා වැටළීම සිදුකරන අවස්ථාවේ මෙම පාළු නිවහනේ ඇසුණු දේවල් හා පීඨාධිපතිවරුන්ගේ ඇස් අදහාගන්නට බැරිව දුටු දේවල් වලින්ද ඒත්තු ගොස් ඇත්තේ මොවුන් අසාමාන්‍ය විකෘති කාමයකින් පෙළුණ පිරිසක් ලෙස බවටද කරුණු පළවිය.

එම නිවස ඒ ආකාරයට කුලියට ගෙන තිබෙන්නේද සිසුන්ගේ විකාර රූපි මානසික අවශ්‍යතාවන් සපුරාගැනීමේ පහත් උවමනාවකට විය හැකි බවට අධිකරණයේදී කරුණු ඉදිරිපත් විය.

දොළුව මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ මේ කියන ස්ථානය ලබාගනිද්දීත් තමුන් සරසවි සිසුන්ය යන්න සැඟවූ මෙම පිරිස එම නිවසේ හිමිකරුට කියා ඇත්තේ තමන් නිවාස සැලසුම් ශීල්පී ආයතනයක සේවය කරන පිරිසක් බව පමණි.
සිද්ධියේ සැකකාර සිසුන් සතුව තිබූ ජංගම දුරකතන 12ක් අධිකරණයට ඉදිරිපත් කළ පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් ආරියවංශ මහතා මෙම ජංගම දුරකතනවල නවක වධයට ලක්වූ සිසුන්ගේ නිරුවත් දර්ශන ඇති බව හඳුනාගත් බව දන්වන ලදි. කෙසේ වෙතත් ඒවා නීතිය අනුව සාක්ෂි ලෙස ලබාගන්නට රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස කළ ඉල්ලූ අතර එයට අධිකරණයෙන් අවසර ලැබිණි.

කෙසේ වෙතත් මේ අවස්ථාවේ සැකකාර සිසුන් වෙනුවෙන් කතා කළ නීතීඥ මහතා කියා සිටියේ මෙය නවක වධකාගාරයක් නොවන බවයි.ඔහු කියා සිටියේ පේරාදෙණිය සිසුන්ගේ නේවාසික ප්‍රශ්නය නිසා අවට නිවාස කුලී පදනමින් මිලට ගෙන පදිංචිවීම කාලයක් තිස්සේ කරන බවයි. මෙය නවක වධකාගාරයක් ලෙස මාධ්‍ය මගින් වැරදි අර්ථ නිරූපණයක් කර ඇති බව ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් ලැබී ඇති සාක්ෂි අනුව මෙම ස්ථානයේ සිසුන් පදිංචිව සිට නැත. ඔවුන් නවක වද සිසුන් ගෙන්වීම හා වධක ක්‍රියාකාරකම් පමණක් එහි සිදු කර ඇති අතර කුලියට ගෙන ඇත්තේද ඒ සියල්ල සඟවාය.
මේ සැකකාර සිසුන්ට ඇප ලබාදෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා නැවත කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරයා ඉවත දැමුවේ පනත අනුව හැකියාවක් නැති බව පවසමිනි.

සිසුන් නිරුවත් කර අමානුෂික ලෙස නවක වධය ලබාදුන්  සිසුන් 15 දෙනා මෙම මස 16දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉන්දික ගිහාන් අත්තනායක මහතා ඊයේ (2දා) නියෝග කළේය.
සැකකාර සිසුන් 15 දෙනාගේ පන්ති මේ වනවිටත් සරසවිය මගින් තහනම් කර ඇති අතර ශිෂ්‍යභාවය අහෝසිකිරීම සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්වේ.

සිද්ධිය සම්බන්ධ පෙර ලිපිය
සිසුන් නිරුවත් කර වද දුන් පේරාදෙණිය සරසවි කෘෂි ජ්‍යෙෂ්ඨයින්ගේ හිඳගල බාහිර නවක වධකාගාරය වටළයි
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පේරාදෙණි කෘෂි නවක වධකාගාර ජ්‍යෙෂ්ඨයින් - විකෘති කාම මානසික රෝගීන් බවට සැක
පේරාදෙණි කෘෂි නවක වධකාගාර ජ්‍යෙෂ්ඨයින් - විකෘති කාම මානසික රෝගීන් බවට සැක
http://ift.tt/2m27zXw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_57.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_57.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy