දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගල්කිස්‌ස අධිකරණ ශාලවට ගිනි අවි ගෙනා ඉලක්‌කය පාතාල නායක රොහාද ?
Homeගොසිප්

ගල්කිස්‌ස අධිකරණ ශාලවට ගිනි අවි ගෙනා ඉලක්‌කය පාතාල නායක රොහාද ?

PropellerAds

ගල්කිස්‌ස අධිකරණ ශාලවට ගිනි අවි ගෙනා ඉලක්‌කය පාතාල නායක රොහාද ? පාතාල නායකයකු බව කියන ගොනා කෝවිලේ රොහා නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට ර...

One Galle Face Development ව්‍යාපෘතියේ One Galle Face Tower ව්‍යූහය එළිදකී.
ගෝඨා බලාපොරොත්තු සහගතයි : මාස 2න් ඇමෙරිකා පුරවැසිභාවය අවසන් කර ගත හැකියි!
කෞතුකාගාරය සිද්ධියට : ගෝඨා අද FCID යට.

ගල්කිස්‌ස අධිකරණ ශාලවට ගිනි අවි ගෙනා
ඉලක්‌කය පාතාල නායක රොහාද ?


පාතාල නායකයකු බව කියන ගොනා කෝවිලේ රොහා නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට රැගෙන ආ බවට සැකකරන ගිනි අවි දෙකක්‌ ගල්කිස්‌ස අධිකරණ ශාලාව තුළ සඟවා තිබියදී පොලිසිය මගින් ඊයේ (01 වැනිදා) දහවල් සොයාගෙන ඇත.සොයා ගත් ආයුධ අතර මි.මී. 9 වර්ගයේ පිස්‌තෝලයක්‌ සහ රිවෝල්වරයක්‌ ඇති අතර, මෙම අවි දෙකේම ජීව උණ්‌ඩ පුරවා
වෙඩි තැබීමට සූදානම් කර තිබූ බව පොලිසිය පවසයි.

මෙම අවි සොයා ගැනීමත් සමගම පොලිසිය ක්‍ෂ්ණික මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර ඇති අතර එහිදී සැකකටයුතු පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

ගල්කිස්‌ස පාතාලයේ නායකයා බව කියන හැරල්ඩ් රෝහණ ද සිල්වා
නොහොත් ගොනා කෝවිලේ රොහා මිනීමැරුම් නඩු දෙකකට ඉදිරිපත් කිරීම සඳහා ගල්කිස්‌ස අධිකරණය වෙත ඊයේ පෙරවරුවේ රැගෙන එනු ලැබීය.

මොහු එක්‌ නඩුවකට ඉදිරිපත් කර අනිත් නඩුව සඳහා කැඳවන තුරු සිර මැදිරියක රඳවා සිටියදී අධිකරණ ශාලාවේ තිබී මෙම අවි දෙක සොයා ගෙන තිබේ.

මීට මාස කීපයකට පෙර සොරා ගන්නා ලද වාහනයක්‌ අත්අඩංගුවට ගැනීමට ගිය උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු කුරුණෑගල හෝටලයකදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ රොහා විසිනි.

මෙම සිද්ධියෙන් පසු පලා යමින් සිටි රොහා පොලිස්‌ අත්අඩංගුවට පත් විය. මහර අධිකරණ ඉදිරිපිටදී ලංසියා නමැති පාතාල නායකයා වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේද රොහා විසින් බව හෙළි වී තිබිණි.

ලංසියාගේ පාතාල කල්ලියේ සාමාජිකයන් විසින් රොහා ඝාතනය කිරීමට මෙම ගිනි අවි රැගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

රොහා ඝාතනය කිරීමට ලංසියාගේ කල්ලිය උත්සාහ කරන බවට ලැබී තිබූ තොරතුරු මත පොලිසිය පසුගිය 28 දා පෙරවරුවේ සිට ගල්කිස්‌ස ප්‍රදේශයේද අධිකරණය හා ඒ අවට ප්‍රදේශයේද දැඩි ආරක්‍ෂාවක්‌ යොදා තිබුණි.

අධිකරණයට පැමිණෙන සියලුම පුද්ගලයන් දැඩි පරීක්‍ෂාවට ලක්‌ කිරීමට කටයුතු කළ බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවසීය.

අධිකරණ ශාලාව අසල තාප්පයෙන් හෝ කාණුවක්‌ හරහා ඇතුළු වූ පුද්ගලයකු මෙම අවි රැගෙන එන්නට ඇති බව පොලිසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී චන්දන ගලප්පත්ති යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

හේමන්ත රන්දුණු
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගල්කිස්‌ස අධිකරණ ශාලවට ගිනි අවි ගෙනා ඉලක්‌කය පාතාල නායක රොහාද ?
ගල්කිස්‌ස අධිකරණ ශාලවට ගිනි අවි ගෙනා ඉලක්‌කය පාතාල නායක රොහාද ?
http://ift.tt/2mHxQdD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_33.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_33.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy