දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොදු විභාගයක් තියලා බලමු කවුද හොඳ කියලා (VIDEO)
Homeප්‍රවෘත්ති

පොදු විභාගයක් තියලා බලමු කවුද හොඳ කියලා (VIDEO)

PropellerAds

සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම නීත්‍යනුකූල කිරීමත් සමඟ නොයෙක් පාර්ශවයන් කලබලයට පත් ව ඇති නමුත් එය කිසිසේත් වසා දැමීමේ අදහසක් නැතැයි...

පොදු විභාගයක් තියලා බලමු කවුද හොඳ කියලා (VIDEO)

සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම නීත්‍යනුකූල කිරීමත් සමඟ නොයෙක් පාර්ශවයන් කලබලයට පත් ව ඇති නමුත් එය කිසිසේත් වසා දැමීමේ අදහසක් නැතැයි එහි සභාපති ආචාර්ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.

තමන් ලාභ ඉපැයිමේ අරමුණින් සයිටම් ආයතනය ආරම්භ නොකළ බවත් එසේ සිදු කළේ නම් වෛද්‍ය ආයතනයක් නොව ඒ වෙනුවට කැසිනෝ ආයතනයක් ආරම්භ කරන බවද නෙවිල් ප‍්‍රනාන්දු මහතා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ‍ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ය.

තම ආණ්ඩුව පැවති කාලයේ සයිටම් ආයතනය ආරම්භ කළ නමුත් අද වන විට එයට විරෝධය පළ කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව ඇති බව පවසමින් මාධ්‍යවේදියෙකු විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ප‍්‍රනාන්දු මහතා පවසා සිටියේ දේශපාලඥයන් යනු අවස්ථාවාදීන් බවත්, ඔවුන් බලය ලබගත් විට එක ස්ථාවරයකද බලයෙන් ඉවත්වූ විට තවත් ස්ථාවරයකද සිටින බවත් ය.

මේ අතර ඊයේ රාත‍්‍රියේ සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අන්ත වාමාංශික කණ්ඩායමක් සිටින බවයි.

රජයේ විශ්ව විද්‍යාල සිසුන්, විදේශීය විද්‍යාලවල සිසුන් හා සයිටම් සිසුන් අතර පොදු පරීක්ෂණයක් පවත්වා එයින් ඔවුන්ගේ තත්වය මැනගත හැකි බව නෙවිල් ප්‍රනාන්දු මහතා කියා සිටියි.

එමෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිබඳව තමන්ට කිසි විශ්වාසයක් නොමැති බවත්, වෛද්‍ය සිසුන් ලියාපදිංචි කිරීම සඳහා වෛද්‍ය සභාව විසින් විභාගයක් පැවැත්වුවහොත් සයිටම් ආයතනයේ සිසුන් සියලු දෙනා අසමත් කරනු ඇති බවත් හෙතෙම පැවසීය.

 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොදු විභාගයක් තියලා බලමු කවුද හොඳ කියලා (VIDEO)
පොදු විභාගයක් තියලා බලමු කවුද හොඳ කියලා (VIDEO)
http://ift.tt/2k0UHmE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/video_57.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/video_57.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy