දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ උපන්දිනය දවසෙම විවාහ වෙන්න තීරණය කරලා

පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් මස 17 වැනි දින විවාහ දිවියට එළැඹෙන බව  ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට ප්‍රකාශ...


පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් මස 17 වැනි දින විවාහ දිවියට එළැඹෙන බව  ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට ප්‍රකාශ කර තිබෙනවා.

කෙටි සංචාරයක් සඳහා ඉකුත්දා දිවයිනට පැමිණි නරේන්ද්‍ර මෝදි මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් කොළඹ මුනිදාස කුමාරතුංග පාරේ පිහිටි ඉන්දියානු මහකොමසාරිස්වරයාගේ නිල නිවසේදී වන  ''ඉන්දියා හවුස්" හි පැවැත්විණි.


මහින්ද රාජපක්‍ෂ විපක්ෂ නායක සමග නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා ද එහි ගොස් සිටි අතර නාමල් දුටු විගස ඉන්දීය අගමැතිවරයා සිනාමුසු මුහුණින් ඔහුගෙන් තොරතුරු විමසා සිටියේය. එවිට නාමල් රාජපක්‍ෂ මහතා නරේන්ද්‍ර මෝදිට ප්‍රකාශ කර සිටියේ තමා සැප්තැම්බර් මස 17 වැනි දින විවාහ වන බවය.

එසැණින් ඉන්දීය අගමැතිවරයා සැප්තැම්බර් මස 17 වැනි දිනම තෝරා ගත්තේ ඇයි දැයි පිමයා සිටියේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඊට පිළිතුරක් දිම ටිකක් පමා වී ඇති අතර එසැණින් ඊට මැදිහත් වූ විපක්ෂ නායක සැප්තැම්බර් 17 වැනිදා නැකත් දිනයක් වන හෙයින් එදින තෝරාගත් බව පැවැසීය. නරේන්ද්‍ර මෝදි මහතා ඊට පිළිතුරු දෙමින් එදින තමාගේ උපන් දිනය බව ප්‍රකාශ කළෙන් එහි සිටි පිරිස සතුටු සිනා පළ කළහ.

නාමල් රාජපක්ෂ මහතා සමග යුග දිවියට එක්වන වාසනාවන්තිය කවුරුන්දැයි අප විමසා බැලු අතර ඇය මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන තිලක් විරසිංහ සහ කෙටිදුර ධාවන ශුරීයක ලෙස කලක් නමක් දරා සිටි අරුණි වික්‍රමරත්න දෙපලගේ එකම දියණිය බව දැනගන්නට ලැබිණී.  තිලක් වීරසිංහ මහතා මෙරට සංචාරක හෝටල් කිහිපයක අයිතිකරුවෙකි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29587,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ උපන්දිනය දවසෙම විවාහ වෙන්න තීරණය කරලා
පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ උපන්දිනය දවසෙම විවාහ වෙන්න තීරණය කරලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhnTIwGyMwmz8IWIOan9FAwPWK0WqYM4E5GEAettoMKCHyvmUXE0BrhXHJLCiByS86jJYClo_NFVYR_h8NlwuXm3V_jtv-2bXYpib3GCXXc0VW58Jv2Upc_LmrpN_tUb3C059DqUEauywhk/s640/narendra+modi+namal.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhnTIwGyMwmz8IWIOan9FAwPWK0WqYM4E5GEAettoMKCHyvmUXE0BrhXHJLCiByS86jJYClo_NFVYR_h8NlwuXm3V_jtv-2bXYpib3GCXXc0VW58Jv2Upc_LmrpN_tUb3C059DqUEauywhk/s72-c/narendra+modi+namal.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_573.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_573.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy