සේවාවන්ට බාධාවක් පරිදි රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යමින් දිවයින පුරා රෝහල්වලින් තම පෞද්ගලික නිවාඩු නිලධාරීන් මෙම විරෝධතා පාගමනට සහභාගී වූ...
සේවාවන්ට බාධාවක් පරිදි රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යමින් දිවයින පුරා රෝහල්වලින් තම පෞද්ගලික නිවාඩු නිලධාරීන් මෙම විරෝධතා පාගමනට සහභාගී වූ බව පරිපූරක වෙද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති අජිත් පී තිලකරත්න මහතා පැවසිය.
අදාල ඉල්ලීම් 10
01 - පරිපූරක වෙද්‍ය සේවාවේ බඳවා ගැනීම් පටිපාටිය සංශෝදනය කර උපාධිධාරීන් සුදුසු තලයක පිහිටුවීම.
02 - පරිපූරක වෙද්‍ය සේවා ඩිප්ලෝමා පටමලාවන් නවතාදමා උපාධිධාරී සේවාවක් බවට පත්කිරීම
03 - 2015.12.31 සිට නවතාදමා ඇති සියලු උසස්වීම් ලබාදීම
04 - අතිකාල දීමනා වැඩිවූ මුලික වැටුපට අනුව රේට් අගය සමානුපාතිකව ගැලපීම
05 - රා.ප. චක්‍රලේකය 3/2006 මගින් අප සේවාවන් මෙතෙක් භුක්ති විඳිමින් සිටි මාණ්ඩලික සේවා මට්ටම කප්පාදුවට ලක්කර ඇත. අදාළ තත්ත්වය නැවත ලබාදීම
06 - පරිපූරක වෙද්‍ය සේවාව සඳහා සෞක්‍ය අමාත්‍යංශය තුළ අධ්‍යක්ෂක තනතුරු පිහිටුවීම
07 - ස්ථාන මාරු ක්‍රියාවලියේදී හා අමතර ස්වා ගෙවීම් ආදියේදී අප නිලධාරීන්ට ඉමහත් කරදරයක්ව පවතින පළාත් රාජ්‍ය සේවාවන් පරිපූරක වෙද්‍ය සේවාව ඉවත්කර දීප වියාප්ත සේවාවක් බවට පත්කිරීම
08 - භාෂා ප්‍රවීණතාවය මැනීම සඳහා පිළිගතහැකි ක්‍රමවේදයක් සකස්කිරීම
09 - නිලධාරී හිඟය පිරවීම සඳහා සිදුකරන ලබන අමතර සේවා අපගේ අතිලිකාලය ලෙස සැලකීම නතරකර ඊට බදු අයකිරීම නතරකිරිම
10 - කමිටු මගින් වැඩිකිරීමට නිර්දේශ කර ඇති අමතර සේවා දීමනා හා අනෙකුත් දීමනා කඩිනමින් වදිකිරීම හා අමාත්‍යංශ මට්ටම්මින් ඉටුකලහැකි කරුණු ඉටුකිරීම.
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=zYopP9uU9Jc&feature=youtu.be[/youtube]
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS