දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කථානායකවරයාට ජපානයෙන් ගෞරව සම්මානයක් පිරිනැමේ!
Homeවිශේෂ පුවත්

කථානායකවරයාට ජපානයෙන් ගෞරව සම්මානයක් පිරිනැමේ!

PropellerAds

  “උදාවන සූර්යයා” ගෞරව සම්මානය, ජපන් රජය විසින් ‍අන්තර්ජාතික සම්බන්ධතා, සංස්කෘතික ප්‍රවර්ධනය, සුභසාධනය, සංවර්ධනය යනාදී ක්ෂේත්‍රයන් තුළින...

කර්මාන්තපුරය පොළොන්නරුවට දෙන්න - මෛත්‍රී රනිල්ගෙන් ඉල්ලයි
වෛද්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරයට විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න!
කර්මාන්තපුරය පොළොන්නරුවට දෙන්න - මෛත්‍රී රනිල්ගෙන් ඉල්ලයි!
කථානායකවරයාට ජපානයෙන් ගෞරව සම්මානයක් පිරිනැමේ!

 

“උදාවන සූර්යයා” ගෞරව සම්මානය, ජපන් රජය විසින් ‍අන්තර්ජාතික සම්බන්ධතා, සංස්කෘතික ප්‍රවර්ධනය, සුභසාධනය, සංවර්ධනය යනාදී ක්ෂේත්‍රයන් තුළින් විශිෂ්ඨතම සේවාවක් ඉටු කළ පුද්ගලයන් උදෙසා පුද කරන උසස්ම සම්මානය වේ.

1875 මෙයිජි අධිරාජ සමයේ ස්ථාපනය කරන ලද මෙම සම්මානය පුද කිරීම එතැන් සිට මේ දක්වා අඛණ්ඩව ජපන් රජය විසින් සිදු කර‍නුයේ සිය රටෙන් පිරිනමන උසස්තම සම්මාන පිරිනැමීම ලෙසය.

දෙවන ලෝක යුද්ධ සමයට පෙර “නැගී එන සූර්යයා” සම්මානය විශිෂ්ඨතම හමුදා නිලධාරීන් උදෙසා පිරිනැමුනු අතර, වර්තමා‍නයේ දී එය අනෙකුත් ක්ෂේත්‍රයන්හි නියැලුනු අග්‍රාමාත්‍යවරුන්, කථානායකවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රියක්යන් සදහා ද විශේෂයෙන් පිරිනැමේ.

ශ්‍රී ලංකා කථානායකවරයාට මෙම සම්මානය පිරිනැමෙන්නේ ජපානය හා ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශවික සබදතා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙනි.

කරු ජයසූරිය මහතා දේශපාලනයට පිවිසීමට පෙර වසර 32 ක කාලයක් පුද්ගලික අංශයේ සේවය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු ලෙස ජපානය සමග ව්‍යාපාරික සබඳතා සිදු කරන අතර ජපානය ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකාවට දියුණුවේය හැකිය යන අදහස ශක්තිමත් කළ බව ද ද්විපාර්ශවික සබදතා ප්‍රවර්ධනය උදෙසා කරන ලද සේවයද 2001 වසරේ දී ශ්‍රී ලංකා ජපන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ස්ථාපනය කරන ලද අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එයට බැදී පසුව 2002 සිට 2004 දක්වා එහි සභාපති වශයෙන් සේවය කිරීම ද එම ධූර කාලය තුළ ජපානය සමග පාර්ලිමේන්තු සබදතා ශක්තිමත් කළ බවද මෙම සම්මානය පිරිනැමීමේදී සැලකිල්ලට භාජනය කර තිබේ.

කරු ජයසූරිය මැතිතුමා පාර්ලිමේන්තුවේ කථානායක වශයෙන් හා ශ්‍රී ලංකා ජපන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අනුශාසකවරයෙකු වශයෙන් පාර්ලිමේන්තු දෙක අතර. මෙන්ම දෙරට මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් අතර ද හුවමාරු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට උනන්දුවක් දැක්වූ එතුමා පාර්ලිමේන්තුව තුලින් පාර්ලි‍මේන්තු රාජ්‍යතාන්ත්‍රිකත්වයට මූලිකත්වය දුන් ආකාරය ද සිහි කරයි.

මෙම උසස්ම සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙය වෙයි. මෙවර කරු ජයසූරිය මැතිතුමා සමග එම සම්මානය ලැබූ අනිකුත් සම්භාවනීයයන් පහත පරිදි වෙයි.


01.සිසර් එන්රික් අකිනෝල්ඩෝ විරාටා මහතා හිටපු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය (පිලිපීනය)

02.ෆ්‍රැන්ක්ලින් එම්.ඩ්‍රිලන් මහතා (පිලිපීනය) සෙනෙට් සභාවේ හිටපු සභාපති, පිලිපීන
ජපන් පාර්ලිමේන්තු‍ මන්ත්‍රී සංගමයේ සභාපති

 

03.ජෝන් ඇන්ඩෲ බොයිනර් මහතා (ඇමරිකා එක්සත් ජනපදය) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හිටපු කථානායක, රිපබ්ලිකන් පක්ෂ නියෝජිත කණ්ඩායේ ප්‍රධානී සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හිටපු මන්ත්‍රී

04.සෑම් කහම්බා කුට්සේ මහතා (උගන්ඩාව) 69 වන එක්සත් ජාතීන්ගේ මහා ‍සම්මේනලයේ සභාපතීත්වය දැරූ හෙතෙම උගන්ඩාවේ හිටපු විදේශ ඇමතිවරයාද වේ.

05.ජෝන් ජේ හාමර් මහතා (ඇමරිකා එක්සත් ජනපදය) හිටපු නියෝජ්‍ය ආරක්ෂක ලේකම්
උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රයේ සභාපති හා ප්‍රධාන විධායක

06.ආචාර්ය හන් සුං ජූ ( කොරියා ජනරජය) හිටපු විදේශ අමාත්‍ය කොරියා විශ්ව විද්‍යාලයේ සම්මාන මහාචාර්ය , සියොල් ජාත්‍යන්තර කටයුතු පිළිබද සංසඳයේ ගරු සභාපති

2016-11-08 දින මෙම සම්මානය ජපන් අධිරාජ මාලිගයේ දී අකිහිතෝ අධිරාජයා අතින් පිලිගැන්වීම සදහා කටයුතු සංවිධානය කර තිබුණද සිය කනිටු දියණියේ අභාවය හේතුවෙන් කරු ජයසූරිය මැතිතුමන්ට ‍එම අවස්ථාවට සහභාගී වීමට නොහැකි විය. එබැවින් එම සම්මානය ඊයේ ජපන් තානාපති කෙනිචි සුගනුමා (Mr.Kenitchi Suganuma) මහතා විසින් කථානායකවරයා වෙත පිරිනමන ලදී.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කථානායකවරයාට ජපානයෙන් ගෞරව සම්මානයක් පිරිනැමේ!
කථානායකවරයාට ජපානයෙන් ගෞරව සම්මානයක් පිරිනැමේ!
http://ift.tt/2jVeVwE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_80.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_80.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy