එසේම, තමන් සමඟ එක්ව අලුතින් ආණ්ඩු සෑදීමට කිසිවකු අනවශ්‍ය බවත් දැනට තිබෙන ආණ්ඩුව හා එක්වී රට ගොඩ නැඟීමට කටයුතු කරන ලෙසත් ජනපතිවරයා ආයාචනා ...
එසේම, තමන් සමඟ එක්ව අලුතින් ආණ්ඩු සෑදීමට කිසිවකු අනවශ්‍ය බවත් දැනට තිබෙන ආණ්ඩුව හා එක්වී රට ගොඩ නැඟීමට කටයුතු කරන ලෙසත් ජනපතිවරයා ආයාචනා කර සිටියේය. ආණ්ඩු පෙරළන හිස් ප්‍රකාශ පසු පස නොගොස් ජනතාව තමන්ට භාර දුන් කාර්යය ඉටු කරන ලෙසත් අනාගත බලය පිළිබඳව මේ මොහොතේ කරන ප්‍රකාශ සමාජ විරෝධී, ජාති විරෝධී සහ රටේ අනාගතයට විරෝධී ප්‍රකාශ ලෙස තමුන් හෙළා දකින බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
එමෙන් ම "අගමැතිතුමනි හම්බන්තොටට ඒ කර්මාන්ත එපා නම් ඒටික මට පොළොන්නරුවට දෙන්න. මම ලෑස්තියි පොළොන්නරුවෙන් ඉඩම් දෙන්න. මේ කිසිම තැනක භුමිය අපි පාවා දීලා නැහැ. වසර 65කට අධික කාලයක් අසමගියෙන් හිටපු පක්ෂ දෙකක්, ඒ දේශපාලන සංස්කෘතිය කණපිට හරවලා සහෝදරත්වයෙන් රට ගොඩනගන්න එකතුවෙලා ආණ්ඩුකරනවානම් ඒකට ඇඟිල්ල දික් කරනවා නම් හොඳ මදි." යනුවෙන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමති ශ්‍රී චන්ද්‍රබාබු නායිදු, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමති වරුන් විශාල සංඛ්‍යාවක් සහභාගී වූහ.
COMMENTS