දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සයිටම් තීන්දුවට එරෙහි දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක්‌
Homeගොසිප්

සයිටම් තීන්දුවට එරෙහි දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක්‌

PropellerAds

මාලබේ සයිටම් ආයතනය විසින් පිරිනමන වෛද්‍ය උපාධිය නීත්‍යානුකූල කිරීම සඳහා බලධාරීන් විසින් ගන්නා ක්‍රමවේදයට එරෙහිව දීප ව්‍යාප්ත වැඩවර්ජනයක්‌ ...

තාත්තලගෙ හැටියට තමයි ඉතින් පුතාල -රන්ජන්ගේ සමීක්ෂණය
කුලප්පුවීමට නියමිත තනි අලියා රවී (බදාදා කාටූන්)
අද 26 මැදියම් රැයේ සිට බස් ගාස්තු අඩු වන මිල ගණන්

මාලබේ සයිටම් ආයතනය විසින් පිරිනමන වෛද්‍ය උපාධිය නීත්‍යානුකූල කිරීම සඳහා බලධාරීන් විසින් ගන්නා ක්‍රමවේදයට එරෙහිව දීප ව්‍යාප්ත වැඩවර්ජනයක්‌ කිරීමට වෛද්‍යවරු සූදානම් වෙති.මෙම වර්ජනය සඳහා දින නියම
කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද රැස්‌වීමට නියමිතය.
මේ සම්බන්ධව දිවයින පුරා ඇති තම ශාඛා සංවිධානවල අදහස්‌ ඊයේ දිනය තුළ විමසූ බවද බහුතරයක මතය වී තිබෙන්නේ ගත හැකි උපරිම පියවර ගත යුතු බව යෑයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක්‌ 'දිවයින' ට කීවේය.
ඒ අනුව අද රැස්‌වන මධ්‍යම කාරක සභාව විසින් ගන්නා තීරණය අනුව එක්‌ දින වැඩ වර්ජනයක්‌ හෝ අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ දිවයිනේ සෑම රජයේ රෝහලකම ආරම්භ කරන බව හෙතෙම කීවේය.
වෛද්‍ය වර්ජනයට යැමට අමතරව
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන්ට ලියාපදිංචිය ලබා දීමට ගෙන ඇති තීන්දුවට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම රැස්‌වීමේදී සාකච්ඡා කර තීරණයක්‌ ගන්නා බව ඔහු කීවේය.
අභියාචනාධිකරණය විසින් පෙරේදා (31 දා) මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව අධ්‍යයනය කර එයට අදාළ විශේෂඥ නීතිමය උපදෙස්‌ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලබා ගනිමින් සිටින බව කී හෙතෙම දිවයින පුරා පිහිටි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා 112 ක ඊයේ මේ සම්බන්ධව සාකච්ඡා පැවැත්වුණු බව අවධාරණය කළේය.
හිටපු සෞඛ්‍ය ඇමැති සහ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පිළිගැනීමක්‌ ලබා නොදෙන බව ලිතව ප්‍රකාශකර තිබියදී වත්මන් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඔහු වෙත 2015 වසරේදී භාර දෙනු ලැබූ එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙහි අඩුපාඩු ඇතුළු වෙනත් කරුණු පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සභා වාර්තාව මත පදනම්ව අධිකරණය ඒ පිළිබඳව නිසි පරිදි දැනුවත් කිරීමට හෝ පියවර නොගත් බව වෛද්‍ය සංගමය කියා සිටී.

(අජිත් අලහකෝන් - ඒමන්ති මාරඹේ)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සයිටම් තීන්දුවට එරෙහි දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක්‌
සයිටම් තීන්දුවට එරෙහි දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක්‌
http://ift.tt/2k10szu
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_70.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_70.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy