දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කල්පිටියේ බෙල්ලන් වගාව ව්‍යාප්ත කිරීමට ධීවර අමාත්‍යාංශය සැරසෙයි

ඒ අනුව, කල්පිටියේ ආනපල්ලම ජනසවිපුර ගම්මානය බෙල්ලන් වගා ව්‍යාපෘති ගම්මානයක් වශයෙන් නම් කිරීම පසුගියදා අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා අතින්...

කල්පිටියේ බෙල්ලන් වගාව ව්‍යාප්ත කිරීමට ධීවර අමාත්‍යාංශය සැරසෙයි
ඒ අනුව, කල්පිටියේ ආනපල්ලම ජනසවිපුර ගම්මානය බෙල්ලන් වගා ව්‍යාපෘති ගම්මානයක් වශයෙන් නම් කිරීම පසුගියදා අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා අතින් සිදු විය. මේ සඳහා නාරා ආයතනය විසින් අවශ්‍ය තාක්ෂණික උපදෙස් සපයයි. එමෙන්ම සංවර්ධන පහසුකම් සැලසීම සඳහා වන ශ්‍රී ලංකා මධ්‍යස්ථානය (Centre for Sri Lanka Development Facilities) විසින්, ධීවර ප්‍රජාව සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් හා වෙලෙඳපොල හදුන්වා දීමේ පහසුකම් සළසයි. මීට අමතරව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ද, මෙම ධීවර ප්‍රජාව සදහා අවශ්‍ය පහසුකම් සපයයි. 
 
මේ වනවිට ආනපල්ලම පවුල් 367ක් සිටින අතර, බෙල්ලන් වගා කිරීමේ නියාමණ ව්‍යාපෘතියේ පවුල් 10ක් යෙදී සිටිති. මෙහි එක් පවුළක්  විසින් මාසයකට රුපියල් 40,000 ත් 50,000 ත් අතර අමතර ආදායමක් මෙමගින් උපයා ගනී.  සෙසු පවුල් ද බෙල්ලන් වගාව සදහා කැමැත්ත පළ කර තිබෙන අතර, ඔවුන් ද ඒ සඳහා යොදවා ගැනීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ. 
 
කෙසේ වුවද, වසර සිය ගණනක් තිස්සේ නිසි ප්‍රයෝජනයක් නොමැතිව මුහුදු පත්ලට දිරා පත් වු   මුහුදු ජීවි විශේෂයක් වන කාවාටි බෙල්ලෝ ධනය උපයන නිධානයක් බවට පත් වී ඇතැයි, මෙම අවස්ථාවට එක්වෙමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා පැවසීය. එමෙන්ම, ධීවර පවුල්වල ආදායම් මට්ටම ඉහළ නැංවීම සඳහා විකල්ප ආදායම් මාර්ගයක් වශයෙන් බෙල්ලන් වගාව ඉහළ ප්‍රතිපල ලබා දී ඇතැයි ද, හෙතෙම කීය.
 
බෙල්ලන් යනු ඉහළ ප්‍රෝටීන් සහිත අධි පෝෂිත මුහුදු ආහාරයකි. විශේෂයෙන්ම කොලෙස්ටරෝල් හා මේදය රහිත නිසා හෘදය වස්තුව හා රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ඇතැම් රෝග වළක්වා ගැනීමේ හැකියාවක් මෙම මුහුදු ආහාරවල ඇති නිසා අන්තර්ජාතිකව මේ සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. 
 
එමනිසා සෞඛ්‍ය සම්පන්න ආහාරයක් වශයෙන් බෙල්ලන් සඳහා ජාත්‍යන්තර වශයෙන් ඉහළ ඉල්ලුමක් පැවතීම නිසා බෙල්ලන් වගාව අප රටේ ව්‍යාප්ත කරලීමට රජය අවධානය යොමු කර ඇතැයි ද, විශේෂයෙන් ජනාධිපතිතුමාගේ ආහාර සුරක්ෂිතතා වැඩ සටහන යටතේ බෙල්ලන් වගාව කළපු ආශ්‍රිත වෙනත් ධීවර පවුල්වලට ද හදුන්වා දී, ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය උදෙසා  කටයුතු කරන බව අමාත්‍යවරයා කීය. 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29589,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කල්පිටියේ බෙල්ලන් වගාව ව්‍යාප්ත කිරීමට ධීවර අමාත්‍යාංශය සැරසෙයි
කල්පිටියේ බෙල්ලන් වගාව ව්‍යාප්ත කිරීමට ධීවර අමාත්‍යාංශය සැරසෙයි
http://ift.tt/2hMIGOY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_83.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_83.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy