ඒ අනුව ඉදිරි සතියේදී අපරාධ විනිශ්චය කොමිෂන් සභා පනත පිළිබද යෝජනාව කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගලගෙදර ආස...
ඒ අනුව ඉදිරි සතියේදී අපරාධ විනිශ්චය කොමිෂන් සභා පනත පිළිබද යෝජනාව කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගලගෙදර ආසනයේ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මහජන මුදල් වංචා කළ අයගෙන් ඒ වංචා කළ මුදල් යළි ලබා ගත නොහැකිවීම පවතින නිතියේ පවතින අඩුවක් වන බව කී අමාත්‍යවරයා මෙසේ පැවසීය. අධිකරණය හමුවේ වරදකරු බවට පත් වුණොත් සමහර විට සිරදඩුවමක් ලබා දෙයි. නමුත් කොටි ප්‍රකෝටි ගණන් කොමිස් මුදල් ගහලා, විශාල මුදලක් අයථා අයුරින් වංචා කළ අය සිටිනවා. නමුත් ඒ අය අද රජයේ ආයතන ආරක්ෂා කිරීම පිළිබදව කථා කරනවා. රජයේ සම්පත් වංචා කළ අය රාජ්‍ය සම්පත් සුරක්ෂිත කරන ලෙස ඉල්ලා සිටීම, පන්සලේ පිං කැටය සොරකම් කළ අය බුදු මැදුරක් හදන්න කථා කරනවා වගේ.
මෙම වර්ෂයේ ජූනි මස වන විට ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙනවා. මෙම ගලගෙදර ආසනයේ මන්ත්‍රීවරු දහයක් පමණ අපේ පක්ෂයේ සිටියා. නමුත් ඔවුන් මෙම ප්‍රදේශයට කළ සේවය පිළිබද සෑහීමකට පත්විය නොහැකියි. ඔවුන් ගම සංවර්ධනය කිරීමට සක්‍රීය දායකත්වයක් ලබාදී නැහැ. රැකියා ලබාදීමට කටයුතු කරලා නැහැ. ගමේ ලිද හදලාදීම පාර සකස් කිරීම වැනි පොදු සංවර්ධන කටයුතු වෙනුවෙන් දායක විය යුතුයි. ඉදිරි මැතිරණය පැවැත්වෙන්නේ අලුත් ක්‍රමයකට රට සංවර්ධනය කළ හැකි පරිදියි. මේ නිසා ගමට වැඩ නොකරන මන්ත්‍රීවරුන් සදහා යළි නාම යෝජනා ලබාදීමක් සිදු කරන්නේ නැහැ.
එවැනි අය ඇතැම්විට පොහොට්ටු පක්ෂයට යයි. නමුත් ඒ පක්ෂයේ තරම මැතිරණයේදී අවබෝධ කර ගත හැකියි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටු පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නැහැ කියලා සපථ කර තිබෙනවා. එතුමාත් මැතිවරණයට එන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි. ඒ නිසා ගමට වැඩ නොකළ හිටපු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ගත යුතු සියලු තීන්දු තීරණ ගමේ ඡන්ද දායකයන් විසින් ගනු ඇතැයි අප විශ්වාස කරනවා යැයි අමාත්‍ය සරත් අමුණුගම මහතා වැඩිදුරටත් පැවසීය.
-නදීක දයා බණ්ඩාර - මහනුවර-
COMMENTS