දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහාධිකරණ විනිසුරු පත්කිරිම ගැන මහින්දගෙන් නිවේදනයක්
Homeප්‍රවෘත්ති

මහාධිකරණ විනිසුරු පත්කිරිම ගැන මහින්දගෙන් නිවේදනයක්

PropellerAds

පිළිගත් ක්‍රමවේදයෙන් පිට මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු පත් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ...

21 නැතිව 25 ආවොත් ගුරුවරුන්ට පාසලට එන්න දෙන්නේ නෑ... පඩි දෙන්නෙත් නෑ - වයඹ ආණ්ඩුකාර රාජා ගුරුවරුන්ට බැටේ දෙන්න සූදානම් (VIDEO)
මළ ගෙවල්වල යන්න විදිහක් නෑ.. මිනිස්සු බීලා බනිනවා - ඩිලාන් පෙරේරා
ජනාධිපති ලෙස සැකසූ අනුරූවලට ගොව විරෝධතාකරුවන් බිම දමා පහර දෙති
මහාධිකරණ විනිසුරු පත්කිරිම ගැන මහින්දගෙන් නිවේදනයක්

පිළිගත් ක්‍රමවේදයෙන් පිට මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු පත් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ඉල්ලා ඇති පරිදි රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයකු හැටියට පත්කිරිම ජනාධිපතිවරයා ලවා අවලංගු කරවා ගැනීමටද නීතීඥ ප්‍රජාව කටයුතු කල යුතු බවද නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එම නිවේදනය පහතින් දැක්වේ

2017 පෙබරවාරි 19 
මාධ්‍ය නිවේදනය

පිළිගත් ක්‍රමවේදයෙන් පිට මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු පත් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයකි

මඩකළපුවේ නීතීඥයකු වශයෙන් කටයුතු කළ රාමනාදන් කන්නන් මහතා ජනාධිපතිවරයා විසින් මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු හැටියට පත් කිරීම ගැන අධිකරණ සේවා සංගමය දැඩි විරෝධය පළ කොට ඇත. මේ රටේ පිළිගත් ක්‍රමවේදය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ හා මහාධිකරණයේ විනිශ්චයකාරවරුන් සියලු දෙනාම පාහේ එක්කෝ අධිකරන සේවය තුළින්ම නැතිනම් නීතිපති දෙපාර්තමේන්තුව තුළින් පත් කිරීමයි. මේ ආකාරයට ජ්‍යෙෂ්ඨත්වය හා සුදුසුකම් මත විනිශ්චයකාරවරුන් පත් කිරීම අධිකරණයේ ස්වාධීනත්වය රඳා පවතින එක් ප්‍රධාන කුළුනක් වෙයි. ඉතාමත්ම කලාතුරකින් කීර්තිමත් පුද්ගලික නීතීඥයන්ද ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීම් ලබයි. හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන්, හිටපු විනිසුරු මාර්ක් ප්‍රනාන්දු ඒ ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වුණු අය වේ. මා ජනාධිපතිව සිටි අවුරුදු 09 තුළ පුද්ගලික නීතීඥයන් අතරින් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කලේ එක් අයකු පමනි. මගේ ආණ්ඩුව සමයේ අභියාචනාධිකරණයට හෝ මහාධිකරණයට එකම පුද්ගලික නීතීඥයෙකු වත් පත්කොට නැත. 

අධිකරණ සේවා සංගමය අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතාගෙන් මේ ගැන විමසූ විට ඇමතිවරයා ඔවුන්ට කියා ඇත්තේ මීට කලින් අවස්ථාවකදී රාමනාදන් කන්නන් මහතා මහාධිකරණයට පත්කරන්නැයි එක්තරා දේශපාලන පක්‍ෂයක් ඔහුගෙන් ඉල්ලීම් කල බවත් ඔහු එයට එකඟ නොවූ බවත්ය. දේශපාලන පක්‍ෂයක නිර්දේශයක් මත විනිශ්චයකාරවරයෙකු පත්කලේ නම් අධිකරණයේ ස්වාධිනත්වයේ මුලු පදනමම දෙදරා යනු ඇත. කන්නන් මහතා මහාධිකරණයට පත්කර තිබෙන්නේ අධිකරණ සේවයේ අවුරුදු 16 කට වඩා අත්දැකීම් ඇති විනිශ්චයකාරවරුන් හා නීතිපති දේපාර්තමේන්තුවේ ද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නොසලකා හරිමිනි. මෙතනදී අවශ්‍යතාවය තිබුණේ උතුරු නැගෙනහිර පලාත් සඳහා දෙමළ කතාකරන විනිශ්චයකාරවරයෙකු පත් කිරිම නම් ඒ සඳහා සුදුසුම පුද්ගලයා වවුනියා දිසා විනිසුරු ඩී.එල්.ඒ.මනාස් මහතා බව අධිකරණ සේවා සංගමය පෙන්වාදී ඇත. අධිකරණ සේවය නැතිනම් නිතිපති දෙපාර්තමේන්තුව තුලින් දෙමළ කතාකරන පුද්ගලයෙකු මේ තනතුර සඳහා තොරාගනු ලැබුවේ නම් කිසිවෙකු එයට එරෙහි වන්නේ නැති බව පැහැදිලිය. 

මේ පත්වීම  ගැන අධිකරණ සේවා කොමිසමෙන් කල විමසීමකදී අධිකරණ සේවා සංගමයට දැනගන්නට ලැබී ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා අධිකරණ සේවා කොමිසමට කරන ලද ඉල්ලීමක් මත මේ පත්වීමට අදාල නිරදේශය ලබා දුන් බවයි. තමා මේ පත්වීම කලේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඉල්ලීමක් මත බව ජනාධිපතිවරයාද ප්‍රසිද්ධයේ ප්‍රකාශ කොට ඇත. නමුත් නීතීඥ සංගමයේ ලේකම් වරයා අධිකරන සේවා සංගමයට දන්වා ඇත්තේ ඔවුන්ගේ සංගමයෙන් මෙවැනි කිසිඳු නිර්දේශයක් කර නැති බවයි. ඒ අනුව පෙනී යන්නේ මේ ඉල්ලීම නීතීඥ සංගමයේ ඇතැම් පුද්ගලයන් විසින් පමණක් සිදුකර ඇති බවයි. ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විනිශ්චයකාරවරුන්ගේ පත්වීම් සම්බන්ධයෙන් නිර්දේශ දීමට ව්‍යවස්ථාමය, නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැත. විනිශ්චයකාරවරුන් පත් කිරීමේ බලය පුද්ගලික නීතීඥයන්ට ලබාදුනහොත් එයින් මුලු නීති ක්‍ෂේත්‍රයම මහා දූෂණයකට ලක්වනු ඇත. විනිශ්චයකාරවරුන්ට පත්වීම් හා උසස්වීම් ලබාගැනීමට තමා ඉදිරියේ නඩුවලට පෙනී සිටින නීතීඥයන් මත රඳා පැවතීමට සිදුවුවහොත් ඇතිවෙන තත්වය කුමක්දැයි ඕනෑම කෙනෙකුට සිතාගත හැක. 

නීතීඥ සංගමයේ ඇතැම් නිලධාරීන් 2015 දී මගේ ආන්ඩුව පෙරලීමට ප්‍රමුඛ කාර්ය භාර්යයක් කල නිසා යහපාලන බලධාරීන් තුටු පඩුරක් වශයෙන් ඔවුන්ට විනිශ්චයකාරවරුන් පත් කිරිමට බලයක් ලබාදිමට උත්සාහ කරමින් සිටි. මෙයින් මුලු නීති ක්‍ෂේත්‍රයටම සිදුවන හානිය ගැන ආණ්ඩුව කිසිදු තැකීමක් කරන්නේ නැත. දැනට සේවයේ නියුතු විනිශ්චයකාරවරුන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නීතීඥයන් සියලු දෙනාම නොසලකා හැර කන්නන් මහතාට මෙම මහාධිකරණ පත්විම ලබාදී ඇත්තේද වත්මන් ජනාධිපතිවරයාට ඡන්ද කුට්ටි ලබාදුන් පක්‍ෂයක් සතුටු කිරිමට බව ඉතා පැහැදිලිය. මෙයින් අධිකරණ නිලධාරීන්ට යන පණිවුඩය වන්නේ පත්වීම් හා උසස්විම් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ සුදුසුකම්, හැකියාවන් හෝ අවංක සේවය නොව දේශපාලන සම්බන්ධතා පමණක් බවයි. 

මේ ආණ්ඩුව 2015 දී වැඩ ඇල්ලුවේ ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කල තුණ්ඩුවකින් එවක සිටි අග්‍රවිනිශ්චයකාරවරයා නෙරපා හැර මුලු අධිකරණ පද්ධතියම මහත් භීෂණයකට ලක් කිරීමෙනි. මේ සම්බන්ධයෙන් ඉටුකල සේවාවන් වෙනුවෙන් අලුත් ආණ්ඩුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරයාට ඉතා ආකර්ශනීය දේශපාලන පත්වීමක්ද ලබා දුන්නේය. අපේ ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට අනුව ඉහල උසාවිවල විනිශ්චයකාරවරුන් ඉවත් කිරිමට ක්‍රියා පිටිපාටියක් ඇත. ඒ අනුව චෝදනා ගොනු කිරීම, ඒවා විමර්ශණය කිරීම, පාර්ලමේන්තුව තුළ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සභාගත කිරීම හා පාර්ලිමේන්තුවේ ඡන්දයක් ගැනීමද කල යුතු වෙයි. ඉහල උසාවිවල විනිශ්චයකාරවරුන් ඉවත් කිරීමේ සැබෑ බලය ඇත්තේ විධායකයට නොව ව්‍යවස්ථාදායකයටය. නමුත් මේ ආණ්ඩුවේ තරම කෙබඳුදැයි ප්‍රදර්ශනය කරමින් ඒ සියලුම ක්‍රියාපටිපාටි නොසලකා අග්‍රවිනිශ්චයකාර මොහාන් පීරිස් මහතා විධායකයේ තුන්ඩුවකින් සිය ධූරයෙන් නෙරපා හරිනු ලැබීය. මෙවැනි ක්‍රියාවකින් වැඩ ආරම්භ කල ආණ්ඩුව තමන්ට හිතවත් දේශපාලන පක්‍ෂ වල නිර්දේශ මත දැන් විනිශ්චයකාරවරුන්ද පත් කිරීම ගැන පුදුම විය යුතු නැත. 

මේ රටේ සෙසු සියලුම වෘත්තීමය සංවිධාන  වලට වඩා, එනම් ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, වාස්තු විද්‍යාඥයින්, වැවිලි කරුවන්, පරිපාලන නිලධාරීන් හා ගණකාධිකාරීවරුන්ගේ සංගම් වලට වඩා ඉතාමත්ම දරුණු ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය දේශපාලනීකරණයට ලක් වි ඇති බව කවුරුත් දනී. නීතීඥ සංගමයට ලැබෙන විදේශීය මුදල් ඇතුලු දේ පාලනය කරන එම සංගමය තුළ සිටින එක්තරා කණ්ඩායමක් ගැන මාධ්‍යයේ වාර්තා පලවි තිබුණි. දැන් පෙනෙන්නට තිබෙන ආකාරයට දේශපාලන පක්‍ෂයක හිතවතකු බව කියවෙන පුද්ගලයෙකු මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු හැටියට පත්කල යුතු යැයි නිර්දේශ කොට තිබෙන්නේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයම නොව එය තුළ සිටින මේ දේශපාලන කණ්ඩායම බව පැහැදිලිය. මමද නීතීඥයෙකු වෙමි. මා මේ අවස්තාවේදී නීතීඥ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනනේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මේ දේශපාලනීකරණය අවසන් කිරීමට අධිෂ්ඨානශීලීව පියවර ගන්නා ලෙසයි. 

එමෙන්ම ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ඉල්ලා ඇති පරිදි රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයකු හැටියට පත්කිරිම ජනාධිපතිවරයා ලවා අවලංගු කරවා ගැනීමටද නීතීඥ ප්‍රජාව කටයුතු කල යුතුය.  මෙවැනි පත්වීම් කිරීමේදී පිළිගත් ක්‍රමවේදය පිළිපැදීම අධිකරණයේ ස්වාධිනත්වය රැකීමට අත්‍යවශ්‍ය සාධකයකි. 

මහින්ද රාජපක්‍ෂ 
හිටපු ජනාධිපති 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහාධිකරණ විනිසුරු පත්කිරිම ගැන මහින්දගෙන් නිවේදනයක්
මහාධිකරණ විනිසුරු පත්කිරිම ගැන මහින්දගෙන් නිවේදනයක්
http://ift.tt/2ljRhZU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_673.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_673.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy