එතුමා වැඩිදුරටත් පවසා සිටිනේනේ ‘රාජකාරියහිදි හොරාට හොරා කීම නිසා පාරිලිමේන්තුවට ඉදිරිපත්කල වාර්ථාවට එරහිව වෙනම විමර්ශණයකට පැවැත්වීමට කටයු...
එතුමා වැඩිදුරටත් පවසා සිටිනේනේ ‘රාජකාරියහිදි හොරාට හොරා කීම නිසා පාරිලිමේන්තුවට ඉදිරිපත්කල වාර්ථාවට එරහිව වෙනම විමර්ශණයකට පැවැත්වීමට කටයුතු කරන බවයි.
හම්බන්තොට වරාය චීනය වෙත ලබාදෙනුවේ එරටින් ගත් ණය පියවීමට බවත්, අක්කර පහලෙස් දහස තවමත් අදුනා නොගත් ආණ්ඩුව එරට තානාපති සමග එකතුවී ආයෝජනයට මුල්ගලක් තැබූ බව සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
මේ වසරේ චීනයෙන් ගත් ණය පියවීමට හම්බන්තොට වරාය දුන්නා වගේම ඉන්දියාවෙන් ගත් ණය ලබන වසරතුල පියවීමහි දී ත්‍රිකුණාමල වරාය හා තෙල් ටැංකි ටික ඉන්දියාව තමන් සතුකරලීමට මාන බලමින් සිටී. ඒ සඳහා ඉන්දියාව සමග ලක් රජය 2003 වසරදී ගිවිසුමක් අත්සන් කලබවත්,එම ගිවිසුමහි එක් කරුණක් ලෙස මාස හයක කාලයක් තුල බදු ගිවිසුමට එලබිය යුතු නමුත් මේ දක්වා ගිවිසුමකට එලබ නැතිබවත හදුන්නෙත්ති මහතා පෙන්වා දෙයි.
මෙම රටට අහිතකර ගිවිසුම් සොයාබලා තීරණ ගැණීමට පාර්ලිමේන්තුවට අයිතියක් ඇති බව එතුමා පෙන්වා දෙයි.
පුල්මුඩේ ඛණිජ වැලි නිධියහි වාසිය පුද්ගලික සමාගමක් අත්විදින අතර ලොව පිරිසිදු ඛණිජවැලි මෙක්ට්‍රික් ටොන් එකක් ඩොලර් දෙදහසක් වන විට ලංකාව ඩොලර් පනස් අටට විකුණන බව ඒ මහතා පවසයි. නිසි මිලකට ඒය විකිණීමට ආණ්ඩුවට නිසි වැඩපිළිවලක් නැති අතර ,අමුවැලි සෝදා පිරිසිදුකර ගත් වැලිවලට අමතරව පසුව විසිකරන වැලි වාර්ශිකව මෙට්ට්‍රික් ටොන් දසලක්ශයක් ඇතිබවත් ඒවා නැවත විකිණීම මගින් රටට ආදායමක් ලබාගත හැකිබවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
වාර්ථාව - මාතර ඉදුනිල් කැළුම් ජයවීර
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=updZ0wKSCk4&feature=youtu.be[/youtube]
COMMENTS