ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සඳහා විශේෂ වැඩමුළුවක් පවත්වා තිබේ. වර්තමානයේ රටේ ආර්ථ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සඳහා විශේෂ වැඩමුළුවක් පවත්වා තිබේ.
වර්තමානයේ රටේ ආර්ථික තත්ත්වය පිළිබදව දැනුවත් කිරීම මෙම වැඩමුළුවේ අරමුණ වී ඇති අතර මීගමුවේ පැවති මෙම වැඩමුළුව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින් රැසක් ද සහභාගී වී තිබේ.
මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා සහ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා විශේෂ දේශන දෙකක් පැවැත්වු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසී ය.
COMMENTS