දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිසුන් නිරුවත් කර වද දුන් පේරාදෙණිය සරසවි කෘෂි ජ්‍යෙෂ්ඨයින්ගේ හිඳගල බාහිර නවක වධකාගාරය වටළයි
Homeගොසිප්

සිසුන් නිරුවත් කර වද දුන් පේරාදෙණිය සරසවි කෘෂි ජ්‍යෙෂ්ඨයින්ගේ හිඳගල බාහිර නවක වධකාගාරය වටළයි

PropellerAds

සිසුන් නිරුවත් කර වද දුන් පේරාදෙණිය සරසවි කෘෂි ජ්‍යෙෂ්ඨයින්ගේ හිඳගල බාහිර නවක වධකාගාරය වටළයි පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨය...

රවීගේ කරල හෙට ආපසු පැහේ : ජෝන් නිසා හෙට ඇමතිකමක්.
මාලිනි හා රවින්ද්‍ර ආණ්ඩුවේ තීරණය අගයති.
'අපේ සංවර්ධන වැඩවලට කිසිම ප්‍රචාරයක් නැහැ'

සිසුන් නිරුවත් කර වද දුන්
පේරාදෙණිය සරසවි කෘෂි ජ්‍යෙෂ්ඨයින්ගේ
හිඳගල බාහිර නවක වධකාගාරය වටළයි



පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ පළමුවන වසරේ සිසුන් පිරිසකට බාහිර ස්ථානයකදී අමානුෂික ආකාරයට නවක වදය ලබාදුන් බව කියන සිද්ධියක් නිසා එම පිඨයේ දෙවන වසරේ සිසුන් පහළොස් දෙනෙකු ඊයේ (20) අලූයම පේරාදෙණීය පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තා.
නවක වද පනත මගින් සරසවිය තුළ නවක වදය ලබාදීමට දැඩි නීති රීති පනවා ඇති නිසා එයින් බේරීමට හිඳගල මෙගොඩකලූගමුව ප‍්‍රදේශයේ බාහිරව කුලී නිවසක් මිලට ගෙන
එහි නවක වදකාගාරයක් පවත්වා යන්නට මෙම සිසුන් කටයුතු කර තිබුණි.


මෙහිදී නවක වදයට බඳුන්ව ඇත්තේ පළමු වසරේ පිරිමි සිසුන් අටදෙනෙකි. ඔවුන්ව දුරකථන ඔස්‌සේ සම්බන්ධ කරගෙන ගලහ මංසන්ධියට එන්නැයි දන්වා අනතුරුව යතුරුපැදිවලින් අදාළ ස්‌ථානය වෙත කැඳවාගෙන ගොස්‌ ඇති බවද, එම නිවස තුළදී ඔවුන් අටදෙනා නිරුවත් කොට විවිධ ඉරියව් ආකාරයෙන් ව්‍යායාම්වල නිරත වන ලෙසද දන්වා ඇති අතර පසුව ලිංගික උත්තේජනය ඇති කරන ක්‍රියාවල ඔවුන්ට නිරතවන ලෙස බලකර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා වන ආචාර්ය ගාමිණී හිටිනායක මහතාට රාත්‍රී 10.30 ට පමණ මේ සිද්ධිය ගැන දුරකථන මාර්ගයෙන් ප්‍රදේශවාසියකු විසින් තොරතුරක් ලබාදී ඇති අතර ඔහු කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති ආචාර්ය ඩී. කේ. එන්. ජී. පුෂ්පකුමාර මහතා සහ ආරක්‍ෂක අංශ නිලධාරීන් සමග සිද්ධිය අවස්ථාවේම එම ස්‌ථානයට ගොස්‌ ඇත

එම අවස්‌ථාවේ නවකවදය ලබාදෙන අන්දම සහ නවක සිසුන් නිරුවත් කරන අන්දම රහසේ නිරීක්ෂණය කර සාක්ෂි ලෙස වීඩියෝ ගත කරන්නටත් හැකිව තිබේ.පසුව විත්තිකාර සිසුන් සිය භාරයට ගත් ආචාර්යවරුන් පේරාදෙණිය පොලිස්‌ ස්‌ථානය වෙත සිද්ධිය දැනුම්දීමෙන් පසුව ඔවුන් 15 දෙනාවම අත්අඩංගුවට පත් විය.

සැකකාර සිසුන් මාසයකට රුපියල් 10,000 ක කුලී පදනමක් යටතේ මාස ‍තුනක කාලයක් සඳහා මේ නිවස ලබාගෙන ඇත්තේ පසුගිය ජනවාරි මස 02 දින බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

මේ නිවස ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කණිෂ්ඨ සේවකයකුට අයත් තවමත් සම්පූර්ණයෙන් වැඩ නිමකර නොමැති නිවසක් වන අතර මොවුන් මෙයට පෙර අවස්ථා ගණනාවකදී සිසුන් මේ ස්ථානයට රැගෙන විත් නවක වදය පමුණුවා ඇති බවද හෙළිව තිබේ.
මෙම නිවස තමන්ගෙන් ලබා ගත්තේ ගෘහ නිර්මාණ ආයතනයක ගෘහ නිර්මාණ ශිල්පීන් බව ඔවුන්ව හඳුන්වා ගනිමින් බවත් මෙවැනි අයථා ක්‍රියාකාරකමක් එහි සිදුවන බව දැනනොසිටි බවත් නිවසේ හිමිකරු දන්වා ඇත.

නවක වදයට ලක්වූ බව කියන සිසුන් බුත්තල, කුලියාපිටිය, ඕපාත, දොඩංගොඩ, නාගලගමුව, පට්ටියවත්ත, උඩුගම්පොළ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.සැකපිට අත් අඩංගුවට ගත් සිසුන් රඹුක්කන,ලුණුවිල,දෙනිපිටිය,මැවනැල්ල,හෝමාගම,බුත්තල,ගාල්ල,ගලගෙදර,කඩවත,පොතුහැර,අම්පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

දරුණු ලෙස වධහිංසා පමුණුවා සිසුන් නිරුවත් කොට බිය වැද්දවූ බවට චෝදනා ලැබූ සිසුන් 15 දෙනා ඊයේ මහනුවර අතිරේක මහේස්ත‍්‍රාත් රංගනි ගමගේ මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාර්තු මස 02 වන දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කරන ලදි.

 එම සිසුන් වූයේ චතුර ලසන්ත, දර්ශන ගුණවර්ධන, රාජිත බස්‌නායක, නිරෝෂන් රාජපක්‍ෂ, කොඩිතුවක්‌කුලාගේ මිහිරංග, සේගු තයිදු, ප්‍රිය කැලුම් ජයතිස්‌ස, සසින්ද වේදපිටිය, සංජීව සෙනෙවිරත්න, පුබුදු අල්විස්‌, ධනංජය කනිෂ්ක බණ්‌ඩාර, කවිෂ්ක ලක්‍ෂ්මන් උමේෂ් එරංග කුමාර, හර්ෂණ සහ සුරේෂ් විඡේසිරි යන කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර සිසුන්ය.

මෙම සිසුන්ට එරෙහිව චෝදනා ගොනු කොට ඇත්තේ 1998 අංක 20 දරන නවක වද පනතේ අංක 2,  3 සහ 6 වගන්ති යටතේ බැවින්, විත්තිකරුවන්ට ඇප ලබාදීමේ බලයක්‌ තම අධිකරණයට නොමැති බව මහෙස්‌ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිසුන් නිරුවත් කර වද දුන් පේරාදෙණිය සරසවි කෘෂි ජ්‍යෙෂ්ඨයින්ගේ හිඳගල බාහිර නවක වධකාගාරය වටළයි
සිසුන් නිරුවත් කර වද දුන් පේරාදෙණිය සරසවි කෘෂි ජ්‍යෙෂ්ඨයින්ගේ හිඳගල බාහිර නවක වධකාගාරය වටළයි
http://ift.tt/2mgCYV9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_216.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_216.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy