දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නයිජීරියානුවන් සමග හවුල්වී ෆේස්බුක් සුන්දර කතුන් රැවටූ ලාංකික තරුණයින් හසුවේ
Homeගොසිප්

නයිජීරියානුවන් සමග හවුල්වී ෆේස්බුක් සුන්දර කතුන් රැවටූ ලාංකික තරුණයින් හසුවේ

PropellerAds

රන් ආභරණ ඇතුළු වටිනා භාණ්ඩ එවන බවට පොරොන්දු වී ෆේස්බුක් හරහා මෙරට කාත්නාවන් රවටා ලක්ෂ 6ක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ වූ මෙරට තොරතුරු තාක...

ජනප්‍රිය පාසල් 1 ශ්‍රේණියට තෝරාගත් දරුවන්ගේ පදිංචිය නැවත අහඹු පරීක්ෂාවකට
දුම්රිය හරස් මාර්ගවලට බම්බු ගේට්ටු වෙනුවට සීනු නාදවන විදුලි ගේට්ටු
සැමියාගේ මුදල් ලක්ෂ ගණන් අරන් ෆේස්බුක් පෙම්වතා සමඟ පැන ගිය බිරිය මාට්ටු

රන් ආභරණ ඇතුළු වටිනා භාණ්ඩ එවන බවට පොරොන්දු වී ෆේස්බුක් හරහා මෙරට කාත්නාවන් රවටා ලක්ෂ 6ක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ වූ මෙරට තොරතුරු තාක්ෂණ විද්‍යාලයක ඉගෙනුම ලබන ශිෂ්‍යයකු රුපියල් 15000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 3 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය පෙරේදා(29දා) නියෝග කළාය.
මහෙස්ත්‍රාත්වරිය විසින්
ඔහුට විදේශ ගත වීමද තහනම් කරනු ලැබූ අතර එම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වංචා විමර්ශන අංශයට ප්‍රකාශයක් ලබා දෙන ලෙසද සැකකරුට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළේ වංචා කිරීමේ සිද්ධියට නයිජීරියන් ජාතිකයන් ඇතුළු තවත් බොහෝ පිරිසක් සම්බන්ධ බවට වංචා විමර්ශන අංශයේ නිලධාරින් අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීම හේතුකොටගෙනය.

එලෙස මුදාහරිනු ලැබුවේ අනුරාධ සංජීව සෙනරත් නමැති තොරතුරු තාක්ෂණය හදාරනු ලබන ශිෂ්‍යයෙකි.
එම සිද්ධියට තොරතුරු තාක්ෂණය හදාරනු ලබන මහේල බණ්ඩාර, එම්. නවෝද්‍ය නමැති ඔහුගේ මිතුරන් දෙදෙනකුද සම්බන්ධ වී ඇති අතර පසුගිය නඩු දිනයකදී මහෙස්ත්‍රාත්වරිය විසින් ඔවුන්ට ඇප ලබා දෙනු ලැබිණි.

නයිජීරියානු ජාතිකයකු විසින් ෆේස්බුක් හරහා පැමිණිලිකාර කාන්තාව සමඟ මිතුරු වී රන් භාණ්ඩ ඇතුළු වටිනා තෑගි ලබාදෙන බව පවසා වංචාව සිදුකර ඇති අතර කාන්තාව ලබාදෙනු ලබන මුදල් බැර කිරීම සඳහා තවත් නයිජීරියානු ජාතිකයකුගේ මාර්ගයෙන් මහේල බණ්ඩාර, එච්. නවෝද්‍ය, අනුරාධ සංජීව සෙනරත් යන ශිෂ්‍යයන්ගේ බැංකු ගිණුම් ලබාගෙන ඇත.

එම ගිණුම් ලබාදීම සහ කාන්තාව විසින් තැන්පත් කරන ලද මුදල් තමන්ගේ ගිණුම්වල තබා ගැනීම මත වංචා විමර්ශන අංශය ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
පැමිණිලිකාරිය මොරිස් සමරතුංග නමැති මෙරට පෞද්ගලික ආයතනයක කළමනාකාරිනියකි.
ලබන ජුනි 28දා නඩුව යළි කැඳවීමට නියමිතයි.

අමිල අබේරත්න
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නයිජීරියානුවන් සමග හවුල්වී ෆේස්බුක් සුන්දර කතුන් රැවටූ ලාංකික තරුණයින් හසුවේ
නයිජීරියානුවන් සමග හවුල්වී ෆේස්බුක් සුන්දර කතුන් රැවටූ ලාංකික තරුණයින් හසුවේ
http://ift.tt/2ohVUI7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_968.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_968.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy