වාකරේ, අමන්දනාවේලි ප්‍රදේශයේ ළිඳක තිබී සැකකටයුතු පුද්ගල මළ සිරුරක් ඊයේ ගොඩ ගනු ලැබුවා. මෙම මළ සිරුර පාවෙමින් තිබෙනු දැක පොලිසියේ සහාය...
වාකරේ, අමන්දනාවේලි ප්‍රදේශයේ
මෙම මළ සිරුර පාවෙමින් තිබෙනු දැක පොලිසියේ සහාය ඇතිව ප්‍රදේශවාසීන් ගොඩගැනීමේදී ඒ සිරුර ගලක් ගැටගසා ළිඳට දමා ඇති බවට නිරීක්ෂණය වී තිබේ.
ඒ අනුව මෙම පුද්ගලයා මරා දැමීමේ අදහසින් ළිඳට කිසිවෙකු දමන්නට ඇතැයි සැක කෙරේ.
එලෙස මියගොස් ඇත්තේ අමන්දනාවේලි, කදිරවේලි ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු ලෙස පසුව හඳුනාගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් වාකරේ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
COMMENTS