රුපියල් කෝටි 20 කට ආසන්න වියදමකින් ඉදිකළ වවුනියාව නව බස් නැවතුම් පල විවෘත කොට දින විස්සකින් වසා දමා නැවත බස් ගාල් කිරීම පැරණි බස්නැවතුමපලේ...
රුපියල් කෝටි 20 කට ආසන්න වියදමකින් ඉදිකළ වවුනියාව නව බස් නැවතුම් පල විවෘත කොට දින විස්සකින් වසා දමා නැවත බස් ගාල් කිරීම පැරණි බස්නැවතුමපලේ සිටම ධාවනය කිරීමට පියවර ගැනීම නිසා තමන් දැඩි අපහසුතාවයටත් ජාතික අපරාධයක් බවටත් මගීහු කියා සිටිති.
පසුගිය මස 16 වැනිදා ප්‍රවාහාන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ නව බස් නැවතුම්පල මේ මස 05 දා වසා දැමීමට හේතුව වුයේ ලංගම බස් සේවකයින් සහ පෞද්ගලික බස් සේවකයින් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ලංගම බස් සේවකියන් වසින් ආරම්භ කරන ලද මාරාන්ති උපවාසයට විසඳුමක් ලෙසිනි.
නව බස් නැවතුම් පල විවෘත වූයේ ලංගම බස් රථ හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධව ගාල් කොට ජනතාවට ඉතා හොද සේවාවක් ලබාදීමේ අරමුණින් යුතුවයි.
එහෙත් බස් නැවතුම් පල විවෘත කළ දිනයට පසු දිනයේ සිටම ලංගම සේවකයින් හා පෞද්ගලික බස් රථ සේවකයින් අතර දැඩි අර්බුදකාරී තත්වයක් හට ගත් අතර එම අර්බුදය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය විණි.
ලංගම බස් රථ වලට හා පෞද්ගලික බස් රථ වලට ඒකාබද්ධ කාල සටහනක් ක්‍රියාත්මක නොවීම, දෙපාර්ශ්වයේම බස් රථ ධාවනය කරවීමේදී යම් යම් ගැටළු පැන නැගීම, ලංගම බස් රථ පෞද්ගලික බස් නැවතුම් පලෙන් ධාවනය කරවීමට අකැමති වීම ඇතුළු ගැටළු රැසක් පැන නැගුණු අතර ඊට සාධාරණයක් ඉල්ලා වවුනියාවේ ලංගම සේවකයින් කීපදෙනෙකු විසින් මාරාන්තික උපවාසයක් ද දියත් කළේය.
පසුව වව්නියාව දිසාපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් පසුව මාර්තු 31 වනදා දක්වා බස් ධාවන කටයුතු පැරණි බස්නැවතුම් පලවල සිටිම ධාවනය කිරීමට පියවර ගැනුනු අතර ඒකාබද්ධ කාලසටහනක් සකස් කොට ගැටලුවලට වසඳුම් ලබා දෙන තුරු නව බස්නැවතුම්පල වසා දැමීමට බලධාරීන් තීරණය කරන ලදි.
මේ හේතුවෙන් නව බස් රථ නැවතුම් පල වසා දැමීමට පියවර ගැනීම නිසා පෞද්ගලික බස් රථ හිමියෝ සුපුරුදු පරිදි වවුනියාවේ ප්‍රධාන මාර්ග දෙකක සිය බස් ගාල් කොට ධාවනය කෙරෙන නිසා දැඩි වාහන තද බදයක් මෙන්ම අනතුරු බහුල වීමේ තත්ත්වයක් හටගෙන ඇති අතර බස් රථ වලට ගොඩ වීමට පැමිණෙන ජනතාවටද එය විශාල අවහිරයක් වී තිබේ.
නමුත් පෞද්ගලික බස් රථ සේවකයින් කියා සිටින්නේ තම බස් රථ ඕනෑම අවස්ථාවක නව බස් නැවතුම්පලේ සිට ධාවනය කිරීමට සූදානම් බවත් ලංගම බස් රථ අකමැති වීම නිසා මෙම ගැටලුව ඇතිව තිබෙන බවටත්ය.
මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂණ් සභාවේ සභාපති ඉංජිනේරු එම්.ඒ.පී.හේමචන්ද්‍ර මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මේ වන විට විවෘත කරන ලද නව බස් නැවතුම්පලෙන් අන්තර් පලාත් බස් රථ සියල්ලක්ම ගමනාරම්භය හා අවසානය සිදුවන බවටත් වව්නියාවේ ලංගම බස් රථ සේවකයින්ගේ ගැටලුකාරී බව හේතුවෙන් ලංගම බස් රථ පැරණි බස් නැවතුමපලේ ගාල් කොට ධාවනය කෙරෙන බවටත්ය.
ජාතික ගමනාගමන කොමිෂණ් සභාවේ සභාපතිවරයා එසේ ප්‍රකාශ කළද පසුගිය 06 වනදා සිට මේ වන තුරු නව බස්නැවතුම්පලේ සිට කිසිදු බස්රථයක් ධාවනය නොවෙයි.
සියළුම දෙනා ඉල්ලා සිටින්නේ ඉතා විශාල මුදලක් වැය කොට ඉදි කරණ ලද වවුනියාව නව බස් නැවතුම් පල යළි ඉතා ඉක්මනින් විවෘත කොට ජනතාවට සහනයක් සලසා දෙන ලෙසටයි.
ඡායාරූප පහතින්
- වන්නි රොමේෂ් -
COMMENTS