හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යාංශය හෝ ඒ හා සම්බන්ධ කිසිදු ආයතනයක කටයුතු නොකරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය ක...
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යාංශය හෝ ඒ හා සම්බන්ධ කිසිදු ආයතනයක කටයුතු නොකරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
හිටපු මහ බැංකු අධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ මහ බැංකු උපදේශක ලෙස මේ වනවිට කටයුතු කරමින් සිටින බවට පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.
අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහබැංකුවේ උපදේශක තනතුරක් දරණ බවට පළවූ පුවත්වල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා මහබැංකුවේ තොරතුරු අධ්‍යක්ෂ එම්.අලිහසන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
කෙසේ වෙතත් බැඳුම්කර සිද්ධියට චෝදනා එල්ලවී සිටින මහ බැංකුවේ හිටපු අධිපතිවරයා යළි මුදල් අමාත්‍යංශයේ මහ බැංකු උපදේශකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටින බවට දූෂණ විරෝධී පෙරමුණ විසින් ඊයේ(23) චෝදනා කරන ලදී.
COMMENTS