කොළඹ මහනුවර අධිවේගී මාර්ගය සඳහා පවරා ගනු ලබන ඉඩම්වල අනවසර පදිංචිකරුවන් සිටී නම් ඔවුන් සඳහා පර්චස් 10ක් හෝ ලක්ෂ 5ක මුදලක් ලබාදීම, නිවෙසේ වට...
කොළඹ මහනුවර අධිවේගී මාර්ගය සඳහා පවරා ගනු ලබන ඉඩම්වල අනවසර පදිංචිකරුවන් සිටී නම් ඔවුන් සඳහා පර්චස් 10ක් හෝ ලක්ෂ 5ක මුදලක් ලබාදීම, නිවෙසේ වටිනාකම අනුව අදාළ වන්දිය ලබාදීමටද පියවර ගනු ලැබ තිබේ.
කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය සඳහා ඉඩම් පවරා ගැනීමේදී ඉඩමක් පවරා ගැනීමෙන් අනතුරුව එම ඉඩමේ කොටසක් ඉතිරිවේ නම් ඉඩම් හිමියාගේ කැමැත්ත අනුව ඉතිරි ඉඩම් කොටසක් රජයට පවරා ගෙන වන්දි ලබාදීමට තීරණය කර ඇත.
පවරාගනු ලබන ඉඩම කොස්, පොල් වැනි වටිනා ගස් ඇත්නම් නැවත ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කර සුදුසු වන්දි මුදලක් ඒ වෙනුවෙන් ප්‍රදානය කිරීමටද තීරණය කර ඇත.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ඉඩම් අහිමි වන ජනතාවගේ ගැටලු නිරාකරණය කොට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී එම තීරණවලට එළැඹ ඇත.
කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින නගරයට ගමන් ගන්නා මාර්ගයක් බවත් එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට ජනතාවගේ සහාය අවශ්‍ය බවත් මෙම සාකච්ඡාවේදී ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා පැවැසීය.
COMMENTS