කෝටිපති ව්‍යාපාරික මොහාමඩ් සියාම් ඝාතනයට අදාළව මරණ දඬුවම නියම ඇති හිටපු උප පොලිස් පරික්ෂක බී.ඒ. ලක්මිණී ඉන්දික බමුණුසිංහ ශ්‍රී ජයවර්ධනපුර ...
කෝටිපති ව්‍යාපාරික මොහාමඩ් සියාම් ඝාතනයට අදාළව මරණ දඬුවම නියම ඇති හිටපු උප පොලිස් පරික්ෂක බී.ඒ. ලක්මිණී ඉන්දික බමුණුසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති බාහිර උපාධිය සමත්ව තිබේ.
ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ එවැනි ආකාරයක සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවත් වාර්තාවෙයි. වැළිකඩ බන්ධනාගාරයේ ඔහු සිය දඬවම ගත කරමින් සිටියි.
එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස් උප පරීක්ෂකවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු ශාස්ත්‍රපති බාහිර උපාධිය හදාරා තිබේ.
එසේම අද (05) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේ පැවැත්වේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වීමට ඔහුට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරය ලැබී ඇත.
COMMENTS