දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පෙරළියක් කිරීමට මෛත්‍රීගෙන් නව ජාතික ව්‍යාපාරයක්
Homeප්‍රවෘත්ති

පෙරළියක් කිරීමට මෛත්‍රීගෙන් නව ජාතික ව්‍යාපාරයක්

PropellerAds

අලූත් ආණ්ඩු හැදීමට නොව තිබෙන ආණ්ඩුව සමග එක්ව රට ගොඩනැගීමට කැපවීම සියලූදෙනාගේ යුතුකම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.  දුගී භාවය...

"එයාට ඕනේ නම් අයින් වෙන්න කියන්න - අපේ ආණ්ඩුවට ඕනේ දේ කරන්නේ" - සුජීවගෙන් සැර කතාවක් (VIDEO)
කිරිපිටි හිඟයක් ඇති වීමේ අවධානමක්
"එයානේ කොමසාරිස් අපියෑ” - මහින්දගෙන් මහින්දට පිළිතුරු
පෙරළියක් කිරීමට මෛත්‍රීගෙන් නව ජාතික ව්‍යාපාරයක්

අලූත් ආණ්ඩු හැදීමට නොව තිබෙන ආණ්ඩුව සමග එක්ව රට ගොඩනැගීමට කැපවීම සියලූදෙනාගේ යුතුකම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 

දුගී භාවයෙන් රට නිදහස් කර ගැනීමට රජය කි‍්‍රයාත්මක කර ඇති දැවැන්ත වැඩපිළිවෙළ සමග එක්ව යුගයේ වගකීම ඉටු කරන ලෙස තමා සියලූදෙනාට ආරාධනා කරන බව ද ඊයේ (08) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති තිරසර යුගයක - තෙවසර ඇරඹුම, ප‍්‍රධාන උත්සවය අමතමින් ජනාධිපතිවරයා පැවසී ය.

2017 වසරේ රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීමේ ප‍්‍රධාන ව්‍යාපෘතිය ලෙස ‘ග‍්‍රාම ශක්ති ජාතික ව්‍යාපාරය‘ මේ මාසයේ සිට ආරම්භ කරන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා කෘෂිකර්මාන්තයේ සහ වාරිමාර්ග ක්ෂේත‍්‍රයේ පුළුල් පෙරළියක් සිදු කරමින් නව වැඩපිළිවෙළ රැසක් ද කි‍්‍රයාවට නංවන බවද කියා සිටියේය.

ඇතැම් පිරිස් පසුගිය රජයේ සහ මෙම රජයේ සංවර්ධන වෙනස පිළිබද කථා කරමින් රජයට ඇඟිල්ල දිගු කළ ද එදා දුටු සුන්දර මහා සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙස රුපියල් කෝටි නව ලක්ෂයක ණය බරක් රටට උරුම වී ඇති බව පැවසූ ජනාධිපතිවරයා තවදුරටත් අපට අවශ්‍ය වන්නේ එම සැලෝලයිඞ් ලෝකයද, ජාතික ආර්ථිකයේ යථාර්තය තේරුම් ගෙන රට ගොඩනැගීමට සියලූදෙනා එක්වීම ද යන්න ජනතාව අවබෝධකරගත යුතු බවද ප‍්‍රකාශ කළේය.

යහපත උදෙසා තීන්දු තීරණ ගන්නවා සේම අනාගත බලය පිළිබඳ සිහින දකිමින් ආණ්ඩු පෙරළීමට කිසිදු ඉඩක් නොතබන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා යහපාලන රජය යහපාලන ප‍්‍රතිපත්තිවලට ගරු කරමින් ශක්තිමත් රජයක් ලෙස ඉදිරියට ගමන් කරන බවත් ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වූ ශී‍්‍ර ලංකාවක් ගොඩනැගීමට වත්මන් රජයට ඒකාන්තයෙන්ම හැකියාව තිබෙන බවත් කියා සිටියේය. 

සෞභාග්‍යමත් දේශයක් බිහිකරණු වස් ඉදිරි තෙවසර තුළ රජයේ සංවර්ධන සැලසුම් සහ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ වැඩපිළිවෙළ කි‍්‍රයාවට නංවමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත තිරසර යුගයක - තෙවසර ඇරඹුම ජාතික වැඩසටහන කි‍්‍රයාත්මකය.

උත්සවයේ විශේෂ දේශනය සැමට සෞභාග්‍යය මැයෙන් ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශයේ ප‍්‍රධාන අමාත්‍ය ශී‍්‍ර චන්ද්‍රබාබු නයිදු මහතා විසින් සිදුකළේය. 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පෙරළියක් කිරීමට මෛත්‍රීගෙන් නව ජාතික ව්‍යාපාරයක්
පෙරළියක් කිරීමට මෛත්‍රීගෙන් නව ජාතික ව්‍යාපාරයක්
http://ift.tt/2iTOW6u
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_747.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_747.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy