දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප මන්ත්‍රි නලින්ට එරෙහිව සංඝාඥාවක්
Homeප්‍රවෘත්ති

එජාප මන්ත්‍රි නලින්ට එරෙහිව සංඝාඥාවක්

PropellerAds

හම්බන්තොට ආයෝජන කලාපයට මුල්ගල් තබන අවස්ථාවේදී ඊට විරෝධය දැක්වීමට පැමිණියේ ශ්‍රමණ වේශධාරීන් බවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ...

සැමන් 100, පරිප්පු 65 මිල සීමා ඉවතට.. ගැසට් නිවේදනය නිකුත් කෙරේ !
මැකො තවත් බාල්දියක් පෙරලයි.. මැතිවරණයේ නාම යෝජනා සියල්ල අවලංගු වන තත්වයක් !
ලොවක් දණ ගැස්වූ කොරෝනා ශ‍්‍රී ලංකා බුද්ධි අංශ ග‍්‍රහණයේ.. මෝසාඩ් පරදමින් කොරෝනා මැඩලූ විස්මිත බුද්ධි මෙහෙයුම මෙන්න - (video)
එජාප මන්ත්‍රි නලින්ට එරෙහිව සංඝාඥාවක්

හම්බන්තොට ආයෝජන කලාපයට මුල්ගල් තබන අවස්ථාවේදී ඊට විරෝධය දැක්වීමට පැමිණියේ ශ්‍රමණ වේශධාරීන් බවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා විසින් පසුගියදා කළ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැකව ජිනරතන හිමියෝ පැවැසූහ.

එම ප්‍රකාශය පදනම් කරගනිමින් නලින් බණ්ඩාර මහතාට එරෙහිව සංඝාඥාවක් නිකුත් කරන බව ද ඒ හිමියෝ අවධාරණය කළහ. 

උන්වහන්සේ ඒ අනාවරණ කළේ කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භික්ෂු සංවිධානය විසින් කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනේදී පසුගියදා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

සංඝයා වහන්සේ එදින එම ස්ථානයට වැඩම කළේ පෞද්ගලික වාසි බලාපොරොත්තුවෙන් නොවන බවත් මාතෘ භූමියෙන් කොටසක් චීනයට පවරාදීමට එරෙහිව අහිංසක විරෝධයක් දැක්වීමට බවත් කීහ. 

එම අවස්ථාවේදී රජයේ මෙහෙයවීමෙන් පැමිණි මැරයන් විසින් භික්ෂුන් වහන්සේට පහරදී ශාසනද්‍රෝහී ක්‍රියාවක් සිදුකළ බවත් එම ප්‍රහාරය පිළිබඳව පසුගිය දිනෙක පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා එහි පැමිණියේ භික්ෂුන් වහන්සේ නොව ශ්‍රමණ වේශධාරීන් බවට කළ ද්වේශ සහගත ප්‍රකාශය කුරුණෑගල දිසාවේ සියලු භික්ෂුන් වහන්සේ විසින් දේශපාලන භේදයකින් හෝ නිකාය භේදයකින් තොරව හෙළාදකින බවත් උන්වහන්සේ පැවැසූහ.

එම ස්ථානයට පැමිණ සිටියේ මහනායක හිමිවරුන්, අනුනායක හිමිවරුන් සහ විහාරාධිපතින් වහන්සේ ඇතුළු දිවයිනේ චිරප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ බවත් උන්වහන්සේ ශ්‍රමණ වේශධාරීන් බව කියන්නේ කෙසේ දැයි ජිනරත්න හිමියෝ නලින් බණ්ඩාර මහතාගෙන් ප්‍රශ්න කළහ.

මෙවැනි වාචාල කතා කියන මන්ත්‍රිවරුන් වයඹින් බිහිවීම ගැන තමන් කනගාටු වන බවත් හොරට සිවුරු පොරවා මැරයන් භික්ෂුන් වහන්සේ ලෙස යෙදවීමේ ව්‍යාපාරයක නලින් බණ්ඩාර මහතා යෙදී සිටින්නේදැයි ඔහුගේ ප්‍රකාශ අනුව තමන් වහන්සේට සාධාරණ සැකයක් මතු වන බවද උන්වහන්සේ කියා සිටියහ.

එබැවින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී, ආගම්ද්‍රෝහී සහ ශාසන විරෝධී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේ ලෙස නලින් බණ්ඩාර මහතාට විරුද්ධව සංඝාඥාවක් නිකුත් කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප මන්ත්‍රි නලින්ට එරෙහිව සංඝාඥාවක්
එජාප මන්ත්‍රි නලින්ට එරෙහිව සංඝාඥාවක්
http://ift.tt/2jsVr0o
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_675.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_675.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy