විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසය...
විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ද වෙනස් වී නොමැති බවයි.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර දී බි.බි.සී.සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර තිබේ.
විශේෂයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලය තුළ වෙළඳාම සහ ආයෝජනය ශක්තිමත් කිරීම පිළිබඳව නවසීලන්තය සමඟ එක්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කියා සිටියි.
පසුගිය පාලනයට එරෙහි බරපතල දූෂණ, වංචා චෝදනා සම්බන්ධ විමර්ශන වෙනුවෙන් පුහුණු පොලිස් නිලධාරීන් නොසිටි බැවින් ඔවුන් විදේශවලට පිටත්කොට පුහුණු කිරීමට සිදු වූ බවත් අගමැතිවරයා පැවසීය.
චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් හම්බන්තොටදී විරෝධතා දියත් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් බවට චෝදනා කරන අගමැතිවරයා, එම උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් වශයෙන් රාජපක්ෂ ආධාරකරුවන් අතර බෙදීමක් හටගෙන ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS