බුද්ධිමය දේපළ මංකොල්ලය නැවැත්වීම සඳහා දැනට තිබෙන නීති රීති නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීමට සහ එම නීති රීතිවල අඩුපාඩු පවතින්නේ නම් නව නීති සම්...
බුද්ධිමය දේපළ මංකොල්ලය නැවැත්වීම සඳහා දැනට තිබෙන නීති රීති නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීමට සහ එම නීති රීතිවල අඩුපාඩු පවතින්නේ නම් නව නීති සම්පාදනය කර මෙම ගැටලූව විසදීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.
ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී කලාකරුවන් සහ අදාළ නිළධාරින් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් අතර කර්තෘ භාගය ගෙවීම සහ ප‍්‍රකාශන හිමිකම ආරක්ෂා කිරීම සඳහා ගතයුතු පියවරයන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කර ඇත.
බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් අද සෑම දියුණු රටකම නීති රීති කි‍්‍රයාත්මක වන අතර අපද ඒ පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව පනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
බුද්ධිමය දේපළ හිමිකම සහ කර්තෘ භාගය ගෙවීම සම්බන්ධයෙන් පවතින නීති රීති පිළිබඳ අදාළ අංශ දැනුවත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත උපදෙස් දුන්නේය.
ගුණාත්මක මාධ්‍යකරණයක් සහ අසභ්‍ය නිර්මාණවලින් සමාජයට සිදුවන හානිය වැළැක්වීමට ගතයුතු පියවරයන් පිලිබඳව ද මෙහිදී අදහස් හා යෝජනා රැසක් ඉදිරිපත් විය.
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නීතිපති ජයන්ත ජයසූරිය, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසුරිය, ශී‍්‍ර ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී රණවක යන මහත්ම මහත්මීන් ද, කලාකරුවන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
COMMENTS