උතුරු-නැගෙනහිර පළාත් ඒකාබද්ධ නොකරන බව හා බුද්ධාගම පමණක් රාජ්‍ය ආගම ලෙස පිළිගන්නා බව රජය ප්‍රකාශ කළ මොහොතේ ඔවුන් ඉල්ලා අස්විය යුතුව තිබූ බ...
උතුරු-නැගෙනහිර පළාත් ඒකාබද්ධ නොකරන බව හා බුද්ධාගම පමණක් රාජ්‍ය ආගම ලෙස පිළිගන්නා බව රජය ප්‍රකාශ කළ මොහොතේ ඔවුන් ඉල්ලා අස්විය යුතුව තිබූ බවයි හිටපු මන්ත්‍රීවරයා යාපනය නගරයේදී පවසා ඇත්තේ. එම අවස්ථාවේදී ඔවුන් නිහඬව සිටීමෙන් දෙමළ ජනතාවගේ අපේක්ෂා බිඳවැටී ඇති බවට ඔහු තර්ක කරයි.
උතුරු-නැගෙනහිර ඒකාබද්ධ කර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අන්දමේ බලය බෙදාහැරීමක් දෙමළ ජනතාව අපේක්ෂා කරන හෙයින් එම අපේක්ෂාවන්ට පටහැනිව කටයුත කිරීමට විපක්ෂ නායකයාට කිසිදු අයිතියක් නැති බවයි ප්‍රේමචන්ද්‍රන් මහතා පෙන්වා දෙන්නේ.
ජනාධිපතිවරයා හා නව රජය බලයට පත්වීමේදී දෙමළ ජනතාව බලාපොරොත්තු වූ අපේක්ෂාවන් රජය ඉටු නොකරන්නේ නම් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ දෙමළ නායකයන් රැඳී සිටීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවයි හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ.
COMMENTS