ඩිලාන් පෙරේරා පදනම මගින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සහ පාසල් සිසුන්ට නව වසර සඳහා පාසල් පොත් ප්‍රදානය කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විණි...
ඩිලාන් පෙරේරා පදනම මගින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සහ පාසල් සිසුන්ට නව වසර සඳහා පාසල් පොත් ප්‍රදානය කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විණි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා ඇමතිවරයා,
'ලොකු ආණ්ඩු පෙරලන්න කයිය ගැහුවට ව්‍යවස්ථාවට අනුව ඒකට තව කල් තියෙනවා. ඒක නිසා හැමෝම එකතුවෙලා අලියා පෙරලලා දාලා පුංචි ආණ්ඩු ටික අල්ලගනිමු. කැලේ ඉන්න පුංචි පුංචි සත්තුන්ට සමගි උනොත් එකතු උනොත් කැලේ දැවැන්තයා අලියා උනත් පෙරලන්න පුලුවන්. කැලේ ඉන්න අලියා උනත් කොහේ ඉන්න අලියා උනත් වට්ටන්න පුලුවන් සමගි උනොත්. අපි ඒක ඉතිහාසය පුරාම ම ඔප්පු කරලා තියෙනවා.'
'මහින්ද රාජපක්ෂ මහත්තයගෙ කාලෙ අපේ රටට ගොඩක් මානව හිමිකම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුඋනා. හැම අවුරුද්දෙම මාර්තු මාසෙ බොහෝ රටවල්වට මේ ගැන කරුණු කියන්න මහින්ද මහත්තයා තෝරගත්තෙ මාව. ඒවගේම චන්ද්‍රිකා මැතිනියගේ කාලෙ ජාතික සහජීවනය පිළිබඳ පණිවිඩය මේ රටේ අස්සක් මුල්ලක් නෑර ගෙනියන්න එතුමිය තෝරගත්තෙ මාව. ඒ ඕනම කෙනෙක් එක්ක, ඕනම තත්වයක් යටතේ කටයුතු කරන්න පුලුවන් නිසා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂය ඇතුලේ දැවැන්ත මතවාදී අරගලයක් තිබුණු මොහොතක පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස මාව පත්කළේ ඒ නිසා.'
'දරුවො ඉන්න අම්මලා තාත්තලා දරුවන්ට ආදරෙයි වගේම දරුවො නැති අයත් දරුවන්ට ආදරෙයි. ඒ දරුවන්ගෙ අගය හොඳින්ම තේරෙන නිසා. තාත්තා කෙනෙක් වෙන්න වරම් නැති මට මේ සත්කාරය හරහා ඊළඟ ආත්මෙ තාත්තා කෙනෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනයකුත් කරනවා.'
බදුල්ලේ විමුක්ති සංජය පෙරේරා
COMMENTS