දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නන්දන ලොකුවිතාන සම්බන්ධවූ ටයර් කම්හලේ ඉදිකිරීම් අත්හිටුවෙයි
Homeගොසිප්

නන්දන ලොකුවිතාන සම්බන්ධවූ ටයර් කම්හලේ ඉදිකිරීම් අත්හිටුවෙයි

PropellerAds

Dubai Mariott නන්දන ලොකුවිතාන සම්බන්ධවූ  ටයර් කම්හලේ ඉදිකිරීම් අත්හිටුවෙයි පසුගිය රජය සමයේ විවිධ සැකකටයුතු මුදල් ආයෝජනයන් නිසා ප්‍රසිද්...

ට්‍රම්ප් ජයග්‍රහණය ගැන ෆේස් බුක් නිර්මාණ
ට්‍රැෆික් නිසා පාඩුයි පාරෙ ට්‍රැෆික් නැති කරලා නොදුන්නොත් අපි ස්ට්‍රයික් - ගැමුණු
තුවාලකාරියක් රෝහලට ගෙනියන්න බෑ කිව්ව ත්‍රිරෝද රථ රියැදුරාට නඩු
Dubai Mariott
නන්දන ලොකුවිතාන සම්බන්ධවූ 

ටයර් කම්හලේ ඉදිකිරීම් අත්හිටුවෙයි

පසුගිය රජය සමයේ විවිධ සැකකටයුතු මුදල් ආයෝජනයන් නිසා ප්‍රසිද්ධවූ නන්දන ජයදේව ලොකුවිතාන සම්බන්ධ කරගෙන පසුගියදා හොරණ ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේ කටයුතු ආරම්භවූ නමුත් මේ වනවිට එය අත්හිටුවා ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ දැනුම් දුන්නේය.
පසුගියදා ආන්දෝලනයට තුඩුදුන් වොක්ස්වැගන් කම්හල ඉදිකිරීම අරඹා දිනකට පසුව අගමැති රනිල් හොරණ ප්‍රදේශයට ගොස්  මේ කියන ටයර් කම්හලේ
ඉදිකිරීම් කටයුතුද ඇරඹූ අතර එහි වීඩියෝ රූප රාමුවල නන්දන ලොකුවිතාන පෙනී සිටීම නිසා ඔහු ගැන දන්නා අය පුදුම විය.
 එම ව්‍යාපෘතියට ආයෝජනය කළේ කවුරුන් දැයි යන්න අගමැතිවරයා විසින් දැන ගනු ලැබුවේ කර්මාන්ත ශාලාවට මුල් ගල් තැබූ දින උදෑසන බව ඊයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත දන්වා සිටියේය.
කර්මාන්ත ශාලාව ඉදි කිරීමට සැලසුම් කළ භූමිය අක්කරයක් රුපියල් සියයක් වැනි මුදලකට ලබාදීමට  තීන්දුවක්ද ලබාදී ඇති බවත් ඒ ආකාරයට රජයේ ඉඩම් ලබාදීමට ඉඩ නොදෙන බව අවධාරණය කළේය.‍ ඒ සම්බන්ධයෙන් වගකිවයුතු ඇමතිවරුන්  කවුදැයි හෙළි නොකළේය.

නන්දන ජයදේව ලොකුවිතාන ඩුබායි පදනම් කරගත් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග කිට්ටු සබඳතා පවත්වමින් විවිධ ආකාරයේ නොපැහැදිලි ගනුදෙනු කළ බවට ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර මූල්‍යායතනය (ICIJ)  පැනමා වාර්තාව මගින් හෙළි කරන ලද අයෙකි. ඩුබායි හි Mariott හෝටලයේ මිලදී ගත් පුද්ගලයා ලෙස ඔහුව නම් කර ඇතත් ඔහු එය ඇතැම් අවස්ථාවල ප්‍රතික්ෂේප කර තිබේ. නාත්තන්ඩිය ප්‍රදේශයේ උපන්නෙකු බව කියන ලොකුවිතාන පසුගිය රජය සමයේ සජින් වාස් ගුණවර්ධන විසින් හිටපු ජනපති රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දුන් බවද කියැවේ.

ශ්‍රී ලංකා වානේ සංස්ථාව හා ලංකා ඉන්ඩස්ට්‍රිස් ගනුදෙනු සම්බන්ධයෙන් හා නිලෝනා ෆැෂන් ආයතන නිසා ඔහු ගැන කථාබහට ලක්විය. සීෂෙල්ස් රාජ්‍යය හරහා සැඟවුණ ආකාරයේ මුදල් ආයෝජන ඇති බවටද වාර්තා පළ විය.පසුගිය කාලයේ ලෝකයේම අවධානය දිනාගත් කළු සල්ලි ආයෝජකයින්ගේ නම් හෙළි කළ  ‘පැනමා පේපර්ස්‘හි නම් සඳහන් අතලොස්සක්වූ ශ්‍රී ලාංකිකයන් අතර නන්දන ලොකුවිතානගේ නමද විය.
හොරණ ටයර් කම්හලට ඔහු සම්බන්ධවූ බව අවසන් මොහොත වනතුරු අගමැති රනිල් දැන සිටියේ නැති බව ඇමති රාජිත පවසා සිටීමද ගැටලු මතුකරන කාරණාවකි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29307,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නන්දන ලොකුවිතාන සම්බන්ධවූ ටයර් කම්හලේ ඉදිකිරීම් අත්හිටුවෙයි
නන්දන ලොකුවිතාන සම්බන්ධවූ ටයර් කම්හලේ ඉදිකිරීම් අත්හිටුවෙයි
http://ift.tt/2j6Drw7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_200.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_200.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy