දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'මැතිවරණය ප්‍රමාදයි' - කමිටු වාර්තාවෙන් පසු වෙන දේ මෙන්න
Homeප්‍රවෘත්ති

'මැතිවරණය ප්‍රමාදයි' - කමිටු වාර්තාවෙන් පසු වෙන දේ මෙන්න

PropellerAds

පළාත් පාලන සීමා නිර්ණය අභියාචනා කමිටු වාර්තාව අද(16) පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත භාරදීමට නියමිතය. එම කමිටු ස...

කන්‍යාවියන් 72 පමණක් නොවේ.. මරාගෙන මැරෙන අන්තවාදීන්ට ස්වර්ගයේදී ලැබෙන සැප 05 මෙන්න
මේ රටේ කොදු නාරටිය ‌‌බෞද්ධ දර්ශනයයි - කාදිනල් හිමි
ලංකාවේ මීලග ජනාධිපති සජිත්…මෛත‍්‍රිගේ සහායත් ඔහුටයි - ඉන්දීය මාධ්‍ය හෙලි කරයි
'මැතිවරණය ප්‍රමාදයි' - කමිටු වාර්තාවෙන් පසු වෙන දේ මෙන්න

පළාත් පාලන සීමා නිර්ණය අභියාචනා කමිටු වාර්තාව අද(16) පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත භාරදීමට නියමිතය.

එම කමිටු සභාපති අශෝක පීරිස් මහතා පැවසූයේ සීමා නිර්ණ අභියාචනා කමිටු වාර්තාව හෙට දිනයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත බාරදෙන බවයි. 

වාර්තාව සඳහා මේ වන විට කමිටු සාමාජිකයන් සිව් දෙනෙකු අත්සන් තබා ඇති බව අශෝක පීරිස් මහතා සඳහන් කළේය. 

සීමා නිර්ණ අභියාචනා කමිටු වාර්තාව පසුගියදා විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත බාරදීමට ගිය අවස්ථාවේ සාමාජිකයන් දෙදෙනෙකු ඊට අත්සන් තබා නොමැති බැවින් එම වාර්තාව බාරගැනීම අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

කමිටු සාමාජිකයන් සියලුදෙනාගේ අත්සන් සහිතව වාර්තාව බාරදෙන්නේ නම් සීමා නිර්ණයන් කඩිනමින් ගැසට් කර මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

එජාප අත්සන ඇතුව හෝ නැතුව සීමා නීර්ණ වාර්තාව ඇමතිට

කෙසේවෙතත් සීමානිර්ණය අභියාචනා කමිටුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජිතයා වන ඒ.එස්.එම්.මිස්බා මහතා අද දිනය වන විටත් අදාළ වාර්තාවට අත්සන් තබා නොමැති බව වාර්තා වේ.

ඔහුගේ අත්සන නොමැතිව හෝ අමාත්‍යවරයා වෙත අද දිනයේ සීමා නිර්ණ අභියාචනා කමිටු වාර්තාව බාරදීමට තීරණය කළ බව කමිටු සභාපති අශෝක පීරිස් මහතා සඳහන් කළේය.

ඡන්දේ තැබීමේ බොලේ අපේ අතේ නෙමෙයි 

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ පවතින තත්ත්වය තුළ එළැඹෙන අප්‍රේල් 30 වැනිදාට පෙර මැතිවරණයක් පැවැත්වීම අපහසු බවයි.

මැතිවරණ ක්‍රියාවලිය සදහා තරුණ හා කාන්තා දායකත්වය වර්ධනය කර ගැනීමෙහිලා ජනමාධ්‍යකරුවා සතු කාර්යභාරය මැයෙන් ඊයේ (16) කොළඹදී පැවැති සාකච්ඡාවකදී මහින්ද දේශප්‍රිය මහතා මෙම අදහස් පළ කළේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා තමන් දැනටමත් ඡන්ද පොල සියල්ල තීරණය කර අවසන් බවත් මැතිවරණ සීමා නීර්ණය කමිටුවේ වාර්තාව භාරදීම පමාවීම මැතිවරණ කොමිසමට අදාළ කරුණක් නොවන බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ඕනෑම මැතිවරණයක් නියමිත දිනයට නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් බවද එහි ප්‍රතිඵලය සර්වජන ඡන්ද බලය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීම විය හැකි බවද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.   

අද දිනයේ සීමා නිර්ණ වාර්තාව භාරදුන් පසු සිදුවන ක්‍රියාවලිය පිළිබඳ මහින්ද දේශප්‍රිය මහතා මෙසේ පැවසී ය.

“එතනින් එහාට අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරන්න් ඕන ඒ වාර්තාව. අංක දෙක එතුමා නිකුත් කරන්න ඕන සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනය සංශෝධනය කරන්න ඕන. අනිවාර්යයෙන් කාන්තා නියෝජනය ගැසට් කරන්න ඕන. ඒ තුන කළහම අමාත්‍යවරයාගේ තියෙන අමාත්‍යමය කාරණ තුන ඉවරයි. ගැසට් පත්‍රය හරහා අපට පුළුවන්ද අඩුපාඩු තියෙද්දී ඡන්ද තියන්න කියලා බලමු. මොකද අපිට ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ සම්බන්ධයෙන් නඩු දෙකක් විභාග වෙනවා. අපිට ඉහළින් ඉන්නේ පාර්ලිමේන්තුව හා අධිකරණය පමණයි. ඒ දෙකට පුළුවන් අපිට නියෝගයක් දෙන්න මේ විදියට ඡන්දෙ තියන්න කියලා. අපි වගකියන්නේ ඒ දෙකටත් හෘද සාක්කියටත් පමණයි. සංශෝධන ආවේ නැත්නම් අර ගැසට් ටික ආවොත්. අපට ඉලෙක්ෂන් එක තියාගන්න පුළුවන්ද කියලා බලනවා ගැසට් නිවේදනයක් දාලා.“

“අපේ අතේ නෙමෙයි ඡන්දේ තැබීමේ බොලේ තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම පළාත් පාලන අමාත්‍යාංශය සතු දෙයක්. ඇත්තටම පාර්ලිමේන්තුවටත් නෑ ඒක. හැබැයි පාර්ලිමේන්තුවට පුළුවන් ඒකට උඩින් නව පනතක් සම්මත කරලා මේකා ඕනනම් පරණ ක්‍රමයට තියෙනවා නැත්නම් කොට්ඨාශ ක්‍රමයට කියලා. අනිත් පැත්තෙන් බැලුවොත් සභා 130ක් තියෙනවා. කිසිදු සංශෝධනයක් වෙච්ච නැති.  ඒවා තැබීමට අවශ්‍යයි කියලා තමයි අපේ මතය.“ මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසී ය.

ඡන්දය කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහයක්?

කෙසේ වෙතත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ අශෝක පීරිස් කමිටුවට ව්‍යාජ චෝදනා එල්ල කොට ඡන්දය කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කළ යුතු බවයි.

සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටු වාර්තාවේ දෝෂ ඇති බව දක්වමින් වැරදි සහ නොමග යවන සුළු පුවත් සංවිධානාත්මක ලෙස පළ කිරීමට ආණ්ඩුව හා සම්බන්ධ කණ්ඩායමක් උත්සහ දරමින් සිටින බවත්  ඔවුන් විසින් මේ වන විට අශෝක පීරිස් කමිටු වාර්තාවේ දෝෂ ඇතැයි දක්වමින් ජනමාධ්‍ය වෙත නිවැරදි නොවන තොරතුරු සංවිධානාත්මකව ලබාදීමක් සිදු කරනු ලබන බවත් එම නිවේදනයේ දැක්වේ.

සීමා නිර්ණය සම්බන්ධයෙන් සංවිධානාත්මකව පළ කරනු ලබන තොරතුරු සම්බන්ධයෙන් කැෆේ සංවිධානය පහත නිරීක්ෂණ ඉදිරිපත් කර තිබිණි.

1. සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටුවේ විෂය පථයට අයත් නොවන නමුත් දිගු කාලීනව මෙරට පලාත් පාලන විෂය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන මැතිවරණ කේෂ්ත්‍රයේ විශේෂඥයින් විසින් හදුණාගෙන ඇති කරුණු කිහිපයක් පවතී. ඒ කිසිවක් පළාත් පාලන ඡන්ද විමසීම සදහා බාධාවක් නොවේ. ඒවා මැතිවරණ කල් දමා ගැනීමේ උත්සාහයට හේතු වශයෙන් යොදා ගැනීම ලැජ්ජා සහගතය. අද දින ‘දිනමිණ‘ හා ‘දිවයින‘ පුවත්පත් හි පළ වු තොරතුරු සියල්ලම පාහේ ‘අශෝක පීරිස් මහතා ප්‍රමුඛ සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටුව‘ විසින්ම ස්වකීය විෂය පථයට අයත් නොවන එහෙත් එකි කමිටුවට බලය නොමැති එහෙත් ආණ්ඩුව හා පාර්ලිමේන්තුව විසින් විසදිය යුතු ගැටළු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ ඉල්ලීම පරිදි අශෝක පීරිස් කමිටුව විසින් අගමැතිවරයා වෙත ලබා දුන් ලේඛණයකින් උපුටා ගෙන ඇත.  එම කරුණු පෙන්වා දී ඇත්තේ අශෝක පීරිස් කමිටුවට විසදිය නොහැකි ජයලත් - රවී දිසානායක කොමිෂන් සභාව විසින් විසදිය යුතුව තිබු ගැටළු සම්බන්ධයෙන් හා පාර්ලිමේන්තුව ක්‍රියා කළ යුතු 5% අවම ඡන්ද ප්‍රතිශතය වැනි නීති සම්බන්ධයෙනි. 

2. එවකට පැවති මැතිවරණ දෙපාර්තමේන්තුව, මැතිවරණ නිරීක්ෂකයින් සහ මෙරට මැතිවරණ කේෂ්ත්‍රයේ දැනුම ඇති පුද්ගලයින් විසින් 2012 සිට සිදු කළ අධ්‍යයනයන් අනුව මෙම පලාත් පාළන ආයතනවල සංයුතිය වෙනස් කිරීම, සභික සංඛ්‍යාව තීරණය කිරීම, සහ ශ්‍රේණිගත කිරීම ජයලත් -රවී දිසානායක කොමිෂන් සභාවේ හා පළාත් පාලන අමාත්‍යවරයාගේ සහ ආණ්ඩුවේ රාජකාරියකි. එම කරුණ  සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටුව සතු බලතල නොවේ.  මෙම වෙනස්කම් සියල්ල දැන් පලාත් පාලන අමාත්‍යාංශය විසින් හෝ පාර්ලිමේන්තුවේ නීති මගින් සිදු කළ යුතු වේ.

3. සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටුව වෙත අමාත්‍යවරයා විසින් බලය පවරා තිබුණේ ‘කොට්ඨාශවල නම වෙනස් කිරීම, අංක වෙනස් කිරීම, කොට්ඨාශවල මායිම් වෙනස් කිරීම‘ යනා දී වගකීම් කිහිපයක් පමණී.

4. සීමා නිර්ණය  අභියාචන විමර්ශන කමිටුව එජාපය, ශ්‍රීලනිප, ජවිපෙ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයින් එක් අයෙකු බැගින් සහ සභාපති වශයෙන් විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ අශෝක පීරිස් මහතා ඇතුලත් කර සකස් කරන ලද කමිටුවකි.  මේ වන විට එම වාර්තාවට අත්සන් තබා නැත්තේ එජාපය නියෝජිත අබ්දුල් සත්තාර් එම්. මිස්බා මහතා පමණී.  එජාප නායකත්වය පළාත් පාලන ඡන්ද විමසීම කල් දමා ගැනීම සදහා සිය කමිටු සාමාජිකයා හරහා උත්සහ දරන බව කැෆේ සංවිධානය අවස්ථා ගණනාවක දී පෙන්වා දී ඇත.  

5. මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අනිවාර්ය හා අත්‍යවශ්‍ය සාධකයකි.  85 වසරක ලංකා මැතිවරණ ඉතිහාසයේ සෑම අවස්ථාවක දීම නිදහස් මැතිවරණ පවත්වා ඇත. මහජන නියෝජිතයින් නොමැති යාන්ත්‍රණයක් තුල ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය නොහැකිය.

විවිධ උපක්‍රම භාවිත කරමින් පක්ෂ කිහිපයක දේශපාලන අවශ්‍යතා මත පළාත් පාලන ඡන්ද විමසීම කල් දමා ගැනීමේ උත්සාහයට මේ වන විට ආණ්ඩුව සෘජුව නායකත්ව ලබා දෙමින් තිබේ. සීමා නිර්ණය කමිටුව පෙන්වමින් මැතිවරණ කල් දමා ගැනීමට පලාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා ද, දැන් එජාප ය දක්වන උත්සාහය කැෆේ සංවිධානය දැඩිව හෙලා දකින අතර සීමා නිර්ණය කමිටු වාර්තාව අත්සන් තැබීම සදහා එජාප නියෝජිතයාට බලපෑම් කරන ලෙස සියලු සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ වෙතින් ඉල්ලා සිටිමු.

එමෙන්ම, අශෝක පීරිස් කමිටු වාර්තාවට ඇතුලත් නොවූ එහෙත් සලකා බැලිය යුතු කරුණු පිළිබදව ලබා දුන් විශේෂ වාර්තාව සදහා කරුණු උපයෝගි කර ගනිමින් කමිටු වාර්තාවේ වැරදි ඇති බවට කරනු ලබන අසත්‍ය ප්‍රචාරය වැලැක්වීමට පියවර ගන්නා ලෙස සියලුම ජනමාධ්‍ය වෙතින් සහ සමාජ මාධ්‍ය ජාලා වෙතින් කැෆේ සංවිධානය කරුණාවෙන් ඉල්ලා සිටී.

කෙසේ වෙතත් අවස්ථා කිහිපයකදීම සීමා නිර්ණය අභියාචනා කමිටුවේ සභාපතිවරයා විසින් කමිටු වාර්තාව අමාත්‍ය ෆයිසර් මුස්තාපා වෙත භාරදීමට උත්සාහ කළද එය භාරදීමට නොහැකි විය. 

අශෝක පීරිස් කමිටුවේ වාර්තාවට එක් සාමාජිකයකු අත්සන් නොතැබීම හේතුවෙන් එය අමාත්‍යවරයාට භාරදීම මේවනවිට පමා වී තිබේ.

කමිටු වාර්තාව භාරදීමට දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමද දිගින් දිගටම ප්‍රමාද වෙමින් පවතී.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'මැතිවරණය ප්‍රමාදයි' - කමිටු වාර්තාවෙන් පසු වෙන දේ මෙන්න
'මැතිවරණය ප්‍රමාදයි' - කමිටු වාර්තාවෙන් පසු වෙන දේ මෙන්න
http://ift.tt/2iGE4L2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_164.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_164.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy