මැණික් ව්‍යාපාරික නිමල් පතිරණ මහමග වැටී සිටියදී හමුවේ අතුරුදන්වීම නිසා පසුගියදා ආන්දෝලනයක් ඇති වුණ සුප්‍රකට මැණික් ව්‍යාපාරික නිමල් පති...
මැණික් ව්‍යාපාරික නිමල් පතිරණ
මහමග වැටී සිටියදී හමුවේ
අතුරුදන්වීම නිසා පසුගියදා ආන්දෝලනයක් ඇති වුණ සුප්‍රකට මැණික් ව්‍යාපාරික නිමල් පතිරණ මහතා ඔහු අතුරුදන්වූ කළුබෝවිල රෝහලේ සිට කිලෝ මීටරයකට ආසන්න දුරක කළුබෝවිල ප්‍රදේශයේම හාමතේ ගිලන්ව ඇදවැටී සිටියදී ඊයේ (30) සවස සොයාගෙන තිබේ.
මීට සතියකට පෙර
පසුගිය 23 වනදා රෝහල්ගතව සිටියදී අතුරුදන්වූ ඒ මහතා සෙවීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා පරීක්ෂණ කරමින් තිබිණි. ඔහුගේ මානසික තත්වය ව්‍යාකූල වීම මත සිහි මද ගතියෙන් රෝහලෙන් පිටවගොස් පාරවල් ගානේ ඇවිදිමින් සිටින්නට ඇති බවත් අනතුරුව
ඔහු සිහිසුන්ව පාරේ ඇදවැටී සිටි අවස්ථාවේ අසල්වාසීන් ඔහුට උපකාර කර තිබුණ අතර පොලිසියට දැනුම්දීමෙන් පසුව ඇවිත් කළ විපරමේදී මෙම තැනැත්තා පසුගිය සතියේ අතුරුදන්වූ නිමල් පතිරණ මහතා බව අනාවරණය විය.
මේ වනවිට ඔහුව නැවත කළුබෝවිල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙමින් පවතී.
ලංකාවේ මැණික් කර්මාන්තය ලෝකය තුළ ප්‍රචලිත කිරීමට පුරෝගාමී මෙහෙවරක් සිදු කළ නිමල් පතිරණ මහතාගේ අවසන් කාලය ලෙඩ රෝග වලට ගොදුරුවී මේ ආකාර අනාරක්ෂිත තත්වයට පත්ව තිබීම ඇතැමුන්ගේ විමතියට හේතුවී තිබේ.
විවාහ දෙකකින් දරුවන් කිහිපදෙනෙකුද සිටින ඔහුව පුද්ගලික රෝහලකට අතුළත් නොකර රජයේ රෝහලක තබාගැනීම ගැනද මින් ඉහත ලිපියේ පාඨකයින් විමතිය පළ කර තිබුණි. සිහිමද ගතියෙන් ඇවිදින රෝග ලක්ෂණ සහිත කෙනෙකු නිසා ඔහුව බලාගන්නට කෙනෙකු සමග රජයේ රෝහලේ නතර කරන්නට උත්සාහ ගෙන නොතිබීමද ගැටලුකාරීය.
හොඳ සිහියෙන් සිටි කාලයේදී නිමල් පතිරණ මහතා දිවයිනේ විහාරස්ථාන වැඩිම ප්‍රමාණයකට බුදු පිළිම දායක කරදී පින්කම් සිදු කළ අයෙකි.
COMMENTS