සෞදි ආරාබියේ රියාද් නගරයේ වසර දෙක හාමාරක කාලයක් ගෘහ සේවයේ රැඳී සිටි මස්කෙළිය ග්ලැන්ටිල් වතුයායේ පදිංචි සුබ්‍රමනියමි පුෂ්පලිලා නමැති 40 හැවි...
සෞදි ආරාබියේ රියාද් නගරයේ වසර දෙක හාමාරක කාලයක් ගෘහ සේවයේ රැඳී සිටි මස්කෙළිය ග්ලැන්ටිල් වතුයායේ පදිංචි සුබ්‍රමනියමි පුෂ්පලිලා නමැති 40 හැවිරිදි තිදරු මව මීට දින05 කට ප්‍රථම කිසිදු වැටුපක් නොලබා පෙරේදා (09) යළි දිවයිනට පැමිණ තිබේ.
පසුගිය 2014 වසරේ අගෝස්තු මස 20 වැනි දින කුරූණෑගල ප්‍රදේශයේ පෞද්ගලික විදේශ රැකියා ඒජන්සියක් මාර්ගයෙන් ගෘහ සේවයට ගිය තමාට එම ඒජන්සිය විසින් මෙරටින් පිටවන අවස්ථාවේ රුපියල් 35,000ක මුදලක් ලබාදුන් බවත් ඉන් අනතුරුව එජන්සියේ හිමිකරු හෝ ගෘහ සේවයේ රැදි සිටි රියාද් නගරයේ නිවසේ හිමිකරු හෝ කිසිදු වැටුපක් ලබා නොදුන් බවත් ඇය කියාසිටී.
ගෘහ සේවයට ගිය දින සිට නැවත මෙරටට පැමිණෙන තෙක් තම දරුවන් පිළිබඳ කිසිදු තොරතුරක් ලබා ගැනීමට නිවසේ හිමිකරු තමන්ට අවස්ථාවක් ලබා නොදුන් බවත් තමන් ගෘහ සේවයට ගොස් මාස 08 කින් තම සැමියා මියගිය බවත් තමන් නොදන්නා බවත් පුෂ්පලිලා මහත්මිය තවදුරටත් අදහස් දක්වමින් කියාසිටියාය.
ඇගේ ගැහැණු දරුවන් 03 දෙනා ඇයගේ මව යටතේ සහ ඥාතින්ගේ උදව් උපකාර හා රැකවරණය ලබමින් ජිවත් වී ඇති අතර ඉන් වැඩිමහල් දියණිය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටී.
තමන් පිළිබදව කිසිදු තොරතුරක් නොලද නිසා තම ඥාතින් විදේශ සේවා නියුක්ති කාර්යංශයට ගොස් පැමිණිලි කිරිමෙන් පසු රියාද් නගරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් එරට පොලිසිය සමග පැමිණ නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන තමන්ව තානාපති කාර්යාලය වෙත ගෙන ආ බවත් නිවසේ හිමිකරු විසින් පසුව ලබා දුන් ගුවන් ප්‍රවේශ පත්‍රයක් මත කිසිදු වැටුපක් නොලබා යළි දිවයිනට පැමිණි බවත් ඇය පැවසීය.
පුෂ්පිලා මහත්මිය වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමා සෞදියේ සේවය කළ කාලය තුළ ලැබිය යුතු වැටුප තමා වෙත ලබාදීමට කටයුතු සලසා දෙන ලෙසයි.
ඡායාරූප පහතින්
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS