දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පෞද්ගලික බස් ජන සතු කිරීමේ සැලසුමක්? 
Homeප්‍රවෘත්ති

පෞද්ගලික බස් ජන සතු කිරීමේ සැලසුමක්? 

PropellerAds

යළි වැඩ වර්ජනයක් ආරම්භ කළ හොත් දින 03 කට පසු බස් රථ බලපත්‍ර අහෝසි කර නව බලපත්‍ර ඉල්ලුම්කරුවන්ට නිකුත් කළ යුතු බවත් නැතිනම් සියළුම පෞද්ගලික...

අප්‍රිකානු කලාපය සමඟ ආර්ථික සබඳතා පුළුල් කර ගැනීමට රවීගෙන් යෝජනාවක්.
Day Care සඳහා ජාතික මාර්ගෝපදේශයක්.
ඉන්ධන බවුසර් 15 ක් කොලොන්නාවෙන් පිටවෙයි
පෞද්ගලික බස් ජන සතු කිරීමේ සැලසුමක්? 

යළි වැඩ වර්ජනයක් ආරම්භ කළ හොත් දින 03 කට පසු බස් රථ බලපත්‍ර අහෝසි කර නව බලපත්‍ර ඉල්ලුම්කරුවන්ට නිකුත් කළ යුතු බවත් නැතිනම් සියළුම පෞද්ගලික බස් රථ රජයට පවරා ගත යුතු බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ පසුගියදා බේරුවල පයාගල ක්‍රීඩාංගණයේ දී පැවැති රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය කළ "ස්ව ශක්ති මාතා” වැඩසටහනට එක්වෙමිනි.

“රුපියල් 25,000 දඩ මුදල ඉවත් කරන ලෙස ඉල්ලා බස් රථ සේවකයින් යළි වැඩවර්ජනයක් ආරම්භ කරන බව ප්‍රකාශ කර තිබෙනවා. මම කියන්නේ යළි වැඩ වර්ජනයක් ආරම්භ කළ හොත් දින 03 කට පසු බස් රථ බලපත්‍ර අහෝසි කර නව බලපත්‍ර ඉල්ලුම්කරුවන්ට නිකුත් කළ යුතු බවයි. නැතිනම් සියළුම පෞද්ගලික බස් රථ රජයට පවරා ගත යුතුයි” යැයිද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා "මහා මාර්ගය තුල වැරදි කරන රියදුරන්ට එරෙහිව අයවැය යෝජනා මගින් පැන වූ රුපියල් 25,000 ක දඩ මදල අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. ජනප්‍රිය සටන් පාඨ වලට මුවා වී මම කටයුතු කරන්නේ නැහැ. මත්පැන් පානය කර, රියදුරු බලපත්‍ර නොමැතිව වාහන ධාවනය කර සිදුවන අනතුරුවලින් මියයන ජීවිත වල වටිනාකම රුපියල් 25,000 ට වඩා වටිනවා. එම නිසයි මෙම දඩ මුදල අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු බව මම ප්‍රකාශ කරන්නේ. රටක විනයක් නැතිනම් වැඩක් නැහැ. විනයක් ක්‍රීයාත්මක කළ යුතුයි. කැබිනට් මණ්ඩලයේ දී ද මම රුපියල් 25,000 දඩ මුදල අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව මම ප්‍රකාශ කළා. මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් නීති රීති ගෙන ආ යුතුයි.” 

"ජාත්‍යන්තර දුෂණ වීරෝධී දිනය පසුගියදා යෙදී තිබුනා. රාජපක්ෂ පවුල සිදු කළ දුෂණ වංචා පිළිබද පරීක්ෂණ තවදුරටත් සිදු වෙනවා. ධනවතුන් නොමැතිව සාමාන්‍ය ජනතාව තමයි නව රජය බිහි කළේ. එම නිසා ධනවතුන්ගේ බලපෑම් නොමැතිව මෙම රජය ඉදිරියට ගෙනයන්න පුළුවන් සරළ මිනිසෙක් ජනපති ධූරයට පත්ව සිටිනවා. රට වෙනස් කිරීමට යහපාලන රජය කටයුතු කරනවා. මෙහිදී යහපාලන රජය ලෝකය තුල පිළිගැනීමකට ලක්ව තිඛෙනවා. හාල් කිලෝව අඩු ද, වැඩි ද, ගැන සොයා නොබලා දුෂණයෙන්, භීෂණයෙන් තොර නිර්මාණය කළ රට දෙස බලන්න. දුෂණය නැති කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගනු ලබනවා. අපේ රජය තුලත් යහපාලන නොතේරෙන අය ඉන්නවා. නමුත් අපි යහපාලනය ඇති කරන තුරු අඛණ්ඩව කටයුතු කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ මල් පොහොට්ටුව පිපෙන්නේ නැති බව මම මීට පෙර ප්‍රකාශ කළා. එහි  සිටින දුෂිතයින්ට පොහොට්ටුව බදාගෙනම තම දේශපාලන ගමන ඉදිරියේ දී අවසන් කරන්න පුළුවන්.”

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පෞද්ගලික බස් ජන සතු කිරීමේ සැලසුමක්? 
පෞද්ගලික බස් ජන සතු කිරීමේ සැලසුමක්? 
http://ift.tt/2hrKmOS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_963.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_963.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy