රැග් දෙන්න ගිය අයව ගුරුවරු රැග් කර වේදනාව කියාදීලා ජ්‍යෙෂ්ඨයින් රෝහල් ගතවෙලා පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ අලකලංචිය පේරාදෙණිය විශ්ව විද්‍ය...
රැග් දෙන්න ගිය අයව ගුරුවරු රැග් කර වේදනාව කියාදීලා
ජ්‍යෙෂ්ඨයින් රෝහල් ගතවෙලා
පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ අලකලංචිය
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට ඇතුළත්වූ නවක සිසුන් පිරිසකට ජ්‍යෙෂ්ඨ සිසු පිරිසක් අමානුෂික ලෙස නවක වදය ලබාදුන් පසුව එයට ගුරුවරුන් එක්ව ජ්‍යෙෂ්ඨයින්ට ‘රිටර්න් එක‘ දුන් බව කියන සිද්ධියක් නිසා මේ වනවිට කලබලකාරී තත්වයක් හටගෙන තිබේ.
නවක සිසුන්ට නවක වදය දුන් ජ්‍යෙෂ්ඨයින්ව කැඳවා පීඨයේ විනය පාලක හා ආචාර්ය මණ්ඩල නියෝජිතයින් ඔවුන්වද රැග් එකට සමාන දඩුවමකට ලක්කර තිබෙන අතර
මේ ගැන නිවේදනයක් නිකුත් කරන ශිෂ්‍ය සංගමය සිද්ධිය විස්තර කර ඇත්තේ
‘පශු වෛද්‍ය ශික්ෂණ රෝහල තුළ පැය 2 කට වැඩි කාලයක් ශිෂ්‍යාවන්ගේ අත් ඔසවා තබා
සහෝදර ශිෂ්‍යන් දණ ගස්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පරුෂ වචනයෙන් තර්ජනය කරමින් විවිධ ඉරියව් නිරූපණය කිරීමට බල කරමින් වීඩියෝ ගත කිරීමද සිදු කර ඇත.‘ යනුවෙනි.
පසුව ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනකු තමන්ට ශාරීරික හා මානසික පීඩාවන් එල්ලවූ බව කියමින් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව පසුව ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.
ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවක් සහ සිසුන් දෙදෙනෙකු රෝහල් ගතවූ බවත් දැඩි මානසික කම්පනයකට ඔවුන් ලක්වූ බවත් සංගමය දන්වා තිබුණි.
නවක වදය දුන්නාට දඩුවමක් ලෙස මෙම ප්‍රතිප්‍රහාරය දියත් කළේ සරසවි පීඨයේ විනය පාලක මහාචාර්යවරයා සහ තවත් මහාචාර්යවරියක සහ පශු වෛද්‍ය වරයෙකු සමග එක්වූ අවසන් වසරේ සිසුන් හතර දෙනෙකු බව සංගමය චෝදනා කරන අතර එය අමානුෂික ප්‍රහාරයක් ලෙස ඔවුන් හෙළාදැක තිබේ.
මේ පිළිබඳව සොයාබැලීමේදී පශු වෛද්‍ය පීඨය තුළ ඉතා තදින් නවක වදය පවතින බවත් මේ හේතුවෙන් පසුගිය වසර හතරක කාලය තුළ සිසු සිසුවියන් 06 දෙනකු පාඨමාලාව අතහැර ගොස් තිබෙන බවත් අනාවරණය වන අතර මෙම නවක වදය වසර පුරාම විටින් විට පැවතීම හේතුවෙන් විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට ඇතුළුවන සිසුන්ගෙන් 90 % ක් පමණම පළමු වසරේ විභාගය අසමත් වන බවත් ජ්‍යෙෂ්ඨ සිසුන් නවකයින්ට පළමු වසර තුළ නිසි අධ්‍යාපනයක් සිදු කරගෙන යෑමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් වාර්තා විය.
මෙම ‘ප්‍රතිප්‍රහාරය‘ ගැන අදහස් දක්වන ආචාර්ය වරුන් පවසන්නේ අවවාද කිරීමක් හැර කිසිදු අකාරය ශාරීරික පීඩාවක් සිසුන්ට සිදු නොකළ බවයි. කෙසේ වෙතත් මේ
සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල උපකුලපතිවරයා මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එයට රුකුලක් ලෙස පරීක්ෂණ අවසන් කරනතුරු විනය පාලක තනතුර දැරූ මහාචාර්යවරයා වෙනුවට වෙනත් අයෙකු පත් කර ඇත.
පහත පළවන්නේ ශිෂ්‍ය සංගමය මෙම සිද්ධියෙන් පීඩාවට පත්වූ අයගේ යයි දක්වා එවූ ඡායාරූපයි

COMMENTS