ශී‍්‍ර ලංකාවේ නව ආයෝජන රැසකට මැලේසියාව සූදානම් බව මැලේසියා අග‍්‍රමාත්‍ය අබ්දුල් රසාක් මහතා පවසයි. මැලේසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධි...
ශී‍්‍ර ලංකාවේ නව ආයෝජන රැසකට මැලේසියාව සූදානම් බව මැලේසියා අග‍්‍රමාත්‍ය අබ්දුල් රසාක් මහතා පවසයි.
මැලේසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ මැලේසියා අග‍්‍රාමාත්‍ය අබ්දුල් රසාක් මහතා අතර නිල හමුව අද (16) පෙරවරුවේ මැලේසියා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරුණු අතර එහිදී මැලේසියා අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.
ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා පිළිගැනීමට ඉතා අලංකාරවත් පිළිගැනීමේ උත්සවයක් අග‍්‍රාමාත්‍ය කාර්යාල පරිශ‍්‍රයේ දී සංවිධානය කර තිබු අතර හමුදා උත්තමාචාර සහිතව ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය.
ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගත් මැලේසියා අග‍්‍රාමාත්‍යවරයා රතු පලස මතින් ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා එරට අග‍්‍රාමාත්‍ය කාර්යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය. අනතුරුව නායක දෙපළ නිල සාකච්ඡා සඳහා එක් වූහ.
ඉන් අනතුරුව ශී‍්‍ර ලංකාව සහ මැලේසියාව අතර ද්වි පාර්ශවික සාකච්ඡා ආරම්භ කෙරුණු අතර විදේශ රැකියා, තරුණ සංවර්ධන, සංචාරක, සංස්කෘතික හා කෘෂිකාර්මික ක්ෂේත‍්‍රවලට අදාළ ගිවිසුම් 05 කට එහිදී දෙරටේ නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ රට තුළ සංහිඳියාව ගොඩනැඟීම සහ ස්ථාවර ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම යන කරුණු දෙක තම ප‍්‍රමුඛ අභිලාෂයන් බවයි.
රටේ සංහිඳියා වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට රජය කැපවී සිටින අතර ස්ථාවර ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම සඳහා සියලු හිත මිතුරු විදේශ රාජ්‍යයන්හි සහය ලබා ගනිමින් කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
ශී‍්‍ර ලංකාව සහ මැලේසියාව අතර අත්සන් තැබුණු නව ගිවිසුම් තුළින් දෙරට අතර සංචාරක, අධ්‍යාපන සහ කෘෂිකර්ම මෙන්ම විදේශ රැකියා ක්ෂේත‍්‍රවල නව සබඳතා රැසක් ගොඩනැගෙනු ඇති බව පැවසු ජනාධිපතිවරයා ලංකාවේ සිසුන්ට මැලේසියාව තුළ අධ්‍යාපනය ලැබීමේ අවස්ථා පුළුල් කිරීමේ නව ක‍්‍රමවේදයක් සකසන ලෙස ද මැලේසියා අග‍්‍රාමාත්‍යවරයා වෙත යෝජනා කළේය.
වසර 09 කට පෙර කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමා මැලේසියාවේ සිදුකළ නිල සංචාරය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා මැලේසියාව කෘෂිකාර්මික වශයෙන් ලබා ඇති ප‍්‍රගතිය එහිදී තමා සියැසින් දැකබලාගත් බවත් ශී‍්‍ර ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මැලේසියාවේ තාක්ෂණික සහය අපේක්ෂා කරන බවත් කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ මැලේසියා අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ අද ශී‍්‍ර ලංකාවේ සහජීවන සහ සංහිඳියා වැඩපිළිවෙළ මුළු ලෝකයේම අවධානයට ලක්ව ඇති බවයි.
ශී‍්‍ර ලංකාව සමඟ අයෝජන සහ වෙළෙඳ අවස්ථා සෑම ක්ෂේත‍්‍රයක් තුළින්ම වැඩිදියුණු කර ගැනීම මැලේසියාවේ අපේක්ෂාව බව පැවසු මැලේසියා අග‍්‍රාමාත්‍යවරයා ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ඕනෑම අවස්ථාවක සහය දැක්වීමට සුදානම් බවද කියා සිටියේය.
එමෙන්ම තාක්ෂණික පුහුණුව සඳහා මැලේසියාව තුළ වැඩි ඉඩක් පවතින බව පෙන්වා දුන් අග‍්‍රාමාත්‍යවරයා එම ක්ෂේත‍්‍රය තුළ ශී‍්‍ර ලංකාවට සහය දැක්වීමට සූදානම් බව ද කියා සිටියේය.
දෙරට අතර සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ද මෙහිදි නායකයින් අතර සාකච්ඡාවට ලක් විය.
තම ආරාධනය පිළිගෙන මැලේසියාවේ සංචාරයක නිරතවීම පිළිබඳව මෙහිදී මැලේසියා අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත සිය විශේෂ ස්තූතිය පළ කර සිටියේය.
මැලේසියාවේ නිල සංචාරයකට ශී‍්‍ර ලාංකික රාජ්‍ය නායකයෙකුට නිල ආරාධනයක් ලැබණේ වසර 19 කට පසුව බවත්, නව රජයේ ප‍්‍රතිපත්තිවලට වටිනාකමක් ලබා දෙමින් මැලේසියා රජය සිදු කළ එම ආරාධනය පිළිබඳ තමා ස්තූතිවන්ත වන බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
ශී‍්‍ර ලංකා මැලේසියානු තානාපති සබඳතාවලට වසර 60 ක් සපිරීමේ සංවත්සරය ශී‍්‍ර ලංකාව තුළ සමරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
නුදුරු දිනකදීම නිල සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණෙන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී මැලේසියා අග‍්‍රාමාත්‍යවරයා වෙත ආරාධනා කළේය.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර, සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, කොළඹ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසාමිල් යන මහත්වරුන් ද ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් මීට එක්ව සිටියහ.
COMMENTS