අධ්‍යාපන අමාත්‍යාංශය 2017 වසරේ සිට ප්ලාස්ටික් පෙළ පොත් පාසල්වලට හඳුන්වා දීමට යන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පා.ම නීතිඥ උදය ගම්මන්පිල මහතා...
අධ්‍යාපන අමාත්‍යාංශය 2017 වසරේ සිට ප්ලාස්ටික් පෙළ පොත් පාසල්වලට හඳුන්වා දීමට යන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පා.ම නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේදී අද (26) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.
"කඩදාසිවලින් සකසා ඇති පාසල් පෙළ පොත් කල් පවතින්නේ නැත යන පදනමින් අධ්‍යාපන අමාත්‍යාංශය 2017 සිට ප්ලාස්ටික් පෙල පොත් පාසල් වලට හඳුන්වා දෙන්න යනවා. ලෝකය පුරා පාසල් පෙල පොත් විද්‍යුත් පොත් බවට පෙරලීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. නමුත් ප්ලාස්ටික් පොත් කිරීමේ ව්‍යාපෘතියක් ලෝකයේ කිසිම රටකින් වාර්තා වෙන්නේ නෑ. ඉන්දියාවේ එක් ප්‍රාන්තයක් පමණක් ප්ලාස්ටික් පෙල පොත් මුද්‍රණය කර තිබෙන බවට මට නොනිල තොරතුරක් ලැබුණා. නමුත් ඒ පිලිබඳ කිසිම විස්තරයක් අන්තර්ජාලයේ වත් නෑ" යනුවෙන් හෙතෙම පැවසීය.
"අධ්‍යාපන අමාත්‍යාංශය මේ පිළිබඳ පත් කරපු විශේෂඥ කමිටුවේ නිර්දේශය වුණේ පාරිසරික සහ සෞඛ්‍ය බලපෑම නිසි අධ්‍යනයකින් තොරව ප්ලාස්ටික් පොත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා. විශේෂයෙන්ම මෙවැනි පොත් තොගයක් ප්‍රතිචක්‍රිකරණය කිරීම දැවැන්ත ප්‍රශ්නයක්. දරුවන් දිනපතා ප්ලාස්ටික් පොත් පරිහරණයෙන් ඇති විය හැකි රෝග පිලිබඳ වෛද්‍ය අධ්‍යනයක් අවශ්‍යයි. නමුත් ඒ නිර්දේශ වලට පයින් ගහලා ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යන්න අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරලා. මේ වගේ අමන වැඩ කරන්න එපා කියලා අපි අධ්‍යාපන බලධාරින්ගෙන් ඉල්ලනවා." යැයි හෙතෙම වැඩි දුරටත් අදහස් දැක්වීය.
COMMENTS