දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ලෝක සිතියමේ ලේ පැල්ලමක් වූ ශ්‍රී ලංකාව ඉන් මුදා ගත්තේ වත්මන් ආණ්ඩුවයි" - ඇමැති මංගල
Homeප්‍රවෘත්ති

"ලෝක සිතියමේ ලේ පැල්ලමක් වූ ශ්‍රී ලංකාව ඉන් මුදා ගත්තේ වත්මන් ආණ්ඩුවයි" - ඇමැති මංගල

PropellerAds

ලෝක සිතියමේ ලේ පැල්ලමක් බවට තිබූ ශ්‍රී ලංකාව ඉන් මුදාගෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජාත්‍යන්තර අපරාධකරුවකු බවට පත්වීමෙන් වලක්වා ගත්...

20 සම්මත කරන්න යන්නේ ලංකාව සිංහල බෞද්ද රටක් කරන්නයි.. ඒකට ඉඩ දෙන්න බෑ - මනෝ ගනේෂන්
20 සම්මත කරන්න යන්නේ ලංකාව සිංහල බෞද්ද රටක් කරන්නයි.. ඒකට ඉඩ දෙන්න බෑ - මනෝ ගනේෂන්
මුදාහල රිෂාඩ්ගේ සහෝදරයා නැවත අත්අඩංගුවට ගන්න… පොලිස්පතිට පැමිණිල්ලක් !

ලෝක සිතියමේ ලේ පැල්ලමක් බවට තිබූ ශ්‍රී ලංකාව ඉන් මුදාගෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජාත්‍යන්තර අපරාධකරුවකු බවට පත්වීමෙන් වලක්වා ගත්තේ වත්මන් ආණ්ඩුව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරයාට ජාත්‍යන්තරයට ගොස් ආණ්ඩුව විවේචනය කරන්නට වුව අවස්ථාව ලැබී ඇත්තේ වත්මන් ආණ්ඩුවට පින්සිදු වන්නට බවයි.

එක්සත් ජාතික පක්ෂයේ මාතර කොට්ඨාස බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් මේ බව කියා සිටියේ ය. උත්සවය අධ්‍යාපන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) මාතර දී පැවැත්විණි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

‘‘දැන් අපි ඡන්දෙකට ලෑස්ති වෙන්න ඕනෙ. 2019 දී අපි ඡන්ද කිහිපයකට ම මූණ දෙන්න ඕනෙ. ඒ ඡන්ද 2015 තරම්ම වැදගත්. එදා කැපවූ ප්‍රමාණයට ම අපි මෙවරත් කැප වෙලා වැඩ කරන්න ඕනෙ. 2014 දෙසැම්බර් මාසය වෙද්දි අපේ රට තිබුණ තැන අපට මතකයි. එදා අපේ රට තිබුණෙ ලෝක සිතියමේ ලේ පැල්ලමක් විදියට. මොකද යුද්ධයේ දී මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ චෝදනා අපට එල්ල වෙලා තිබුණ. අපේ සහය නැතුව හෝ ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න සූදානමින් හිටියෙ. ඒ මොහොතේ තමයි අපේ නව ආණ්ඩුව පත් වුණේ. අපි ජිනීවා ගියා, නිවුයෝර්ක් ගියා. ගිහින් කිවුව අපි අලුත් ආණ්ඩුවක්, අපි වැරැදි කරපු අයට දඩුවම් කරන්න සූදානම් කියල. ඒ අනුව තමයි පරීක්ෂණ අත්හිටෙවුවෙ. එහෙම නැත්තම් අද ඔය රට රටවල්වල ගිහින් පම්පෝරි ගහන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජාත්‍යන්තර උසාවියෙන් දඩුවම් කරල. මහින්ද කියන්නෙ ලංකාවෙන් පිටට යන්න බැරි නායකයෙක් බවට පත් වෙනවා. ජාත්‍යන්තරය අපි ගැන විශ්වාසය තියල කටයුතු කළ නිසා තමයි මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට රට යන්න පුළුවන් වුණේ. හරි නම් මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පිංතූරෙට පහනක් පත්තු කරන්න ඕනෙ. පැත්තකින් මගෙ පිංතූරයක් තියා ගත්තත් කමක් නෑ. එතුමව ජාත්‍යන්තර මිනීමරුවෙක් වෙන එක නැවැත්තුවෙ අපි.”  

“එදා මහින්ද ආණ්ඩුව යටතේ අපට ජීඑස්පී ප්ලස් සහන නැති වුණා. යුරෝපා වෙළෙඳ පොළට මත්ස්‍ය අපනයනය නැවතුණා. එහෙම තිබුණ රටට අපි ජීඑස්පී සහනය යළි ලබා දුන්නා, මත්ස්‍ය අපනයනයට තිබුණ බාධා ඉවත් කළා. එහෙම කරල අපට හැකි වුණා ඉතිහාසයේ වැඩිම අපනයනය වාර්තා කරන්න.  අපි මිල සුත්‍රය සූත්‍රය හඳුන්වා දුන්න එකේ  වාසිය ජනතාවට දෙන්නේ. අවසනාවකට එදා ඉඳල ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියා. නමුත් ඒක අඩු වුණොත් ඒ වාසිය නිසැක වශයෙන් ම මේ සූත්‍රය යටතේ ලැබෙන්නේ ජනතාවට. එදා තෙල් බැරල් එක අඩුම මට්ටමට වැටිල තියෙන වෙලාවේ උසාවියෙන් මිල අඩු කරන්න කියල දීපු තීන්දුව ක්‍රියාත්මක නොකළ මහින්ද රාජපක්ෂ මහත්තයා අද මිල සූත්‍රය ගැන කතා කරනවා.  එතුමාගේ පාලන කාලේ කරපු දේවල් නැවත මතක් කරන්න අවශ්‍ය නෑ. එක පුතෙක් චීනෙට ගිහින් හඳට රොකට් යනව කිවුවා. රුසියානු ගණිකාවෝ ගෙනත් නැටෙව්වා. කොමිස් කුට්ටි අරගෙන හම්බන්තොට පාරවල් හැදුව අද පැයකට වාහනයයි දෙකයි ඒ පාරවල්වල යන්නෙ. නමුත් වැව් ටික හැදුවෙ නෑ. ගමේ සංවර්ධනය බැලුවෙ නෑ. අපි ගම්පෙරළිය වැඩසටහන වෙනුවෙන් සොයා බලද්දි  අපි ලැබුණ සංඛ්‍යා ලේඛනවලට අනුව අපට දැනෙනව ඒ සංවර්ධනය මොකක් ද කියල. ශ්‍රී ලංකාවේ වැසිකිලි නැති නිවාස සංඛ්‍යාව 231,000ක් තියෙනවා. වැවු කැඩිල, පාසල් අබලන් වෙලා. නැවු නැති වරායවල්, මොණරු එන ගුවන්තොටුපොළවල් හැදුවා.”

“1997 දී මමයි ෆවුසි ඇමැතිතුමයි දක්ෂිණ අධිවේගී මාර්ගයට මුල් ගල තිබ්බෙ. පස්සෙ අක්මීමන දී ඒකට නඩුවක් වැටුණ. ඒ නිසා වැඩ පමා වුණා. ආණ්ඩු පෙරළුණා. 2001 ආණ්ඩුවෙන් නැවත වැඩ පටන් ගත්තා. 2004 දි ආපු මහින්ද මහත්තයා මේක ඉවර කළා. අන්තිමට 1997 දි අපි තිබ්බ මුල් ගල නිල්වලා ගගට විසි කරල තමයි මේක විවෘත කළේ. අර කොළඹ නෙළුම් කුලුනට කියන්නෙ පගා කුලුන කියල. පගා ගැසීමේ සංඛේතය තමයි ඒක. පොහොට්ටුව කියන්නෙ පගාවේ සංඛේතය. එදා ආණ්ඩුවේ සියලු සුදු අලි අපි ලාභ ලබන ආයතන බවට පත් කළා. අපි කිසිවක් විකුණන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තය තමයි විකිණුවෙ. වරාය නගරයේ කොටසත් චීනයට සින්නක්කර දීල තිබුණෙ. බිම විතරක් නෙවෙයි ඒ ප්‍රදේශයට ඉහළ ගුවනත් චීනයට අයිති වෙන්න තිබුණෙ. ඒ විතරක් නෙවෙයි බැරි වෙලාවත් ස්වභාවික විපතක් වෙලා ඒ භූමියට හානියක් වුණෙත් ඒ අලාභය අපි චීනයට ගෙවිය යුතුයි. අන්න එහෙමයි ඒ ගිවිසුමේ තිබුණෙ. අපි ඒක සාකච්ඡා කරල වෙනස් කළා. ඒක විකිණීමක් නෙවෙයි. ඔස්ට්‍රෙලියාව, ප්‍රංශය වගේ රටවල් පවා මේ විදියට චීනය සමග එකතු වෙලා තමන්ගෙ ව්‍යපෘති ක්‍රියාත්මක කරනවා.”  යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ලෝක සිතියමේ ලේ පැල්ලමක් වූ ශ්‍රී ලංකාව ඉන් මුදා ගත්තේ වත්මන් ආණ්ඩුවයි" - ඇමැති මංගල
"ලෝක සිතියමේ ලේ පැල්ලමක් වූ ශ්‍රී ලංකාව ඉන් මුදා ගත්තේ වත්මන් ආණ්ඩුවයි" - ඇමැති මංගල
http://am.lk/media/k2/items/cache/1034531b0f726a88f538af6bb386747d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_1.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_1.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy