දකුණේ සිට උතුරට බෝතල් කළ රා ප‍්‍රවාහනය කිරීම හා එම රා උතුරේ විකිණීම තහනම් කරන යෝජනාවක් උතුරු පළාත් සභාව විසින් සම්මත කොට තිබේ. උතුරු පළා...
දකුණේ සිට උතුරට බෝතල් කළ රා ප‍්‍රවාහනය කිරීම හා එම රා උතුරේ විකිණීම තහනම් කරන
යෝජනාවක් උතුරු පළාත් සභාව විසින් සම්මත කොට තිබේ.
උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.අයින්කරනේසන්
කොට ඇති අතර ඊට පළාත් සභාවේ සෙසු මන්තී‍්‍රවරුන්ගේ අනුමැතියද ලැබී ඇත.
යෝජනාව ඉදිරිපත් කළ අමාත්‍යවරයා උතුරේ කාලාන්තරයක සිට කෙරෙන රා මැදීමේ වෘත්තියට දකුණේ
සිට පැමිණෙන බෝතල් කළ රා බාධාවක් වී ඇති බව පවසා ඇත.
උතුරු පළාත තුළ ස්වභාවික රා තොග ප‍්‍රමාණවත් පරිදි ඇති බැවින් දකුණේ සිට උතුරට ප‍්‍රවාහනය
කරන රාවලින් කිසිදු ප‍්‍රයෝජනයක් නොමැති බව අමාත්‍යවරයා පවසා තිබේ.
මේ පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කොට හැකි ඉක්මනින් බෝතල් කළ රා උතුරට රැගෙන ඒම
අත්හිටුවන ලෙස ඔහු සභාවට දැනුම්දී ඇත.
(වික‍්‍රම සෙනෙවිරත්න- වවුනියාව)
COMMENTS