දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොලොම්බියා සාම වැඩපිළිවෙලට ශ්‍රී ලංකාවෙන් පාඩම් ඉගෙන ගත්තා
Homeප්‍රවෘත්ති

කොලොම්බියා සාම වැඩපිළිවෙලට ශ්‍රී ලංකාවෙන් පාඩම් ඉගෙන ගත්තා

PropellerAds

කොලොම්බියා සාම ව්‍යායාමයේදී සමාජ ඒකාග්‍රතාව ගොඩ නැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කළ බවත් ඒ හා සම්බන්ධ ඇතැම් අත්දැකීම් දෙපාර්ශවය අ...

හැටදාහක් ගෙවා ගත් හෝටල් කාමරය දැඩි අපිරිසිදුයි.. දුර්ඝන්ධයි - සංචාරයකයන් පොලීසියට පැමිණිලි කරති
හැටදාහක් ගෙවා ගත් හෝටල් කාමරය දැඩි අපිරිසිදුයි.. දුර්ඝන්ධයි - සංචාරයකයන් පොලීසියට පැමිණිලි කරති
නව රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වේ - බෙදුම්වාදී කතා කියූ ශිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට ගෙන්වයි
කොලොම්බියා සාම වැඩපිළිවෙලට ශ්‍රී ලංකාවෙන් පාඩම් ඉගෙන ගත්තා

කොලොම්බියා සාම ව්‍යායාමයේදී සමාජ ඒකාග්‍රතාව ගොඩ නැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කළ බවත් ඒ හා සම්බන්ධ ඇතැම් අත්දැකීම් දෙපාර්ශවය අතර හුවමාරු කර ගත් බවත් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලත් කොලොම්බියා ජනාධිපති හුවාන් මැනුවෙල් සන්ටෝස් පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ නෝර්වේ ඔස්ලෝ අගනුවර සංවිධානය කෙරුණු නොබෙල් ත්‍යාග සම්මාන උළෙලට පෙර පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

"කොලොම්බියාවේ පැවති ගැටුම්කාරී තත්වය, ශ්‍රී ලංකාවේ පැවති තත්වයට සමානවන හෙයින් ෆාර්ක් ගරිල්ලන් (FARC) සමග ඇති කරගත් සාම ක්‍රියාදාමයට ශ්‍රී ලංකාවෙන් යම්කිසි අදහසක් ලබා ගත්තේදැයි" මාධ්‍යවේදියෙක් ජනාධිපතිවරයාගෙන් විමසා තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති සන්ටෝස් පෙන්වා දුන්නේ, කොලොම්බියා ආණ්ඩුව හා ෆාර්ක් සංවිධානය අතර පැවති සාම වැඩ පිළිවෙල සඳහා ගැළපෙන අදහස් ශ්‍රී ලංකාවෙන් ලබා ගත් බවය.

කෙසේ වෙතත් "ඒ ඒ රටවලට ආවේණික වූ තත්වයන් පවතින හෙයින් සාම ප්‍රයත්නය තුළ කොලොම්බියා රජය ශ්‍රී ලංකාව අනුගමනය නොකළ බවත්" කොලොම්බියා ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

"ඒක කොලොම්බියාවට ගැළපෙන ක්‍රියා පටිපාටියක් කියලා මම සිතන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා රජය අතර පැවති සාම සාකච්ඡා අපි අධ්‍යයනය කළා. යළි සමාජ ඒකාග්‍රතාව ගොඩනැගීම පිළිබඳ අපි ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා පැවැත්වුවා. ඒ පිළිබඳ අපට හොඳ අත්දැකීමක් තිබෙනවා. විශේෂයෙන්ම, අපි පනස් අටදාහකට අධික ගරිල්ලා සහ පැරා මිලිටරි සටන්කරුවන් යළි සමාජගත කළා." කොලොම්බියා ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පුරා අඩ සියවසක් කොලොම්බියා රජයත් ෆාර්ක් ගරිල්ලා සංවිධානයත් අතර පැවති ගැටුම් වලින් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ඇස්තමේන්තු කොට ඇත. ගැටුම් හේතුවෙන් තවත් හැට ලක්ෂයකට අධික පිරිසකට උන් හිටි තැන් අහිමි විය.

කොළොම්බියානු රජය හා ෆාර්ක් සංවිධානය අතර අත්සන් තැබුණු පළමු සාම ගිවිසුම පසුගිය ඔක්තෝබර් මස පැවති ජනමත විචාරණයේදී ප්‍රතික්ෂේප විය.

පළමු ගිවිසුම සංශෝධනය කොට යළි සැකසුණු එකඟතාවකට නොවැම්බර් මාසයේදී දෙපාර්ශ්වය අත්සන් තැබූහ.

කොළොම්බියාවේ ජනාධිපති හුවාන් මැනුවෙල් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ වසර 52ක් මුළුල්ලේ ෆාර්ක් ගරිල්ලන් සමඟ පැවති ගැටුම් නිමාකිරීමට දැරූ උත්සාහය අගය කිරීමක් වශයෙනි.

 

 

(බීබීසි සංදේශය)

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොලොම්බියා සාම වැඩපිළිවෙලට ශ්‍රී ලංකාවෙන් පාඩම් ඉගෙන ගත්තා
කොලොම්බියා සාම වැඩපිළිවෙලට ශ්‍රී ලංකාවෙන් පාඩම් ඉගෙන ගත්තා
http://ift.tt/2gNGh3Y
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_159.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_159.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy