දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ටොප් 10 හතරවැනි පැමිණිල්ල ඇමති තලතාට
Homeප්‍රවෘත්ති

ටොප් 10 හතරවැනි පැමිණිල්ල ඇමති තලතාට

PropellerAds

ඒකාබද්ධ විපක්ෂය විසින් ආණ්ඩුවේ දූෂිතයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට පැමිණිලි කිරීමට අාරම්භ කළ වැඩපිළිවෙලෙහි 04 වන ...

කැටලෝනියාවේ සෙල්ලම් හමාරයි. පාර්ලිමේන්තුව විසුරුවයි.- update
කනට ගැසූ ASPට පොලිස් කොමිසමෙන් චෝදනා පත්‍රයක්
බැඳුම්කර මගඩිය ; නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ට එරෙහි පෙත්සම 10 දා විභාගයට
ටොප් 10 හතරවැනි පැමිණිල්ල ඇමති තලතාට

ඒකාබද්ධ විපක්ෂය විසින් ආණ්ඩුවේ දූෂිතයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට පැමිණිලි කිරීමට අාරම්භ කළ වැඩපිළිවෙලෙහි 04 වන හෙළිදරව්ව අද (07) දිනයේදී අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියට එරෙහිව සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ තලතා අමාත්‍යවරියට එරෙහිව අද දිනයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කරන බවයි.

මෙම හෙළිදරව්කිරීම් හමුවේ යහපාලන ආණ්ඩුව බිය වී ඇති බවත්, ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව තුළද ටොප් ටෙන් රැස්වීමක් පසුගිය දා පැවැත්වූ බවත් ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම මෙය ඔවුන්ට මඩ ගැසීමට නිර්මාණය කර ගත්තක් බව පෙන්වා දෙන යහපාලන මැතිඅමැතිවරුන් දුරකථන ඇමතුම් ඔස්සේද මාධ්‍ය හමු ඔස්සේද හඩා වැලපීමට පටන්ගෙන ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

යහපාලන ආණ්ඩුවේ දූෂිතයින්ට එරෙහිව සිදුකරනු ලබන මෙම පැමිණිලි කිරීම්වලට අදාළව මුල්ම පැමිණිල්ල අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සිදු කළද මේ වන තෙක් ඒ පිළිබඳව කිසිඳු වග විභාගයක් සිදු කර නොමැති බවද ඔහු පැවසීය.

දූෂිතයින්ට එරෙහිව ඉදිරිපක් කරනු ලබන ලිපිගොනු දිනෙන් දින ගල් වන ස්වභාවයක් පෙන්නුම් කරන බවත්, මේ ආණ්ඩුව යටතේ ස්වාධීන කොමිෂන් සභා පත් කර ඇති මුත් ඒවායේ ස්වාධීන ලෙස පරීක්ෂණ සිදුවනවාද යන්න ගැටළු සහගත බවත් ඒ මහතා කියා සිටියේය.

පසුගිය ජනවාරි 8වැනිදා සිට ජනාධිපතිවරයාට සැබෑ ජනවරමක් ලැබුණු බවත්, එවන් පසුබිමක් තුළ මේ පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම සිදු නොකළහොත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාට අයහපත් ප්‍රතිචාරයන් ලැබෙනු ඇති බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

එමෙන්ම ටොප් ටෙන් නිල වෙබි අඩවිය අද දින විවෘත වන බවත්, ඒ ඔස්සේ සියලුම දූෂිතයින්ගේ තොරතුරු හෙළි කරන බවත් ඒ මහතා කියා සිටියේය.

තවද මෙම අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා කියා සිටියේ වර්ෂයකට ලාංකිකයින් ලක්ෂ 03ක පිරිසක් ආර්ථික අපහසුතා හේතුවෙන් විදෙස් රැකියා සඳහා පිටත්ව යන බවත් ඔවුන් වෙනුවෙන් තලතා අතුකෝරල අමාත්‍යවරියගේ මැදිහත්වීමකින් රක්ෂණ ක්‍රමයක් 2015.08.26 දින සිට හඳුන්වා දී ඇති බවත්, ඒ ඔස්සේ එක් පුද්ගලයෙකුට ඩොලර් 100ක ගල්ෆ් ජීවිත රක්ෂණයක් හඳුන්වා දී ඇති බවත්ය.

ශ්‍රී ලංකන් රක්ෂණ සමාගම විසින් ඩොලර් 60ක ජීවිත රක්ෂණයක් සමගින් ඊට වඩා ප්‍රතිලාභ ලබාදීමට කැමැත්ත පළ කර ඇති විටෙක අදාළ රක්ෂණ ක්‍රමය තලතා අතුකෝරාල මහත්මිය විසින් විදෙස් රක්ෂණ සමාගමකට පවරාදීම තුළ කෝටි 141ක මුදලක් වංචා කර ඇති බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

එනම් පසුගිය 2015.08.26 සිට මේ දක්වා කාලය තුළ 263307 පිරිසක් විදෙස්ගත වී ඇති බවත්, ඒ තුළ එක් අයෙකුලෙන් ඩොලර් 40 බැගින්  මිලියන 1500ක මුදලක් අමාත්‍යවරිය විසින් කොමිස් වශයෙන් ලබාගෙන ඇති බවත් ඒ මහතා පවසයි.

මෙය ක්‍රියාත්මක කර ඇත්තේ කුවේට් විදේශ කටයුතු අමාත්‍යංශයේ නීති රීතිවලට පටහැනිව බවද ඒ මහතා කියා සිටියේය.

මේ පිළිබඳව තමා විසින් පසුගිය නොවැම්බර් මස 30 වන දින අමාත්‍යවරියගෙන් පාර්ලිමේන්තුවේදී විමසා සිටි බවත්, ඊට එතුමියගේ සම්බන්ධයක් නොමැති බව ප්‍රකාශ කළ බවත්, ඉන් පසු පැය 24 යාමට පෙර එනම් දෙසැම්බර් මස 1 වන දින සිට එම රක්ෂණ ක්‍රමය අවලංගු කළ බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම හේතූන් පදනම් කරගනිමින් එතුමියට එරෙහිව  අද දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කරන බව ඒ මහතා ද පැවසුවේය.

එමෙන්ම මේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ වික්‍රම වීරසූරිය මහතා පසුගිය දිනෙක මාධ්‍ය හමුවකදී කඳුළු වගුරවා ඇති බවත්, ඒ මගි

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටොප් 10 හතරවැනි පැමිණිල්ල ඇමති තලතාට
ටොප් 10 හතරවැනි පැමිණිල්ල ඇමති තලතාට
http://ift.tt/2h5y1zm
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/10_7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/10_7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy