යාපන චාවකච්චේරියේ බස් වෑන් අනතුරින් නාගදීපෙ වන්දනාවේ ගිය හලාවත නඩයේ 10 දෙනෙකුගේ දිවි අහිමි වේ 2 කට බරපතලයි 21 කට තුවාල අද දහවල් 1 ට...
යාපන චාවකච්චේරියේ බස් වෑන් අනතුරින්
නාගදීපෙ වන්දනාවේ ගිය හලාවත නඩයේ
10 දෙනෙකුගේ දිවි අහිමි වේ
2 කට බරපතලයි 21 කට තුවාල
අද දහවල් 1 ට පමණ යාපනය චාවකච්චේරි -මිසාලෙයි ප්‍රදේශයේ සිදුවූ බස් වෑන් මාරක රිය අනතුරකින් ජීවිත 10 ක් අහිමිව 21 දෙනෙකු තුවාල ලැබුවා. මිය ගිය 10 දෙනාම නාගදීපයේ වන්දනා ගමන් චාරිකාවක නිරතවී සිටි මෙම වෑන් රථයේ ගමන් ගත් පිරිසවීම විශේෂිතය. ඔවුන් හලාවත මාදම්පේ ප්‍රදේශයේ
පදිංචිකරුවන් බවද වාර්තා වුණි.
වෑන් රථයේ ගමන් කළ සියල්ලන්ම මේ නිසා සිරවී බරපතල තුවාල ලැබූ අතර 10 දෙනෙකු මියගියා.
අනතුරින් තුවාල ලද පිරිස් හා මෘත ශරීර ඉවතට ගන්නට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවූ බවද වාර්තා විය. බරපතල තුවාල ලැබූ තවත් දෙදෙනෙකු යාපනය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර තුවාල ලද බස් රථයේ ගමන් කළ අය ඇතුළු තවත් 21 දෙනෙකු එම රෝහලේම ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.
COMMENTS