නාඩා සුලි කුණාටුව හේතුවෙන් ඊයේ (01) යාපනය ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයින් 10 ක් අතුරුදන්ව ඇති බවත් ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු සමග ...
නාඩා සුලි කුණාටුව හේතුවෙන් ඊයේ (01) යාපනය ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයින් 10 ක් අතුරුදන්ව ඇති බවත් ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු සමග යාත්‍රාවක් යාපනයට ගසාගෙනවිත් ඇති බවත් යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා පවසයි.
සුලි කුණාටුව යාපනයට බලපෑම සම්බන්ධයෙන් විමසීමේදී දිසාපතිවරයා මේ බව කියාසිටියේය.
එහිදී අදහස් දැක්වූ දිසාපතිවරයා,"බෙංගාල බොක්කේ දැඩි පීඩින අවපාතය නිසා අපේ දිස්ත්‍රික්කයට දැඩි බලපෑම් එල්ලවලා තියෙනවා. ඊයේ යාපනය පේදුරුතුඩුවේ ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයින් 10 ක් අතුරුදහන් වෙලා තියෙනවා. ඒ වගේම ඉන්දීය ධීවරයන් හයදෙනෙකුත් ගසාගෙන ඇවිත් සිටියදී පොලීසියට භාර දුන්නා. වර්ෂාව නිසා දැනට පවුල් 57කට අයත් පුද්ගලයින් 159 දෙනෙකුට බලපෑම් එල්ල වෙලා තියෙනවා" යනුවෙන් පැවසීය.
මේ හේතුව නිසා අද (02) දිනෙයේදී ද ධීවරයින්ට මුහුදු ගමන් යාමෙන් වැලකී සිටින ලෙස ධීවර පරික්ෂක කාර්යාල හරහා දැනුම් දී ඇත.
ඡායාරූප පහතින්.
වන්නි - රෝමේෂ් මධුෂංඛ
COMMENTS