ඊයේ (24) පස්වරුවේ මැදවච්චිය - ඉසැන්බැස්සගල ප්‍රදේශයේ ගල් වලක තිබී පුපුරණද්‍රව්‍ය ඇතුලු යුද උපකරණ රැසක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ග...
ඊයේ (24) පස්වරුවේ මැදවච්චිය - ඉසැන්බැස්සගල ප්‍රදේශයේ ගල් වලක තිබී පුපුරණද්‍රව්‍ය ඇතුලු යුද උපකරණ රැසක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලීසිය ප්‍රකාශ කරයි.
පූනෑව නාවික හමුදා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ මැදවච්චිය පොලීසිය, කැබිතිගොල්ලෑව පොලීසිය හා අනුරාධපුර පුපුරණද්‍රව්‍ය පාලන කාර්යාල නිලධාරීන්ගේ ඒකාබද්ධ සොදිසි වැටලීමකදී මෙම පුරණද්‍රව්‍ය ඇතුලු යුද උපකරණ හමු වී ඇත.
ඉසැන්බැස්සගල ප්‍රදේශයේ පිහිටි ගල් වලක සගවා තිබියදී මෙසේ සොයාගෙන ඇත්තේ ජෙලට්නයිට් කූරු 2634ක්, විදුලි ඩෙටනෙටර් 1922 ක්, විදුලි නොවන ඩෙටනේටර් 50ක්, සේවා නූල් මීටර් 6580 ක්, කලු වෙඩි බෙහෙත් කිලො 45 ක් ඇතුලු තවත් උපකරණ රැසකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන අතර කැබිතිගොල්ලෑව සහකාර පොලිස් අධිකාරී විජිත්ද අල්විස් මහතාගේ අධීක්ෂණයෙන් මැදවච්චිය ප්‍රධාන පොලිස පරික්ෂක නවරත්න අබේකොන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරික්ෂක රවින්ද්‍ර අබේරත්න හා අනුරාධපුර සහකාර පුපුරණද්‍රව්‍ය පාලන දිමුතු දේවාගම් යන අයගේ ප්‍රධානත්වයෙන් ඉදිරි පරික්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS